මහනුවර ඉන්න අය හලෝ කියන්න කලින් දෙපාරක් හිතන්න.. මෙන්න ඒ ගැන…

කාලේ ජංගම දුරකතනය පාවිච්චි කරන පිරිස සෑහෙන්න ඉහළයි… මේ කියන්න හදන්නේ ඔබ සතු වටිනා ජංගම දුරකතනයට ඇහැ ගහගෙන ඉදලා හෙමීට ගේමක් දෙන හොර කල්ලියක් ගැනයි…..

කාලේ ජංගම දුරකතනය පාවිච්චි කරන පිරිස සෑහෙන්න ඉහළයි…

මේ කියන්න හදන්නේ ඔබ සතු වටිනා ජංගම දුරකතනයට ඇහැ ගහගෙන ඉදලා හෙමීට ගේමක් දෙන හොර කල්ලියක් ගැනයි… මේ අය ගැන තොරතුරු ලැබෙන්නේ මහනුවර නගරයෙන්…

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා කල්ලියක් පිළිබඳව වාර්තාවී තිබෙන බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසනවා.

2025 වසරේ ගතවූ දින 39 තුළ ජංගම දුරකතන සොරා ගැනීම සම්බන්ධ පැමිණිලි 80ක් ලැබී ඇති බවයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසන්නේ.

මීට අමතරව පැමිණිලි නොකළ සිදුවීම රැසක් තිබෙන්නට හැකි බවද පොලිසිය පැවසුවා.

බස්‍ රථවල හා ජනාකීර්ණ ස්ථානවලදී මෙම සොරකම් සිදුකරන බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මහනුවර නගරයේ සිට තදාසන්න නගර හා ගම්ප්‍රදේශවලට යන මගී බස් රථවලදී වැඩි වශයෙන් මෙම සිදුවීම් වාර්තා වන බව පැවසෙනවා.

මෙසේ ජංගම දුරකතන සොරා ගන්නා පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් දැනටමත් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාතමකයි.

ඉතිං ඔබ මහනුවර අවට නම් ඉන්නේ ගමන් බිමන් යනකොට පරිස්සමින්… ඔබේ දුරකතනය පරිස්සම් කරගන්න…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports