සාදයේ නටමින් සිටි තරුණියකට අත් වූ අවාසනාවන්ත ඉරණම මෙන්න

විවාහ මංගල උත්සවයකට සහභගී වී නර්තනයේ යෙදෙමින් සිටිය දී තරුණියක් හදිසියේ මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මධ්‍ය ප්‍රදේශ් හි විදිෂා ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක..

විවාහ මංගල උත්සවයකට සහභගී වී නර්තනයේ යෙදෙමින් සිටිය දී තරුණියක් හදිසියේ මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

මධ්‍ය ප්‍රදේශ් හි විදිෂා ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, ජීවිතක්ෂයට පත් වූ තරුණිය වයස අවුරුදු 23ක තරුණියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි.

තරුණිය ඥාති සොහොයුරියකගේ විවාහ උත්සවයට පෙරේදා රාත්‍රියේ සහභාගී වී එම උත්සවය අතරතුර නර්තනයේ යෙදෙන අවස්ථාවේ දී මියගොස් වේදිකාව මත ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇයව වහාම පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිත් ඇය මිය ගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

මේ අතර මෙම තරුණියගේ බාල සහෝදරයෙකු ද වයස අවුරුදු 12 දී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports