ක්‍රිකට් සමග රංගනයක යෙදු දසුන් ශානක විනය කමිටුව ඉදිරියට ගේන්න ශ්‍රි ලංකා ක්‍රිකට් සැරසෙයි.

ශ්‍රි ලංකා හිටපු නායක දසුන් ශානකව විනය කමිටුව ඉදිරියට ගෙන එමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරමින් නිමා වූ ILT20 තරගාවලියට සහභාගි වෙමින් සිටි දසුන් ශානක පසුගියදා යලිත් ලංකාවට පැමිණෙන්නේ තමන් ක්‍රීඩා කරන අන්තර් සමාජ තෙදින තරගාවලියේ අන්තිම අඩියට වැටුනු ප්‍රභල SSC කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ය.

ඒ ජනවාරි 31 දින ආරම්භ වූ මුවරස් කන්ඩායම එරෙහි තරගයට ය. එහිදී මුවර්ස් කන්ඩායම ලකුණු 412/9 රැස් කල අතර SSC පිල කඩුලු පහක් ලකුණු 77කට දැවී ගොස් තිබියදී පිටියට පිවිසි ශානක වේගවත් ශතකයක් ලබා ගනිමින් සිය පිල තරමක ස්ථාවර තත්වයකට ගෙන ආවේය.

තරගයේ තුන්වන දිනයේදී (පෙබරවාරි 2) උදෑසන පන්දුවක් වැදීම නිසා දිවා ආහාරයෙන් පසු වෛද්‍ය උපදෙස් මත තරගයේ තීරක දසුන් ශානක හට විවේක ගන්නා ලෙස නියම කර තිබිණ.

එසේ ආබාධ වී විවේක ගැනීමට නියම කල ශානක ඊට පැය කිහිපයකට පසුව යලි මතු වන්නේ ඩුබායි රාජ්‍යයේ ය.
ඒ ඔහු ඒ වනවිට ක්‍රීඩා කරමින් සිටි ILT20 තරගාවලියේ ඩුබායි කැපිටල්ස් කන්ඩායම වෙනුවෙන් ඔහු පිතිකරුවෙක් ලෙස පැමිණ එදිනම රාත්‍රියේ දක්ෂතා දක්වන්නට සමත් විය.

මේ පිලිබඳ එස් එස් සී ක්‍රිකට් කමිටු ප්‍රධානී සමන්ත දොඩන්වල මහතා පවසන්නේ දසුන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ කණ්ඩායම දැනුවත්කර නොමැතිව බවයි. ඔහු මේ පිලිබඳව විනය පරීක්ෂනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි සිල්වා ගෙන් ඉල්ලා ඇති බවත් ඈෂ්ලි මහතා එය සනාථ කල බවත් සුප්‍රසිද්ධ ක්‍රීඩා සඟරාවක් වන විස්ඩන් වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇත.

  • Related Posts

    IPL යන්න නොදුන් නිසා නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පවරයි…

    IPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි

    මිත්‍රවරුනි, ඔබ කරන දේට මහන්සි වෙන්න.තවකෙක් මහන්සියෙන් උපයාගත් දේට ඉරිසියා නොකරන්න – මතීශගේ සහෝදරියගෙන් විවේචකයන්ට සැර පිළිතුරක්..!

            මෙන්න ඒ කමෙන්ට් එකේ සිංහල පරිවර්තනය: විවේචකයන්ට, දිනපතාම සදාචාරයෙන් බත්, කුකුල් මස්, එළවළු කන එක 5-10 වසරක් පුරා අඛණ්ඩව කරන්න. මත්පැන් බොන්න එපා. අඛණ්ඩ ව්‍යායාම රටාවක්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 35 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 363 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 88 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 830 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 825 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්