මහේෂ් – සෞම්‍යා කියන්නේ අපේ බැච් එකේ හිටපු ලස්සනම කපල් එක. ලස්සනයි කියපු හේතු ගොඩක් තියෙනවා. මේ කතාව අන්තිම වෙන කොට ඒ හේතු තේරෙයි. මේ දෙන්නගේ ප්‍රේමය පාසැල් ප්‍රේමයක් මම වැරදි නැත්නම් සාමන්‍ය පෙල කාලේ වගේ පටන් ගත්ත එකක්. දෙන්නා උසස් පෙල පාස් වෙලා අපේ ජපුරේ, bcom අධ්‍යනාංශයට එනවා.
2007 මැයි 31, අපි ඔක්කොම වගේ මේ දෙන්නා එදා තමයි මුලින්ම ජපුරට ආවේ. මගේ මතකය හරි නම් මේ දෙන්නගේ පවුලේ අයත් ඒ එනකොට ඇව්ල්ලා හිටියා මේ දෙන්නව ඇරලලා යන්න. මේවා මගේ මතකයේ තදින් ඇදුනු තැන්. අවුරුදු 4 ම මේ දෙන්නා අපි දැක්කෙ එකට. කෑවේ බිව්වේ, පාඩම් කරේ,එහෙ මෙහෙ ගියේ ඔක්කොම එකට. ගොඩක් වෙලාවට දෙන්න කෑවෙ එකම කෑම එක. කන ගමන් දෙන්නා කතා කරන ගමන් හිනා වෙවී ජීවිතේ වින්දා. අපි මේවා හැමදාම දැක්කා. මම මහේශ්ට නමක් දාලා තිබ්බා “නා රජු” කියලා. ඒකට හේතුව අර සිංදුව “මැණිකක් රකිනා නා රජු විල්සේ මම ඔබ නිරතුරු රකිමි………”. මම දැක්කා මහේශ් තමන්ගේ ආදරේ වෙනුවෙන් ආදරේ කරපු විදිය, සෞම්යාව බලා ගත්ත විදිය. දෙන්නම එකට ඩිග්‍රිය ගන්නවා. ඒගොල්ලා ආදරෙන් හදා ගත්ත සහ බලා ගත්ත ජීවිතේ විවාහයකට හරව ගන්නවා. ඊට පස්සේ දෙන්න ජීවිතේ එක එක කඩ ඉම් දිනනවා. තනියම නෙමෙයි එකට. හොද රස්සාවල්, තමන්ගෙම ගෙවල් දොරවල්, ලස්සන කොලු පැටියෙක් එකතු වෙනවා, එකට කෑම හදනවා, මල් ගස් හිටවනවා, කෑම හදනවා, ලස්සන් තැන් වල ඇවිදින්න යනවා. මම මේ හැම දේම දැක්කේ ඒ දෙන්නගේ ෆේස් බුක් එකේ. පුදුම ආදරයක් ඒක.
අවුරුදු 20-25 ක ඇත්තම ආදරයක්. මම දැකපු ලස්සනම ආදර කතාවක් ඒක. මම ඇතුලු බහුතරේකගේ පාසැල් ප්‍රේමය, සරසවි ප්‍රේමය කුණාටු වලට කැඩිලා නැතිවෙලා ගියා. සමහරුන්ගෙ පසු ජීවිත- විවාහ කැඩිලා ගියා. හැබැයි මේ දෙන්නා ඒ කුණාටු වලට අහු වුනේ නෑ. ආදරෙයි, ජීවිතෙයි දෙකම දිනුවේ එකට.
ඊයේ හවස (10) මහේශ් අවාසනාවන්ත විදියට දුම් රිය අනතුරක් හින්දා ජීවිතෙන් සමු ගන්නවා. සෞම්‍යා , පුංචි පුතා එක්ක තනි වෙනවා.
ඒ දෙන්නගේ ආදරේ නැති වුනේ මරණය කියන ලෝක ධර්මතාවය හින්දා විතරයි. ෆිල්ම් වල පේන, කවදාවත් අහපු නැති ආදර කතා වලට වැඩිය මේ කතාව ලස්සනයි. ඒක ඇත්ත කතාවක්. ප්‍රබන්ධයක් නෙමෙයි. මම ඇතුලු ජපුරේ අපේ bcom බැච් එකේ සෙට් එකම ඒකට සාක්කි. මහේශ් නැතත් මේ කතාව හැමදාම තියෙයි.
මහේශ් මිත්‍රයා ඔබට සුභ ගමන්.
ජයංග වීරසේන සටහනකින්.
මහේෂ් – සෞම්‍යා කියන්නේ අපේ බැජ් එකේ හිටපු ලස්සනම කපල් එක… එයාලා කවදාවත් හිතන්නේ නැතුව ඇති මේ ආදර කතාව මේ විදිහට ඉවර වෙයි කියලා…
මහේෂ් – සෞම්‍යා කියන්නේ අපේ බැච් එකේ හිටපු ලස්සනම කපල් එක. ලස්සනයි කියපු හේතු ගොඩක් තියෙනවා. මේ කතාව අන්තිම වෙන කොට ඒ හේතු තේරෙයි. මේ..

Previous Post
Next Post
Leave a Reply
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












