අත දිග ඇරලා රත් වෙන්න සැරට දෙන චමීරගේ ගැහිල්ල මෙන්න…

චමීර ලියනගේ කියන්නේ තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණය ඉටුකරන අතිදක්ෂ චරිතාංග නළුවෙක්. චමීර කරළියට ආවේ සිරස තරු මංසලෙනුයි. නිරූපණ ශිල්පය තුළද ඔහු නමක් හදාගත්තේ තමන්ටම ආවේණික වූ ආලිංගන කලාවක් හරහායි.

 

‘හාට්’ එකට ඔහුට එන්න කිව්වේ ඒ ස්මාර්ට් නිරූපණ ශිල්පියා ගැන කතාකරන්න නම් නෙවෙයි. ‘ඉර ගිනි මද්දහන’ බලන කවුරුත් ‘මහතුන්’ගේ චරිතය ගැන මාරම ගැම්මකින් කතා කරනවා. ඔව්, අපිටත් ඕනෑ වුණේ චමීර ලියනගේට වඩා මහතුන් ගැන ටිකක් වැඩිපුර කතා කරන්නයි.

මේ දවස්වල හුඟක් බිසී වෙලා ඉන්නේ ‘ඉර ගිනි මද්දහන’ නිසාද?

ඔව්. අද ෂූටිං ඉවර වෙලා පැයකට දෙකකට කලින් තමයි මේ ගෙදර ආවේ.
වෙහෙස පැත්තක තියලා හාට් එකට ආවට මුලින්ම ස්තුතියි කිව්වා ඔන්න.
වෙහෙසක් නම් නැහැ. ‘ඉර ගිනි මද්දහන’ සෙට් එක කියන්නේ හරි සතුටුදායක තැනක්. ෂූටිං ඉවර වෙලා ලලිත්, තරින්දි ඇතුළු අපේ ටීම් එකෙන් වෙන්වෙලා එනකොට හිතට දුකක් දැනෙන තරමට අපි අතර තියෙන එකමුතුව ඇත්තටම සුන්දරයි. පවුලක් වගේ අපි වැඩ කරන්නේ ඒ හින්දා වෙහෙසක් නම් දැනෙන්නේ නැහැ. ඒක ආශ්වාදයක්.

‘මහතුන්’ විදියට චමීර සාර්ථක වුණේ මානසිකව දැනුණු ඒ ආශ්වාදයත් එක්කද?
මහතුන් සාර්ථකද කියන කාරණය තියෙන්නේ ප්‍රේක්ෂකයා අතේ. මට ඒ ගැන කයිවාරු කියන්න බැහැ නේද?

‘මහතුන්’ සාර්ථකයි කියන ප්‍රතිචාර බොහොමයි කියලා ආරංචියි?
එහෙම කතාබහක් ගැන මටත් ආරංචියි. ඇත්තටම කියනවා නම් නොහිතපු විදියට හුඟක් දෙනා ‘මහතුන්’ ගැන ලොකු ලොකු කතා කියනවා.

ප්‍රවීණ මාධ්‍යවේදියෝ සහ විචාරකයොත් ඒ අතර ඉන්නවලු චමීර?
නිහතමානී සතුටකින් ආඩම්බරයකින් මම ‘ඔව්, ඒක ඇත්ත’ කියලා මෙතැනදී කියනවා ඔන්න.

චමීර තරින්දිට ගහන පහරවල්වල රංගනයට එහා ගිය රළු ගතියක් තියෙනවා?
ඔව්. ඒ පහරවල් හරි සැරයි. රතු වෙච්ච තැන්වලට තියන්න අයිස් බෑග් ලෑස්ති කරලයි ඒවා ෂූට් කරන්නේ. ඒ තරමට තරින්දිගේ මූණ කට අතපය මං ගහන සැරට රතු වෙනවා.

තරින්දිට කේන්ති යන්නේ නැද්ද චමීර?
මොන පිස්සුද? සැර බාල කරලා ගහනකොට තරින්දිම තමයි කියන්නේ ඔය මොන ගැහිල්ලක්ද, ගහන එක කන රත් වෙන්නම හරියට ගහපං බං කියලා. එතකොට තමයි මමත් බය නැතුව අත දිගහැරලා ගහන්නේ. සහාය නිළියක් විදියට හැම තැනකදීම තරින්දි දෙන ඒ සපෝට් එක නම් පට්ට. එහෙම සපෝට් එකක් ලැබෙනවා කියන්නේ සාර්ථක නිර්මාණයකට හොඳ පසුබිමක්. තරින්දි විතරක් නෙවෙයි, ‘ඉර ගිනි මද්දහනේ’ හැම රංගන ශිල්පියෙක්ම, කොටින්ම කියනවා නම් පොඩි දරුවො පවා නිර්මාණයේ සාර්ථකත්වය වෙනුවෙන් මාරම සපෝට් එකක් දෙනවා. රූගතිරීම්වල වගකීම දරන බුද්ධික මංගල ගැනත් කියන්නම ඕනෙ. කැමරා ශිල්පියො විදියට මේ නිර්මාණය වෙනුවෙන් ඔහු කළ විශාල මෙහෙවර මිල කරන්න බැරි තරම්.

මෙතෙක් ඔබ කොටුවී සිටියේ රස්තියාදුකාර නැහැදුණු චරිතවලට?
ඔව්. එහෙම චරිත කිහිපයක්ම මම කළා.

ඒ මැර චරිත අතරට මහතුන්ගේ නෝංජල් කැරැක්ටර් එක ඔබට තිගැස්මක් වුණේ නැද්ද?
කොහොමවත් නැහැ. මහතුන් කියන්නේ මගේ රංගන ජීවිතයේ සුවිශේෂ කඩඉමක්. ඒ වගේම මහතුන්ට තවත් අය නිර්දේශව තිබුණා. ඒත් ලලිත් අයියා එකහෙළාම කියලා හිටියලු මට ඕනෙ චමීර ලියනගේවම තමයි කියලා. සත්තකින්ම හද පතුලෙන්ම ඔහුට ස්තුති කරනවා. කතාබහට ලක්වෙන මහතුන් වැනි සුවිශේෂ චරිතයක් බාරදෙන්න මා ගැන ඇතිකරගත් විශ්වාසයට.

ලලිත් රෝහිත එදිරිසිංහ තැබූ ඒ විශ්වාසයට ඔබ සාධාරණය ඉටු කළාද?
ඔබ කී පරිදිම මට ඇහෙන දැනෙන දේ පරිදිම ප්‍රේක්ෂකයන් විචාරකයන් එයට අවැසි තීන්දුව දී හමාරයි. ඒ වගේම මහතුන් වෙනුවෙන් මා කැපවූ තරම ගැන මාත් සෑහීමකට පත්ව සිටිනවා.

ඔබේ තවත් සුවිශේෂ රංගන ප්‍රතිභාවක් ටෙලි තිරයේ දිගහැරීමට නියමිතයි නේද?
ඔව්. එය ශලනි තාරකාගේ සංල්පයකට අනුව නිර්මාණය වූ කතාවක්. අධ්‍යක්ෂණය ශාන් ජයරත්න. නිෂ්පාදක ඌෂාන් පෙරේරා. තිර පිටපත ගයනි. ටෙලියේ නම ‘වීදුරු තිර’. ඒක මාරම සුපිරි වැඩක්. කොටස් කිහිපයයි. වැඩේ සුපිරියි.

මාරම සුපිරි වැඩේ කතා තේමාවත් කියමු ටිකක්?
ඒක නම් බැහැ. කුතුහලය සුන්දර නිසා දැනට මේ ටික ඇති. ආ… තව එකක් මෙතැනදී කියන්නම ඕනේ. සහාය නිළියගේ සපෝට් එක ගැන මම කලින් යමක් කිව්වා නේද? තරින්දි ප්‍රනාන්දු වගේම ශලනි තාරකා කියන්නෙත් ඒකට හොඳ නිදර්ශනයක්.

අවසානෙටත් යමක් කියමු නේද චමීර?
‘ඉර ගිනි මද්දහන’ කෲ එකට ස්තුති කරනවා හැමෝම හැමෝටම දෙන සහයෝගය ගැන. ඒ ස්තුතිය ලලිත් අයියා ඇතුළුව සියලු කලා ශිල්පීන්ට සහ තිරෙන් පිටුපස හිඳ අපට සහාය දෙන අයටද හිමි වෙනවා. ඒ එක්කම අපිව නරඹන ප්‍රේක්ෂකයෝ අපිට දෙන ආදරණීය ප්‍රතිචාර, සම්මාන තරමටම අපිට වටින බවද අවසානයට කියනවා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 224 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 47 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 644 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1038 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 12 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 95 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…