බිල් ගෙවනකොට මාරු වෙන ශෘති හසන්ගේ පෙම්වතුන් ගැන අහලා තියෙනවද ? මෙන්න සම්පූර්ණ විස්තරය

ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ ගැඹුරින් මුල් බැසගත් පවුලකින් පැවත එන ශ්‍රැති හාසන් යනු ආකර්ශනීය චිත්‍රපට පෙළක් ඔස්සේ සිනමා කර්මාන්තය තුළ හොඳ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගත් නිළියකි. සිය පවුල් පසුබිමෙන් ඇයට ලැබෙන වත්කම්වලට අමතරව විනෝදාස්වාදන ක්ෂේත්‍රයේ ඇගේ වෘත්තිය ජීවිතය තුළ ඉතා හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට ඇයට හැකියාව ලැබුණා.

ඒ නිසාම ඇය ගත කරන්නේ ඉතා ශක්තිමත් හා ස්වාධීන ජීවිතයකි. එය සෑම තරුණියකටම කාන්තාවටම එක සේ වැදගත් වුවත් ශ්‍රැති පවසන ආකාරයට එය ඇයව අපහසුතාවට පත් කළ අවස්ථා බොහොමයකි. විශේෂයෙන්ම මේ නිසා ඇයට සැබෑ ලෙසම ආදරය කරන්නෙක් සොයා ගැනීම පවා දුෂ්කර වී තිබෙනවා.
ඇගේ පෙම්වතුන් ඇය සමඟ ආදරය කරන විට බොහෝ විට බිල් ගෙවීමට සිදුව ඇත්තේ තමාට බව ශ්‍රැති පැවසුවේ මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදීය.

ඇය එහිදී කියා සිටියේ ඇය ආදරය කරන අතරතුර බොහෝ විට බිල් ගෙවීමට සිදු වූයේ තමාට බවයි. තමා මූල්‍යමය වශයෙන් ස්ථාවර නිසා සහ තමාට මුදල් ඇති යැයි ඔවුන් විශ්වාස කරන නිසා ශ්‍රැතිගේ පෙම්වතුන් බොහෝ අවස්ථාවල ඇය බිල් ගෙවනු ඇතැයි කල්පනා කර තිබුණා.

“කාන්තාවන් සඳහා මූල්‍ය ස්වාධීනත්වය ඉතා වැදගත් බව මං දන්නවා. නමුත් අනෙක් පැත්තෙන් එය මට අවාසි වූ අවස්ථා වැඩියි. මගේ පෙම්වතුන් බිල් ගෙවන්න ඉදිරිපත් වුණේ නැහැ. මොකද එයාලට තිබුණේ මට සල්ලි තියෙනවා වගේ හැඟීමක්.”

බිල් ගෙවීම තමාගේ ආදරයේ භාෂාව බව සිතූ ශ්‍රැති, එය දිගින් දිගටම සිදු කළ නමුත් අවසානයේ ඇය එයින් ඉගෙන ගත් පාඩම් බොහෝය.

“මම බිල ගෙවන්නම් ඒක මගේ ස්වභාවය නිසා ඒක මගේ ආදර භාෂාව නිසා. ඒත් මාස තුනක් ඇතුළත අපි නව වතාවක් කෑමට ගියා. ඔයා ගෙවලා නැහැ කියලා මම කිව්වා. ඔහු කිව්වා ඔයා ඒක ආදරෙන් කළා කියලා මම හිතුවා, අනික ඔයාට ගොඩක් සල්ලි තියෙනවනේ කියලා.”

ඇයගේ පරමාදර්ශි පිරිමියා ‘හොඳ හාස්‍යයක්’ ඇති අයෙකු සහ ‘විනෝද වීමට කැමති’ කෙනෙකු බවද ඇය මෙම සම්මුඛ සාකච්ඡාව අතරතුර කියා සිටියා. ස්ත්‍රීන් හා පුරුෂයන් සබඳතා පවත්වන අතරතුර ‘මූල්‍යමය වශයෙන් සංවේදී’ විය යුතු නමුත් දෙදෙනාටම දැරිය හැකි තැන්වලට හමුවීමට යන්නැයි ඇය මෙහිදී සියල්ලන්ට යෝජනා කළා.

ශ්‍රැති හාසන් අවසන් වරට ප්‍රසිද්ධියේ පෙමින් බැඳී සිටියේ සමකාලීන ඉන්දියානු කලා ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන සන්තානු හසරිකා (Santanu Hazarika) සමඟය. නමුත් ඔවුන් පසුගිය වසරේ මුල වෙන්වූ බවට වාර්තා පළ වුණා.

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 306 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 93 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 655 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 84 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 962 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1318 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…