කාර්‍යාලයිය සේවිකාවකට හාදුවක් දීපු ඔහුට සති දෙකක් ගෙදරින් කෑම තහනම් කරලා…

කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක් දෙකක් මහන්සි ගන්නට සිදුවූ සේවකයකු පිළිබඳව අසන්නට ලැබුණේ දකුණේ මැද නගරයකිනි…

කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක් දෙකක් මහන්සි ගන්නට සිදුවූ සේවකයකු පිළිබඳව අසන්නට ලැබුණේ දකුණේ මැද නගරයකිනි.

ඇය සිය උපන් දිනය චාමයට සමරන්න කටයුතු කළේ එය තිස්වැනි උපන් දිනය නිසාය. සිය උපන් දින කේක් ගෙඩිය ඇය සිය සහෝදර සේවකයන් සමග කපන්න තීරණය කළේ ඒ වනවිට නිවෙසේ අයට වඩා කාර්යාලයේ අයට ළෙන්ගතුව සිටි නිසාවෙනි.

එහි සිටි සියල්ලෝම ඇයට සහෝදරයෝය. සහෝදරියෝය. සුබ පැතුම් මධ්‍යයේ කාර්යාලයේදී කැපුණු ඒ කේක් ගෙඩියේ කෑලි සිය සහෝදර සේවක සේවිකාවන්ට ඇය කැවුවේ සහෝදරත්වයෙනි.

ඒ සමගම සහෝදර සේවක සේවිකාවන් ඇයට සුබ පැතුවේ උණුසුම් හාදු වැස්සකිනි.

තම ජංගම දුරකථනවලින් ඡායාරූප ගැනීම මෙන්ම වීඩියෝ කිරීමද මෙහිදී අතොරක් නැතිව සිදුවූයේ එය සාමාන්‍ය දෙයක් වූ නිසාය.

ඒ උපන් දින සැමරුම මෙන්ම දවසේ රාජකාරිද නිමවූයේය. ඔහු නිවෙසට ගියේය. බිරිය නිවෙසේ නොසිටියාය. ඇය සිය නිවෙස බලා ගොසිනි. ඒ පිළිබඳව සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණේ කාර්යාලයේ සේවිකාව ඔහුට කේක් කවන අයුරු හා ඔහු ඇයට හාදුවක් දෙන අයුරු ඡායාරූප දෙකම ඇයගේ දුරකතනයට වට්ස්ඇප් මගින් ලැබීමත් නිසාය.

එයින් උරණව සිය සැමියාටද නොදන්වා ඔහුගේ මෑණියන්ටද මේ වගේ අශීලාචාර පුතකු හැදුවාට දෙස් දෙවොල් තියා ඇය සිය නිවස බලා ගොස් තිබුණි.

සිය බිරියගේ මොළයේ තරම දන්නා සිය සහෝදර සේවක, සේවිකාවන් විනෝදාස්වාදයක් ලබා ගැනීමට මේ කළ දෙයින් දැන් තමා වැටී ඇත්තේ ලොකු අමාරුවක බව දැනගත් ඔහු බිරිය ගෙන්වා ගැනීමට අපමණ මහන්සියක් ගත්තේය.

එය පල දැරුවේ කාලයක් ගතවී ගොසිනි. එක එක්කෙනාගේ පැහැදිලි කිරීම් මධ්‍යයේය. මේ සේවිකාව තවත් සහෝදර සේවකයන්ට කේක් කවන අයුරු හා ඔවුන් ඇයට හාදු දී සුබ පතන අයුරු ඡායාරූප පෙන්වීම එයට හොඳම නිදසුනක් වුණාලු.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports