මල ජංජාලයයි…මහ රෑ තිස්සේ පන්ති කරනකොට සිසුවියගේ ඉස්සරහා ගුරාට විෂය මාරු වෙලා…

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මව්පියන් ඕනෑම දෙයක් කරනවා.. ඇගේ අම්මා තාත්තා වුණත් එහෙමයි.. ඒ නිසා තමයි ඇයට අමාරුයි කියූ ඒ විශයට නිවසටම ගෙන්වා උගන්වන්න කටයුතු කළේ….

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මව්පියන් ඕනෑම දෙයක් කරනවා..

ඇගේ අම්මා තාත්තා වුණත් එහෙමයි..

ඒ නිසා තමයි ඇයට අමාරුයි කියූ ඒ විශයට නිවසටම ගෙන්වා උගන්වන්න කටයුතු කළේ.. උපකාරක පන්තියක් පැවැත්වීම සඳහා නි​වසට පැමිණි ගුරුවරයකු පන්ති පවත්වන අතරේ අමුතු අන්දමේ විද්‍යා පාඩමක් කියාදීමට ගොස් දරුවාගේ පියාගෙන් හසුවුණා.. මේ ඒ ගැන කතාවයි..

ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ සිංහල ගුරුවරයෙක්.. ඉතාම අමාරුවෙන් වෙලාවක් වෙන්කරගෙන ඔහු ඉල්ලන ගානට එකඟ වී තම දියණියට සිංහල විශය ඉගෙන ගැනීමට ඒ මවත් පියත් අවස්ථාව ලබාදී තිබුණා..

මේ ගුරුවරයා අමතර ආදායමක් ලබාගැනීමට නිවෙස්වලට ගොස් උපකාරක පන්ති පැවැත්වීම සිදු කළේ පවත්නා ජීවන අරගලයට මුහුණදීම සඳහා මිල මුදල් ඇති මේ දෙමව්පියන්ගේ දියණිය දැක්කාම නම් ඔහුට පහළ වුණේ ආල සිතක්.. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් ලබාගැනීමට මෙ පන්තිය පැවැත්වුණත්, දින කිහිපයක් පන්තියේ සිදුවන දේට අවදානය යොමුකළ පියාට එය එසේ සිදු නොවෙන බවට වැටහී ගියා..

සතිය පුරාවටම පන්ති කීපයක්ම පැවැත්වීම නිසා තමන්ට කාලවේලාව කළමනාකරණය කර ගැනීමට අපහසුතාවක් ඇතැයි කී ගුරුවරයා දරුවාට ඉගැන්වීමට රාත්‍රී කාලය යොදාගත් අතර ඇතැම් දිනවලදී ගුරුවරයා දරුවාගේ නි​වසේම නවාතැන් ගත්තේ දරුවාගේ මව්පියන්ගෙන්ද ඊට විරෝධයක් එල්ල කිරීමට නොහැකි වන අයු‍රින් ඔවුන්ගේද හිත් වෙනස්කරගත් පසුවයි.. කොහොම හරි, වැඩි වේලාවක් තම දරුවාට ඉගැන්වීම් කටයුතු කළ හැකි වීම නිසා ඒ පිළිබඳ දරුවාගේ මවුපියන් සිටියේ දැඩි කැමැත්තකින්…

අය කරන මුදල පසෙක තබා ඇතැම් අවස්ථාවල මැදියම් රෑ දක්වාම දරුවාට සිංහල භාෂාව උගන්වන්නට තරම් ගුරුවරයා පරිත්‍යාගශීලී වූවේ දරුවාගේ මව්පියන්ගේ ද සිත් දිනා ගනිමින්.. කෙසේවෙතත් පසුගිය දිනෙක සිංහල භාෂාව ඉගැන්වීම පසෙක තැබූ හෙතෙම දරුවාගේ විද්‍යා විෂය පොතක් අතට ගෙන එහි වූ ප්‍රජනක පද්ධතිය පිළිබඳ පාඩමක් කියා දුන්නේ ඒ සම්බන්ධයෙන් හසල දැනුමක් ඇත්තකු පරිද්දෙනි…

ඒ සඳහා ඔහු තම ස්මාර්ට් දුරකතනයේ තිබූ ඇතැම් පිංතූර හා වීඩියෝද උපකාර කර ගෙන ඇති අතර, මවුපියන්ට බොහෝ සේ ලැදියාවකින් පසුවූ දරුවා ඒ පිළිබඳව සිය මවටත් පියාටත් කියන්නට වුණා.. යක්ෂාරූඪ වූ පියා ගුරුවරයාගෙන් ඒ පිළිබඳ විමසා ඇත්තේ සිංහල ඉගැන්වීමට පැමිණ විද්‍යාව උගන්වන්නට හේතුව කුමක්ද කියායි…

දැනුම හා අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනික මෙවලම් භාවිතය පිළිබඳ තමා උගත් විෂය කරුණු පෙන්වමින් ගුරුවරයා දරුවාගේ පියා සමඟ වාදයක පැටලුන ද සිදුවී ඇත්තේ කුමක්දැයි අවබෝධ කරගත් පියා ගුරුවරයාට අතින් පයින් සංග්‍රහ කර මහ රෑම ඔහු නිවසින් එළියට ඇද දැම්මේ විශය උගන්වා ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් දිනාගත් ඔහුගේ නම ඉදිරියෙන් කළු පැල්ලමක්ද එක්කරමින්..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports