බොලිවුඩයෙන් ලැබූ ඇරයුම පවා ප්‍රතික්ෂේප කල ලංකාවේ සුපිරි නිලියගේ කතාව මෙන්න…

දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමින් පසුව රංගනයට පිවිසි අවිශ්කා උමයංගනි බොහෝ පිරිසකගේ ආදරය දිනාගත්තේ දෙරණ සංගීතේ ටෙලි නාට්‍යයේ රන්දිමා මිස් ලෙසය. වර්තමානය වනවිට බොහෝ..

දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමින් පසුව රංගනයට පිවිසි අවිශ්කා උමයංගනි බොහෝ පිරිසකගේ ආදරය දිනාගත්තේ දෙරණ සංගීතේ ටෙලි නාට්‍යයේ රන්දිමා මිස් ලෙසය. වර්තමානය වනවිට බොහෝ දෙනෙකු දන්නා හඳුනන යොවුන් රංගන ශිල්පිණියක් බවට පත්ව සිටින ඇය මේ දිනවලද විවිධ කලා නිර්මාණ ඔස්සේ අපට දකින්නට ලැබෙයි.

අවිශ්කා කියන්නේ අවුරුදු කුමරියක්?

ඔව්, 2018 වසරේ දෙරණ අවුරුදු කුමරිය ලෙස තේරි පත් වුණේ මම. එතැනින් පස්සේ තමයි කලාවට සම්බන්ධ වුණේ. මුලින්ම දෙරණේ පෝදා නාට්‍යයක රඟපෑවා. පස්සේ සංගීතේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.

සංගීතේ ටෙලි නාට්‍යය හරහා තමයි ඔබ මිනිස්සු අතරට යන්නේ?

ඔව්, දෙරණ නාලිකාවේ අදටත් විකාශය වෙන සංගීතේ ටෙලි නාට්‍යයේ තමයි මම මුලින්ම මිනිස්සු අතරට ගියේ. ලවන්‍ය හා ගිත්මා එක්ක තමයි සංගීතේ මුලින්ම පෙනී හිටියේ. පස්සේ කතාව අනුව ටෙලි නාට්‍යයේ හැමෝම එක්ක රඟපාන්න මට අවස්ථාව ලැබුණා.

මුල්ම රූපගත කිරිම මතකද ඔබට?

රඟපාන එක ලොකු අභියෝගයක්. මොකද එහෙම අත්දැකිමක් පෙරහුරුවක් හැදැරිමක් මට තිබුණේ නැති නිසා. පිටින් පෙනුනට අපි රඟපාන්නේ විස්සක් තිහක් විතර පිරිසක් ඉදිරියේ. මුල්ම වැඩේදි මම ගොඩක් බයවුණා. විනාඩි පහක් වගේ කාලයකන් තමා දෙබස් ටික පවා බලාගන්න ලැබුණේ. පළමු රූපගත කිරිමේදී දෙබස් පවා හරියට මට මතකයේ තිබුණේ නැහැ. ඒත්, කාලයත් එක්ක රඟපාන එක මට හුරුවුණා.

දැනට කරපු නිර්මාණ මතකද?

සංගීතය හැරෙන්න තව පෝදා ටෙලි නාට්‍යය දෙකකට සම්බන්ධ වුණා. දෙවැනි ඉනිමේ හිටියේ. හිතුවක්කාර කියලා දෙරණේම ගිය ටෙලි කතා මාලාවක මම රඟපෑවා. මම හිතන්නේ මාව ගොඩක්ම මිනිස්සු අඳුන ගත්තේ මේ ටෙලි නාට්‍යය හරහා කිව්වොත් හරි. ලංකාවේ ඉන්න ජනප්‍රියම, ප්‍රවිණ නළුනිළියෝ රැසක් එක්ක මට මේ ටෙලි නාට්‍යයේ රඟපාන්නත් ලැබුණා. තව මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය කිහිපයක් තියෙනවා. මේ දිනවල දෙරණේ විකාශය වෙන අපි එක රෑනේ කියන ටෙලි නාට්‍යයෙත් මම පෙනී ඉන්නවා. ටෙලි නාට්‍යය මැද භාගයේදී තමයි මගේ චරිතය එන්න තියෙන්නේ.

සිනමාවට පිවිසෙන්න අවස්ථාවක් ලැබිලා නැද්ද අවිශ්කාට?

ඕනෑම රංගන ශිල්පිණියකගේ හීනේ තමයි සිනමාව කියන්නේ. මාත් ගොඩක් කැමතියි සිනමාවට එකතු වෙන්න. මට අවස්ථා නම් ලැබුණා. නමුත්, විවිධ හේතු මත ඒ අවස්ථා මට ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා. මොකද, මම මගේම කියලා සීමා කිහිපයක් පනවගෙන ඉන්නවා වැඩ කරද්දි. ඉතින් ඒ සීමාවන්වලට එහා මම යන්න කැමති නැහැ. ලැබුණ ආරාධනා සමහර ඒවා මට ගැළපෙන්නේ නැහැ. මට ඉන්දීය චිත්‍රපටයකුත් ආවා රඟපාන්න. නමුත්, මගේ පවුලේ අය මාව තනියම යවන්න කැමති නැහැ. අනික නොදන්න රටක නොදන්න පිරිසක් ඉදිරියට මාව කොහොමත් ගෙදර අය යවන්නේ නැහැ.

අවුරුදු කුමාරියක් වුණ ඔබ කලාවෙන් මේතරම් දුර එයි කියලා හිතුවද?

ආපු දුර ගැන සතුටුයි. මම කාලයක් වැඩ කළේ නැහැ. දැන් තමා ආයේ වැඩ කරන්න ගත්තේ. කලින් කිව්වා වගේ අවුරුදු කුමරිය වෙලා රඟපාන්න මට අවස්ථාව ලැබුණේ අහම්බෙන්. අවුරුදු කුමාරි කියන්නේ අවුරුදු කාලේට තියෙන එක තරගයක් විතරයි. ඉතින් අවුරුදු කුමාරි තරගය හා රඟපානවා කියන්නේ දෙකක්. මුලින්ම මට රංගනය ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඒත්, දැන් වෙන කොට රංගනය කියන දේ ගැන වැටහිමක් තියෙනවා. ඉතින් ඒ දේ ගැන තවත් පුළුල් ලෙස අවබෝධ කරගෙන කලාවෙන් ලොකු ගමනක් යන්න හිතාගෙන ඉන්නවා.

රංගන ශිල්පිණියක් විදිහට දැන් අවිශ්කා ජනප්‍රියද?

ජනප්‍රියයි. ගොඩක් අය දැන් මාව දන්නවා රංගන ශිල්පිණියක් විදිහට. ඊට අමතරව මොඩ්ලින් කරනවා. විශේෂයෙන්ම බ්‍රයිඩ්ල් මොඩ්ලින්. ඒ වුණත් ගොඩක් අය මාව දන්නේ රංගන ශිල්පිණියක් විදිහට. අද වෙන කොට රසික ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවා. ඔවුන්ගේ ප්‍රතිචාර මත හිතෙනවා මම රංගනය පැත්තට ආපු ඒක ගොඩක් හොඳ තේරිමක් කියලා.

රංගනය කියන දේ අවිශ්කාගේ ඇගේ තියෙනවද?

මම හිතනවා. රංගනය කියන දේ හදාරන්න ඕනා. නමුත්, අපිට රඟපාන්න විවිධ චරිත ලැබෙනවා. ඉතින් හැම දෙයක්ම අපිට හැදැරිමෙන්ම ලැබෙන්නේ නැහැ. අපිම තමා ලැබෙන චරිතයට අනුගත වෙන්න ඕනා. රඟපාන්න එකම විදිහේ චරිත ලැබෙන්නේ නැහැනේ. විවිධ චරිත ලැබෙනවා. ඉතින් හැම චරිතයක්ම අපි කරන්න ඕනා. මම හිතන්නේ රංගනය කියන දේ මගේ ඇඟේ තියෙනවා කියලා. මගේ අම්මා තමා මගේ පළමු ප්‍රේක්ෂිකාව. ඇය තමයි මගේ රංගනය ගැන මුලින්ම ප්‍රතිචාර දක්වන්නේ. අම්මාත් එක්ක තමයි මම රූපගත කිරිම්වලට පවා යන්නේ. රූපගත කිරිමක් ඉවර වුණ ගමන් අම්මා ළඟට ඇවිල්ලා ඒකට මෙහෙම කළා නම් හොඳයි අර විදිහට රඟපෑවා නම් හොඳයි කියලා උපදෙස් දෙනවා. ඇයගේ උපදෙස් ඉතින් මට ගොඩක්ම වැදගත්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports