රටක් ආදරේ කරන සචිනි රණවක පටන් ගන්න යන අලුත්ම වැඩේ මෙන්න.

රා සිනමාහල් රැසක තිරගත කිරීම ආරම්භ කරන ලදී. ‘ගොවි තාත්තා’ සිනමා නිර්මාණයට රංගනයෙන් සචිනි රණවක දායක වෙනවා. එනිසා ම අපි සචිනි වෙනුවෙන් මේ ඉඩකඩ වෙන් කළා.
සවිනි රණවක මේ දවස්වල අපට මුණගැසෙන්නේ ‘ගොවි තාත්තා’ සිනමා නිර්මාණයත් එක්ක?

ගොවි තාත්තා මගේ පළමු වැනි සිනමා අත්දැකීම. මට ඒ අවස්ථාව ලැබුණේ මගේ සංගීත ගුරුවරයා වුණ දර්ශන රුවන් දිසානායක සර්ගෙන්.

‘ගොවි තාත්තා’ මගේ පළමු සිනමා අත්දැකීම – සචිනි රණවක
චිත්‍රපටයක රඟපාන්න ලැබීම ගැන මොකද හිතන්නේ?

මට ඇත්තටම හිතාගන්න බැහැ. සිනමාවට සම්බන්ධ වෙන්න නම් ලොකු වාසනාවක් තියෙන්න ඕනෑ. අනික මට ලංකාවේ ඉන්න අතිදක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන්, ශිල්පිනියන් සමග තමයි රඟපාන්න ලැබුණේ. අනික මම ක්‍ෂේත්‍රයට ආවෙත් රංගන ශිල්පිනියක් විදිහට නෙමෙයි. ගොවි තාත්තා රූගත කිරීම් සිදුකළෙත් මීට අවුරුදු පහකට විතර කලින්.

කොහොම ද රූගත කිරීම්වල අත්දැකීම්?

අපිට රූගත කිරීම් තිබුණේ පොලොන්නරුවේ. හරිම කට්ටක්කාලා තමයි හැමෝම වගේ රූගත කිරීම් සිදුකළේ. හැමෝගෙන්ම මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. මොකද ඒක මගේ පළමු වැනි අත්දැකීම නිසා.

දර්ශන රුවන් දිසානායක කියන්නේ ඔබේ සංගීත ගුරුවරයා නේද?

ඔව්. සර් තමයි මට මුලින්ම චිත්‍රපට ගීතයකටත් අවස්ථාව ලබාදුන්නේ. ‘තාල’ චිත්‍රපටයට පසුබිම් ගායනයෙන් මම සම්බන්ධ වුණා. ඒ ගීතයත් සරසවි සම්මාන උලෙළේ දී නිර්දේශ වුණා. දර්ශන සර්ට හොඳම සංගීතය කියන සම්මානය හම්බ වුණා. ඒ වගේම රංගනය පැත්තෙනුත් මට මුලින්ම අවස්ථාව ලබාදුන්නෙත් දර්ශන සර් තමයි.

දර්ශන සර්ව මුණගැසුණේ කොහොමද?

මම පාසල් ගියේ කොළඹ විශාකා විද්‍යාලයට. අපේ පාසලේ හැම වසරකම පවත්වනවා මියැසි විශාකා කියලා ප්‍රසංගයක්. එතකොට සර් තමයි අපේ ඔකෙස්ට්‍රා එක පුහුණු කරන්න එන්නේ. එතැනත් මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා.

ඒ කොහොමද?

මම හිටියේ තබ්ලා වාදන ශිල්පිනියක් විදිහට. සර් තමයි මාව ඩ්‍රමර් විදිහට පුහුණු කරලා ගත්තේ.

සචිනි හොඳ ඩ්‍රම්ස් වාදන ශිල්පිනියක් කියලත් ආරංචියි?

ඔව්. මට හොඳට ඩ්‍රම්ස් ගහන්න පුළුවන්. දර්ශන සර් තමයි මාව එතැනට පුහුණු කළේ. ඒකත් මගේ ලොකු හීනයක්.

සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදනය කරන්න එහෙම ආරාධනා ලැබිලා තියෙනවා ද?

ආරාධනා නම් ලැබිලා තියෙනවා. හැබැයි අධ්‍යාපන කටයුතු වගේම කේෂ්ත්‍රයේ වැඩකටයුතු ටික සමබරව පවත්වාගෙන යන්න ඕනෑ හින්දයි මම ඒ දේවල් අතහැරියේ.

වොයිස් බෑන්ඩ් එකක් පටන් ගන්න යනවා කියලත් ආරංචියි?

ඔව්. ඒ ගැන ඉස්සරහට දැනගන්න ලැබේවි. ලංකාවේ හැමෝම වගේ දන්න හඳුනන කටහඬ පහක් එකතුවෙලා තමයි අපි වොයිස් බෑන්ඩ් එකක් පටන්ගන්න හදන්නේ. ඒ බෑන්ඩ් එකත් එක්ක තමයි මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා තියෙන්නේ.

කොහොමද අධ්‍යාපන කටයුතු?

මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් තමයි උපාධිය ලබාගත්තේ. මේ වනවිට මම විශේෂ උපාධිය සඳහා සූදානම් වෙන ගමන් ඉන්නේ.

සචිනිගේ වෘත්තිය?

මම කථිකාචාර්යවරියක්. ඒත් එක්කම මගේ රංගන කටයුතුත් කරගෙන යනවා.

එතකොට සංගීත වැඩකටයුතු එහෙම?

සංගීතයට වගේම රංගනයටත් මම සම ඉඩක් තමයි ලබාදෙන්නේ. පසුගිය දවස්වල මම රෝස කුමාරි ගීතය සමග තවත් ගීතයක් නිර්මාණය කළා. මේ වෙනකොට සංගීතයටත් වැඩි ඉඩක් දෙන්න තීරණය කරලයි තියෙන්නේ.

ටෙලිනාට්‍ය වැඩ කටයුතු එහෙම කොහොමද?

මේ දවස්වල මම සංගීතය ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. සංගීතය ටෙලිනාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය මම කොහේ ගියත් අමායා කියලා කතා කරන අවස්ථාත් තියෙනවා.

සචිනි කේෂ්ත්‍රයට එන්නේ ඩී්‍රම්ස්ටාර් වේදිකාව හරහා නේද?

දෙරණ ඩී්‍රම්ස්ටාර් සීසන් 7 හරහා තමයි මා කලාවට පිවිසෙන්නේ. 10 වැනි ස්ථානය තමයි මට හිමිවෙන්නේ. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ ලක්සිරි සර් ආරාධනාවක් කරනවා දෙරණ නාලිකාවේ කෙටි චිත්‍රපටයකට රඟපාන්න එන්න කියලා. එතැනින් පසුව තමයි සංගීතය ටෙලිනාට්‍යයට ලක්සිරි සර් නැවත මට ආරාධනාවක් කරන්නේ.

ආදරවන්තයන්ගේ දිනය දා තමයි ‘ගොවි තාත්තා’ තිරගත වෙන්නේ?

ගොවි තාත්තා චිත්‍රපටය සත්‍ය කතාවක් පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේක පවුලේ හැමෝමත් සමග නරඹන්න පුළුවන් හොඳ ආදර්ශවත් සිනමා නිර්මාණයක්.

ගෙදරින් ලැබෙන සහයෝගය?

ගෙදර අයියගෙන්, තාත්තාගෙන්, අම්මාගෙන්, නංගිගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන් මගේ සැමියාගෙන් ලොකු සහයෝගයක් වගේම ලොකු විශ්වාසයක් මට එයාගෙන් ලැබෙනවා. රංගනයෙන් ඉදිරියට යනවා වගේම එයා කැමැති මම ගායනයෙන් ඉදිරියට යනවාටයි. මොකද මම මුලින්ම කේෂ්ත්‍රයට ආවේ ගායිකාවක් විදිහට. රංගන ශිල්පිනියක් වුණාට එයාගේ පොඩ්ඩක්වත් අකමැත්තක් නැහැ.

ගායිකාවක් විදිහට ප්‍රසංග වේදිකාවෙන් ලැබෙන ආරාධනා කොහොමද?

ඇත්තට ම රෝස කුමාරි ගීතයෙන් පසුව ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ පුංචි බබාල ඉන්න අම්මලාගෙන් තමයි ඒ ගීතයට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ. මගේ වෙඩින් එක දවසේ තමයි ඒ ගීතය එළිදැක්වුණේ. වෙඩින් එකට ම නෙමෙයි මගේ මහත්තයාට තමයි ඒ ගීතය කොහොමත් නිර්මාණය කළේ.

රෝස කුමාරි නිර්මාණය කළේ සැමියා වෙනුවෙන්ම ද?

ඔව්. රෝස කුමාරි නිර්මාණය කළේ හස්බන්ඩ් වෙනුවෙන්මයි. හෂිකා සුරේනි අක්කා තමයි එහි පද රචනාව සිදුකළේ. ඒකටම හරියන සංගීතය සහ තනු නිර්මාණය කළේ සන්තූර් මල්ලී. ඒ ගීතය ඒක හින්දාම වෙන්න ඇති එච්චර ජනප්‍රිය වෙන්න ඇත්තේ.

සචිනි, ජීවිතය ගැන පසුවිපරමක් සිදුකළොත්?

ඇතතටම සතුටුයි. මගේ ගොඩක් හීන මේ වෙනකොට සැබෑවක් වෙලා තියෙනවා. එහෙම හිතෙනකොටත් සතුටුයි. සමහර අවස්ථාවලදී මට හිතුණා මට මෙහෙම කෙනෙක් වෙන්න බැරි වෙයිද කියලත්. ඒ වගේම පුංචි කාලේ තිබුණ හීනත් මේ වෙනකොට සැබෑවෙලා තියෙනවා. එහෙම බලනකොට ලොකු සතුටක් තියෙනවා. වාසනාව විතරක් තිබිලා මදි, මේ වගේ තැනකට එන්න නම් උත්සාහයකුත් තියෙන්න ඕනෑ.

දිනේෂ් විතාන

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 325 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 94 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 657 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 84 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 965 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1319 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…