නාන්න හොඳ උණු ජලයෙන්ද ? ඇල් ජලයෙන්ද ? අපි වැඩිය නොහිතන කතාවක් ගැන විස්තරේ මෙන්න Ceylon / neth

සියල්ලෝම නිරෝගීව, පිරිසුදුව හා ලස්සනට සිටීමට වැඩි කැමැත්තක් දක්වමු. ඒ සඳහා හැමදෙනාම වාගේ දිනකට එක් වතාවක් හෝ පිරිසිදු ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම කරයි…

සියල්ලෝම නිරෝගීව, පිරිසුදුව හා ලස්සනට සිටීමට වැඩි කැමැත්තක් දක්වමු.

ඒ සඳහා හැමදෙනාම වාගේ දිනකට එක් වතාවක් හෝ පිරිසිදු ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම කරයි.

වර්තමාන සමාජයේ බොහෝ දෙනා සීතල වතුරෙන් මෙන් ම, මද රස්නයක් ඇති වතුරෙන් ස්නානය කිරීමට පුරුදුව ඇත. ඇල් ජලයෙන් නෑව ද, උණු ජලයෙන් නෑව ද, එම අවස්ථා දෙකේදීම අපගේ ශරීරයට සැලසෙන වාසි ගණනාවකි.

ශරීරය තුළ හොඳ රුධිර සංසරණයක් පැවතීම, කෙනකුගේ සෞඛ්‍ය තත්ත්වය නිරෝගීව පවත්වා ගෙන යෑම සඳහා ඇති අත්‍යවශ්‍ය සාධකයකි.

නාන අවස්ථාවේදී කඩින් කඩ සීතල ජලය ද, උණු ජලය ද මාරුවෙන් මාරුවට භාවිත කිරීමෙන්, රුධිර සංසරණය ඉතා යහපත් අතට හැරෙන බවට අලූත් ම විද්‍යාත්මක වාර්තා සනාථ කරයි. ඇල් ජලයෙන් හෝ සීතල ජලයෙන් දිය නෑමේදී සම මතුපිට ඇති රුධිර වාහිනී පටු වී, ශරීර අභ්‍යන්තරයට රුධිරය තල්ලූ කර හරියි.

ඒත්, උණු ජලයෙන් නෑමේදී සම මතුපිට ඇති රුධිර වාහිනී විස්තාරණය වී, සම මතුපිටට රුධිරය හොඳින් එවයි. මෙසේ කිරීම නිසා රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම වේ. එලෙසම උණු ජලයෙන් ස්නානය කරනවාට වඩා, ඇල් ජලයෙන් ස්නානය කිරීමේදී සම සහ කේෂකල්‍යාණය වඩ වඩාත් නිරෝගීමත් වන බව, අලූත් ම දත්ත වාර්තා අනාවරණය කරයි.

සමීක්ෂණයකින් වාර්තා වන්නේ, සීතල වතුරෙන් දිනපතා ස්නානය කරන විට, වෛරස් මඟින් සෑදෙන රෝගවලට පවා ඉහළ ප්‍රතිශක්තීකරණයක් ඇතිවන බව ය. විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට, මේ ක්‍රියාවලිය සිදු වන්නේ සීතල වතුර නෑම නිසා ශරීරයේ රසායනික ප්‍රමාණය ඉහළ යෑම මඟින් ඇතිවන ප්‍රතිඵලයක් ලෙසට ය.

උණු ජලයෙන් ස්නානය කිරීම මඟින් හිස බර ගතිය, සෙම ගතිය ඇති නම්, ඒවා යම් තාක් දුරකට හෝ අඩුවන බව පර්යේෂණ වාර්තා සඳහන් කරයි.

මේ කරුණු කාරණා සියල්ලක්ම වාගේ සලකා බැලූ විට, දිනකට එක් වතාවක් හෝ දිය නෑම ශරීරයේ යහ පැවැත්මට ඉතාමත් ම සුබදායක ය.
අන්තර්ජාලය ඇසුරිනි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports