කාන්තාවකගේ දේහ ලක්ෂණ වලින් කියවන රහස් ගැන දැන සිටියාද ?

කාන්තාවක දොඩමලු නොවී සිටියත් ඇගේ ඉරියව් හැසිරීම්වල රිද්මය රටාව හරහා ඇගේ ස්වභාවය මැනවින් පැහැදිලි කර ගැනීමට හැකි වනුයේ සිරුරේ භාෂාව ප්‍රගුණ කර තිබීමෙන්ය. ස්ත්‍රී දේහ..

කාන්තාවක දොඩමලු නොවී සිටියත් ඇගේ ඉරියව් හැසිරීම්වල රිද්මය රටාව හරහා ඇගේ ස්වභාවය මැනවින් පැහැදිලි කර ගැනීමට හැකි වනුයේ සිරුරේ භාෂාව ප්‍රගුණ කර තිබීමෙන්ය. ස්ත්‍රී දේහ ලක්ෂණයන් හරහා විශේෂයෙන්ම කාන්තා දේහ ලක්ෂණ තුළින් ඇයගේ චරිතය, අනාගත පැවැත්ම, යුග දිවිය, වාසනාව හා අවාසනාව මනාව කැපී පෙනේ.

 

ඇස්
රක්තවර්ණ කොන් ඇති, කළු ඉංගිරියාව, කාල වර්ණ වූ පැහැදිලි දිලෙන ඇස් පිහාටු, හොඳින් දික්ව තද කළු පැහැයෙන් වැඩී ඇත්නම් භාග්‍යවන්තියකි.
උස් වූ ඇස් පිහිටීමත් නෙරාගිය ඇස් ඇති බවත් අසුබ ලක්ෂණයකි. පිළිහුඩු ඇස්ද, කොබෙයියන්ගේ මෙන් අක්ෂි පිහිටීමද රාගාධික බවේ පිහිටීමකි.
ගිලී ගිය ඇස් පිහිටීම සැමියාට අපලකාරී වේ. අඩවන් වූ ඇස් තිබීමද අධික රාගයෙන් යුක්ත වන්නීය.

 

නාසය
කුඩා සිදුරු ඇති වටවූ නාස්පුඩුව ඇති තල මලක හැඩයෙන් යුතු නාසය යහපත් ලක්ෂණයකි. නහය මැද වක්ව පිහිටීම පළිගන්නාසුලුය.
අග පැතලි නාසය මෙහෙකාරකමේ ලකුණකි. මධ්‍ය ප්‍රමාණයේ නාසය බුද්ධිමත් බවේ ලකුණකි.
ධනය ගලා ඒවි. නාසයේ මුල කවාකාරවද අග මහත්ව පිහිටීම ඇයට අයහපත් වේ. හැසිරීම් අයහපත් වේ.

 

කන
එල්ලෙන රවුම් ආකාරයේ දිගැටි කලාත්මක කන් ජෝඩුව වාසනාවන්තය. වැහැරුණු කන් අසුබ පල උදා කරයි.

 

ළලාටය
දෙබැම මැද තිලකයක් වැනි ලපයක් පිහිටීමද සුබය. දේදුනු මෙන් ඇස් දෙබැමද යහපත් වේ. නළල් තලයේ රෝම පිහිටා තිබීම සුබ නොවේ.

 

හිසකෙස්
හස්ති කුම්භයක් සේ පිහිටීම ධනවත් බවේ ලක්ෂණයකි. මී මැසි පියාපත් වැනි හිසකෙස්ද ඉතා සුබ වන්නේය. ඝන වියළි රළු හිසකෙස් පිහිටීම කණවැන්දුම් බවේ ලකුණකි.

 

තොල්
නාදළු පැහැයෙන් වඩාත් දිගැටිව හෝ කෙටිව පිහිටීම යහපත්වේ. මධ්‍යම ප්‍රමාණයේ දෙතොල් වද මලක පැහැයෙන් තිබීම වාසනාවන්තය.
රතු වර්ණ දිව පිහිටීමද අයහපත් වේ. නිල් පැහැය මෙන්ම දිවේ මැද කළු ලප තිබීම කටවහ දෝෂ සහිතය. දබරකාරීය.
දත් දෙපල කිරි පැහැයෙන් යුක්ත වීම සුබය. දත් හිදැස්වීම විවාහයට අසුබය. නළ දතක් වම්පස පිහිටීම වාසනාවන්ත වේ. ඇදවී ඉඟුරු අත්තක් ලෙස පිහිටි දත් හිමි කතකගේ අවාසනාවේ ලකුණකි.

 

බෙල්ල
බෙල්ලෙහි රැලි තුනක් තිබීමත්, වඩා දිගු නොවීමත් වඩා කෙටි නොවීමත් භාග්‍ය කැඳවයි. බෙල්ලේ සුලියක් තිබීමද සැමියාට අහිතකරය.

 

නිකට
රැවුල වැනි රෝම සහිත වීමත් නිකට මැද විශාල ලපයක් තිබීමත් අසුබය. නාසය සංඛයක හැඩයෙන් යුක්ත වීම වාසනාවකි.
මසින් පිරුණු දෙකම්මුල් ඇත්තියද භාග්‍යවන්තියකි. සිනහ වන විට කම්මුල් වළ ගැසේ නම් ඇයද වාසනාවන්ත වන අතර තරමක රාගාධිකය.
එකිනෙකට දුරස්තර වූ පියයරු යුවළක් පිහිටීම අසුබය. උඩට නෙරා ගිය බෙලි ගෙඩි වැනි පුන් පියයරු පිහිටීමද සුබ වන්නේය. ඔරු කඳක් සේ නැවී ගිය උරහිස් ඇත්තිය වාසනාවන්තියකි. කෙටි පහතට නැවුණු උරහිස් ඇත්තිය දුක් කරදර වේදනාවලට ගොදුරු වන්නීය.

 

දෙඅත්
හස්තියකුගේ හොඬවැලක හැඩයෙන් නම් ඇය වාසනාවන්තියකි. මසින් නොපිරුණු දෙඅත්ද, රෝම සහිත වීමද ඉතා අසුබය. නිය රවුම්ව රත් හෝ ඇත්දළ පාටින් තිබීම සුබය. දුර්වර්ණ කළු ලප ඇතුළින් පිහිටි නිය අවාසනාව කැඳවයි. තරමක දිගැටි නිය ඇත්තී භාග්‍යවන්තියකි. ස්ත්‍රී නහය ඇසතු පත්‍රයක හැඩයෙන් පිහිටීම සුබ වේ. බාහුව රෝම අධික ඝනව ඇත්තී රාගාධික වේ. ඉඟ උස්ව මෘදුව සිහින් රෝමවලින් පිරී ඇත්නම් බොහෝ සම්පත් හිමිවේ.

 

උකුල
උස් වූ උකුලත්, පළල් වූ උකුලත් සුබය. මස් අධික බව කාමුක බවේ ලක්ෂණයකි. සැමියාට හිතකර වේ. කම් සැප ලබාදේ. උදරය මහත් වී ඇත්නම් දරුවන් වැඩියෙන් ලබයි. මොලොක් ඉරි දෙකක් පිහිටීමත් වීණාවක හැඩයෙන් යුක්ත වීම ඉතාම වාසනාවන්ත වේ. උදරය පුහුල් ගෙඩියක හැඩයෙන් නම් ඇය දිළිඳු වන්නීය. ඇත් හොඬයක හැඩයෙන් යුක්ත කලවා සහිත දෙපා පිහිටීම සුබ ස්ත්‍රී ලක්ෂණයකි. පාදයේ සුළැඟිල්ල බිම නොවැදීමත් දෙවැනි ඇඟිල්ල දික්වීමත් පරපුරුෂ සේවනයට නතුවන ලකුණකි.

 

ඇඟිලි
මැදඟිල්ල බිම නොවදී නම් සැමියන් තිදෙනෙකු ලබයි. ඇවිදින විට පාද හඬ නැඟීම, දූවිලි ඇවිස්සෙන ගති දුෂ්ට ලකුණකි. උඩ පැන පැන ගමන් යන්නීද දුරු කළයුතු වේ. ඇතෙකුගේ ගමන් ලතාව ස්ත්‍රියකට පිහිටීම ඉතා සුබය. නිතඹ හෙවත් තට්ටම් යුගල මනාව උස් වූ වටව උඩට නෙරා ගිය කලාත්මකව පිහිටි කත ආකර්ෂණය වහා ළඟා කරන්නීය. ඉදිඹු පිටක් සේ පිහිටි නිතඹ හිමි කතගේ යුගදිව සාර්ථක වන බැව් පැහැදිලිය. ස්ත්‍රී දේහ ලක්ෂණ අතිශයින්ම සංකීර්ණය. සුබ ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් පිරී ගිය ඇත්තියක් සමඟ යුගදිවි ගෙවන්නේ නම් අතිශයින්ම සාර්ථකත්වයට පත්වන බැව් අග්නි පුරාණයේ සඳහන්ව ඇත්තේය.

 

ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports