අති උතුම් නවම් පුන් පොහොය අදයි ! නවම් පුන් පොහොයේ වැදගත්කම මේකයි…

සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් උදාර සිද්ධීන් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් වශයෙන් නවම් පුන් පොහෝ දිනය අදට(12) යෙදී තිබෙනවා. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා සම්බුදු..

සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් උදාර සිද්ධීන් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් වශයෙන් නවම් පුන් පොහෝ දිනය අදට(12) යෙදී තිබෙනවා.

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා සම්බුදු සසුන්හි අගසවු තනතුරු ලබන ලද්දේත් නවම් පුනු පොහෝ දිනයක වීම විශේෂත්වයක්.

සම්බුද්ධ ශාසන වංශ කථාවෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පුනු පොහෝ දිනයකයි.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට ප්‍රථමයෙන් ආයුසංස්කාරය හළේත් නවම් පුනු පොහෝ දිනයකයි.

උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් තම පිරිවර දහසක් සමග පැවිදි වීමත්, සැරියුත් මුගලන් දෙනම ඇතුළු දෙසීය පනහක භික්ෂු පිරිසද, යසකුල පුතු ඇතුළුපිරිසද වශයෙන් එක්දහස් තුන්සියය ඉක්ම වූ සංඝ සන්නිපාතයක්‌ එදා නවම් මස පෝය දින රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමියේ රැස්‌ව සිටි විට එහිදී සුවිශේෂ කරුණු කීපයක්‌ම සිදුවූ වග ඉතිහාසයේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් හා වමත් සව් වශයෙන් සැරියුත් මුගලන් දෙනම තනතුරුවලට පත් කෙරුණේ එදින රැස්වූ ඒ මහා සංඝ සභාව මධ්‍යයේය.

බුදුරජාණන් වහන්සේ එසේ සිදුකළ පදවි ප්‍රදානය ප්‍රථම වතාවට සසුන්හි තනතුරු පිරිනැමීම මෙහිදී සිදුවූවත් ඒ දෙනමට ප්‍රථම සංඝ සමාජයට ඇතුළු වූ හිමිවරුන් සිටියදී නවක දෙනමකට පදවි පිරිනැමීම “මූණ බලා” සිදුකළ එකක් බවට බුදුහිමියන් වෙතට සංඝයාගෙන් චෝදනා එල්ල වුණා.

විශේෂයෙන්ම බුදු හිමියන් හා ගිහිකළ එක්ව සිටි ඡන්න හිමියන් (ඡන්න ඇමැති) තනතුරු ප්‍රදානයේ දී තමා අමතක කළ බවට චෝදනා කරමින් බුදු සසුන්හි පළමුවරට අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ බව සඳහන් වේ.

බුදුන් වහන්සේ ඊට පිළිතුරු දෙමින් මේ අවස්‌ථාව දක්වා සංඝ සමාජයට ඇතුළත් වූ කිසිම හිමිනමක් පෙර අත් භවවලදී අගසව් තනතුරු නොපැතූ අතර මෙම සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරු පතමින් පින් රැස්කළ බව පැහැදිලි කරමින් අපදාන පාලි දේශනාවෙන් අතීත කතාව ගෙනහැර පා සංඝයා අතරවූ දුර්මත නැති කළ බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

මෙම පෝය දින වැදගත් වන තවත් එක් කරුණක් වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා ආයු සංස්‌කාරය අතහැරීමට තීරණය කර ප්‍රකාශ කිරීමයි.

මෙම අනුවේදනීය අවස්ථාව වන විට බුදු හිමිට වයස අවුරුදු අසූව සම්පූර්ණ වීමට මාස තුනක් තිබිණි.

මෙම අවස්‌ථාව වන විට බුදුරජාණන් වහන්සේ අග්‍ර උස්ථායක ආනන්ද හිමියන් සමග රජගහ නුවර චාපාල චෛත්‍ය නම්වූ ස්ථානයේ වැඩ විසූහ. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ලෙසට බුදුවරයකුගේ ආයු සංස්‌කාරය අත්හැරීම් අටක් පිළිබඳව ආනන්ද හිමිට දේශනා කොට තිබේ. “ඡන්ද, වීරිය, චිත්ත, විමංසා” යන සතර සෘද්ධිපාද වැඩූ බුදුවරයකුට කල්පයක් කාලයක්‌ වැඩ සිටිය හැකි බවද බුදුහිමි තෙවරක්ම ආනන්ද හිමිට ප්‍රකාශ කළද “එසේ කල්පයක කාලයක් වැඩ සිටින ලෙසට” බුදු හිමියන්ගෙන් ආනන්ද හිමිට ඉල්ලා සිටීමට තරම් සිහි කල්පනාවක් ඒ මොහොතේ පහළ නොවූයේ දුකට පත්ව වික්ෂිප්තව සිටි නිසා බව පසුව අනාවරණය වුණා.

මේ ආදී ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් ලෙස මෙම පොහොය සකල බෞද්ධ ජනතාවගේ වන්දමානයට පාත්‍ර වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports