ලගදීම නැවතත් ජාත්‍යන්තරයත් එක්ක වැඩක් කරන්න යන මේ දවස්වල ටිකක් බැනුම් අහන රංගි කියපු කතාව මෙන්න…

ලද දෙයින් සතුටු වෙනවා
මේ දවස්වල ටිකක් බැණුම් අහනවලු. කොහොම වුණත් ඇය ඉන්නෙ මනීෂා ගැන සතුටින්. ඒ වගේම නැවතත් ජාත්‍යන්තරයත් එක්ක වැඩක් කරන්නත් රංගි සූදානමින් ඉන්නව. ඒ ගැන ඇය කිව්වෙ මෙහෙම කතාවක්.
රංගි මේ දවස්වල නපුරු වෙලා?

ටිකක් විතර, ඒත් නපුරුමත් නෙමෙයි, අවුරුදු පහළොවේ ඉඳන් එයාට සිදුවුණ දේවල් එක්ක මොන විදිහකින් හරි තමන්ට ඕන දේ ලබාගන්න උත්සාහ කරනව. ‘THE R.a.t’ ටෙලි නාට්‍යයේ මේ චරිතය නිසා බැණුම් එහෙමත් අහනව. ඒ වුණත් මම මේ චරිතය කරන්නෙ හරිම කැමැත්තෙන්. චරිතාංග නිළියක් වෙන්න මට ලොකු ආසාවක් තියෙනව.

මනීෂා ගැන රසිකයො මොකද කියන්නෙ?

ඇත්තටම මනීෂාට ගොඩක්දෙනෙක් බණිනව. ඒකට හේතුව මෙවැනි චරිතයක් මම මෙතෙක් කලකට කරල නැහැ. ඉතිං ගොඩක් දෙනෙක් කැමති නැහැ අහිංසක කියන රූපරාමුවෙන් මිදිල මම මේ වගේ චරිත රඟපාන එකට. ඒ වගේම මේ බැණුම් අහන එකෙන් මට දැනෙනව මම ඒ චරිතයට සාධාරණයක් කරනව කියල.

ඒ හීනය බොඳ වුණාට දුකක් නැහැ – රංගි රාජපක්‍ෂ
එකවරම චරිතය භාරගත්තද?

පිටපත අතට ලැබුණම මම ගොඩක් කල්පනා කළා දැන් මොකද කරන්නෙ, මේ චරිතය කළොත් මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද වගේ දේවල්. ඉන් පස්සෙ මේ නිර්මාණයේ පිටපත් රචක සහ අධ්‍යක්‍ෂත් එක්කත් කතා කළා. එතැනදි චරිතය ගැන පැහැදිලි කිරීමක් කරල ඔවුන් මාව දිරිමත් කළා. මටත් හිතුණා හැමදාමත් එකම දේ කරන්නෙ නැතිව වෙනසක් කරන්න ඕන කියල.

‘රොකී’ නාට්‍යයෙනුත් ඔබව දකින්න ලැබෙනවා?

ඔව්, ඒක දැන් අවසන් වෙන්න ළඟයි. රොකී කියන්නෙ මම හරිම ආසාවෙන් සම්බන්ධ වුණ නාට්‍යයක්.

වැඩි ප්‍රතිචාර ලැබෙන්නෙ?

මේ නිර්මාණ දෙක ගත්තොත් වැඩි ප්‍රතිචාර ලැබෙන්නෙ ‘THE R.a.t’ ටෙලි නාට්‍යයට. රොකී ටෙලි නාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනව. යන යන තැන චරිතයේ නමින් කතාකරනව. හරි සතුටුයි ඒ ගැන.

අනෙකුත් නිර්මාණ ගැන කතා කළොත්?

දෙරණ නාළිකාවේ ‘නිකිණි කුසුම්’ ටෙලි නාට්‍යය විකාශය වෙනව. ‘නෙලුමි’ ටෙලි නිර්මාණයේත් ෂූටිං අවසන් කළා. ඒ වගේම හර්ෂ තෙන්නකෝන් අයියගෙ පළමු ටෙලි නිර්මාණය ‘නේත්‍රාදේවි’ හි ලොකු චරිතයකටත් සම්බන්ධවෙලා ඉන්නව.

සිනමාවේ වැඩකටයුතු?

ශ්‍යාම් ප්‍රනාන්දු අයියගෙ ‘ටීච් මී’ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒකට පසුගිය දවසක ජාත්‍යන්තර සම්මානයක් පවා හිමි වුණා.

ඔබ රංගනයෙන් දායක වුණ ‘කෞෂි’ පසුගිය දවස්වල මාලදිවයිනේ තිරගත වුණා. කොහොමද ඒ අත්දැකීම?

ඇත්තටම ඒක හරි සුන්දර අත්දැකීමක්. ආරාධනාව අනුව අපිත් සහභාගි වෙන්න ගියා. එයාර්පෝට් එකෙන් බහිනකොට රෙඩ් කාපට් දාල අපිට ලැබුණ පිළිගැනීම ඉතාමත් ඉහළයි.

මේ ලැබෙන ජනප්‍රියත්වය දැනෙන්නෙ මොන විදිහටද?

ඇත්තටම හරිම සතුටුයි රසිකයන්ගෙන් මේ ලැබෙන ආදරය ගැන. ඒ වගේම මමත් ලංකාවේදි වගේම පිටරටකදි වුණත් හැමෝ එක්කම කතාකරනව.

රංගි නිළියක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙමෙයි?

නෑ… නෑ… මම හීන දැක්කෙ එයාර්හොස්ටස් කෙනෙක් වෙන්න. මගෙ ෆොටෝස් දැකල වෙළෙඳ දැන්වීම් කිහිපයකට කතා කළා. ඉන් පස්සෙ දිගටම ඒවාට සම්බන්ධ වුණා. ඒ අතර තමයි ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නෙ.

රංගිගෙ හීනය අද වන විට බොඳවෙලා?

ඔව්, නමුත් ඒ ගැන දුකක් නැහැ. අහම්බෙන් හරි ආපු මේ ගමන ගැන සතුටුයි.

ඔබට ලැබෙන චරිත එකිනෙකට වෙනස් වෙනව?

විවිධ චරිත ලැබෙනව කියන්නෙ, රංගන ශිල්පිනියක් හැටියට ඒක මගේ වාසනාවට වෙන දෙයක් කියලයි මම හිතන්නෙ. එක චරිතයකට කොටු වුණොත් දිගටම අපිට ලැබෙන්නෙ එක වගේ චරිත.

රංගනයේදී රංගිට සීමාවන් තියෙනවද?

සාමාන්‍ය ජීවිතයේදී මම ඇඳුමක් කොටට අඳින කෙනෙක් නෙමෙයි. නමුත් අපි කරන නිර්මාණය අනුව ඒකට උපරිම සහයෝගය දෙන්න ඕන. ඒ වගේම හරයක් නැති නිර්මාණවලට මගේ උපරිමය ලබාදීමෙන් පලක් වෙන්නෙ නැහැ.

වෘත්තීයමය රංගන ශිල්පිනියක් හැටියට ඔබට ලැබෙන වටිනාකම ගැන සෑහීමකට පත්වෙනවද?

මම කොහොමත් ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක්. ඒ නිසා වෘත්තීයමය පැත්තෙනුත් මට ලැබෙන වටිනාකම ගැන මට සතුටුයි.

රංගිට ගෙදරින් තහංචි තියෙනවද?

අපේ පවුලෙ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. නමුත් මම කරන දේට ගෙදරින් තහංචි දාලත් නැහැ. එයාලට මං ගැන තියෙන විශ්වාසයත් එක්ක උපරිම නිදහස මට දීල තියෙනව වගේම ඔවුන්ට පුළුවන් උපරිමයෙන් මට සහයෝගය ලබාදෙනව.

ජාත්‍යන්තරය සමග නැවතත් වැඩක් කරන්න අදහසක් තියෙනවද?

ඔව් අදහසක් තියෙනව. මේ වනවිටත් මාලදිවයිනෙන් නැවතත් ආරාධනයක් ඇවිත් තියෙනව ඔවුන් එක්ක නිර්මාණයක් කරන්න. අපි බලමු ඉදිරියේදි කොහොමද වෙන්නෙ කියල.

ආරාධනය භාරගන්නවද?

ඔවුන් එක්ක කතාබහ කරල, පිටපතත් අධ්‍යයනය කළාට පස්සෙ මට හොඳයි කියල හිතුනොත් භාරගන්නව.

මහේෂ් එදිරිසිංහ

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 238 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 47 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 652 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1043 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 12 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 96 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…