දුවට බීම එක බිව්වට පස්සේ හොඳටම අමාරු වුණා… ඒ නිසා මාත් බීලා බැලුවා… මගේ කට ඔක්කොම පිච්චිලා ගියා”- බීම බෝතලයක් නිසා තාත්තයි, දුවයි දෙන්නම රෝහලේ…

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බීම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදිම හේතුවෙන් ඇය බලන්ගොඩ මුලික..

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බීම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදිම හේතුවෙන් ඇය බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම බීම බෝතලය පානය කිරිමෙන් අදාළ දැරියට මෙම හදිසි රෝගි තත්ත්වය ඇති විමත් සමග ඇගේ පියාද එම බීම බෝතලයෙන් ස්වල්පයක් පානය කර ඇති අතර ඔහුටද හදිසි අසනීප තත්ත්වයක් ඇති වී ඔහුද රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දෙදෙනා රත්නපුර කැටන්දොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් බලන්ගොඩ නන්පෙරියල් ප්‍රදේශය දක්වා යන අතරමග මෙම ආපනශාලාවට ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී මෙම දැරිය පළමුව එම බීම බෝතලය පානය කර තිබෙන අතර ඇයට හදිසි රෝගි තත්ත්වයක් ඇති වු පසු පියාද එයින් ස්වල්පයක් පානය කර තිබෙනවා.

කෙසේ වෙතත් පියා පවසන්නේ තමන් එය පානය කිරීමෙන් පසුව සිය මුඛය පිළිස්සුනු බවයි.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම වෙලදසැල පරික්ෂා කර එහි තිබූ ඉතිරි බීම සීල් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports