අල්ලපු ගෙදර අක්කාට බිලිං කඩලා දෙන්න ගිය චතුරංගට අන්තිමට අත් වුනු ඉරණම මෙන්න…

බදාදා දවසක්… චතුරංග වැඩට ගියේ නැහැ. නිවාඩුවක් දාලා ගෙදර හිටියා… නෝනා වැඩට ගිහිල්ලා… බදුල්ලට පුදුම හීතලක් අල්ලලා… පාන්දර නින්ද යන්නෙත් නැහැ… ඇදේ එහෙට මෙහෙට පෙරලුණු..

බදාදා දවසක්… චතුරංග වැඩට ගියේ නැහැ. නිවාඩුවක් දාලා ගෙදර හිටියා…

නෝනා වැඩට ගිහිල්ලා… බදුල්ලට පුදුම හීතලක් අල්ලලා…

පාන්දර නින්ද යන්නෙත් නැහැ… ඇදේ එහෙට මෙහෙට පෙරලුණු චතුරංග ෆෝන් එක දිහා බැලුවා…තාම පාන්දර හත හමාරයි…

තේ එකක් හදාගන්න හිතුණ නිසා චතුරංග කුස්සියට ගියා…

එහා ගෙදර අක්කා වැට ගාව ඉඳලා චතුරංගලාගේ ගෙදර දිහා බලනවා ඔහුට පෙනුනා.. ලගදි පදිංචියට ආපු අල්ලපු ගෙදර අක්කා මාර ලස්සනයි…

අක්කට තිබ්බේ කැරලි ගැහුණ ලස්සන කොණ්ඩයක්.. ඒ දිහා බල බල චතුරංග තේ එක හදන ගමන් සිංදුවක් මිමිණුවා… මොකද්ද මේ මට වෙලා තියෙන්නේ … චතුරංගට මනමාල හිනාවක් ගියා…

මල්ලී… මල්ලි…

අක්කා කතා කරනවා…

මේ මොකද මේ චතුරංග පුදුම වෙලා බැලුවා..

ඇයි අක්කේ ?

තේ එකත් අරගෙන දොරගාවට ආපු චතුරංග ඇහුවා..

අනේ මල්ලී ඕගොල්ලන්ගේ බිලින් ගහේ බිලින් හුඟක් තියෙනවා නේද ? අපිට දානයක් දෙන්න තියෙනවා මල්ලි… බිලින් පොඩ්ඩක් කඩා ගන්න පුළුවන්ද කියල බැලුවේ ? අල්ලපු ගෙදර අක්කා අහිංසක ඇස්වලින් හිනාවෙවී කිව්වා…

වෙන කවුරු හරි ඇහුවා නම් කඩාගෙන යන්න කියන ඔහු.. අල්ලපු ගෙදර අක්කාට බිලින් කඩලා දෙන්න උදව් කරන්න ඉදිරිපත් වුණා… අක්කත් රතු පාට බේසමක් අතේතියාගෙන බිලිං ගහ යටට ආවා..
දැන් දෙන්නත් එක්ක තරඟයට බිලින් කඩනවා… පොඩ්ඩක් පඳුරු තිබ්බ හරියක එහා පැත්තේ අත්තක බිලිං ගොඩක් තියෙනවා චතුරංග දැක්කා…

අක්කේ ඉන්න එහා පැත්තේ අත්තක බිලිං ගොඩක් තියෙනවා… මම කඩාගෙන එන්නම්..

එහෙම කියලා චතුරංග අමාරුවෙන් එහා පැත්තට ගියා….

” අම්මෝ … බුදු අම්මෝ… ” චතුරංග බෙරිහන් දුන්නා…

අල්ලපු ගෙදර අක්කා හුඟාක් බය වුණා…

” අනේ මල්ලි ඇයි ඇයි… අනේ මොකද උනේ මොකද උනේ මල්ලි… ”

අක්ක හොඳටම බය වෙලා…

අම්මෝ අක්කේ හොඳටම රිදෙනවා… මගේ කකුලේ ලොකු බෝතල් කට්ටක් ඇනුනා…

චතුරංගට එහෙට මෙහෙට වෙන්නවත් බෑ…අක්කා අමාරුවෙන් එයා ඉන්න පැත්තට ගියා..

අනේ මල්ලි මම නිසානේ ඔයාට මෙහෙම දෙයක් වුණේ…. අල්ලපු ගෙදර අක්කගේ සුදු මූණ රතු වෙලා ඇස් දෙකේ කඳුළු පිරිලා…
චතුරංගට දුකත් හිතුනා ….

නෑ… නෑ අක්කේ… ඒක හිතන්න එපා…

චතුරංග වේදනාව යටපත් කරගෙන කිව්වා…

අක්කා ඇවිල්ලා චතුරංගගේ ඉණවටෙන් අල්ලගත්තා… චතුරංගගේ පපුව ගැහෙන්නත් පටන් ගත්තා…

යමු මල්ලි….

අක්ක චතුරංගව අල්ලගෙන ඉස්සරහට ආවා…

යම් මල්ලි අපේ ගෙදර ඔයාලගේ ගෙදර කවුරුත් නෑ නේද…මම දැක්කා නංගි උදේ වැඩට යනවා…

අනේ මල්ලි හොඳටම ලේ එනවා…අක්ක බය වෙලා හෝ ගාලා කියවනවා…

අපේ ගෙදරත් බෙහෙත් තිබ්බා අක්කේ එත් කොහෙද කියලා මම දන්නේ නැහැ…

නෑ නෑ මල්ලි අපේ ගෙදරට යමු අපේ ගෙදර බෙහෙත් තියෙනවා….

අක්කා චතුරංගව වත්තන් කරගෙන එයාගේ ගෙදරට එක්කගෙන ගියා…

අල්ලපු ගෙදර අක්කා චතුරංගව ඇඳේ හාන්සි කළා …. එයා චුට්ටක් නැමිලා චතුරංගගේ කකුල දිහා බැලුවා … හිතාගන්නවත් බැරි තරම් ගැඹුරට කැපිලා… යටි පතුලයි මාපට ඇගිල්ලයි ලොකුවටම කැපිල… ලේ ගලනවා නෙමෙයි… ලේ විදිනවා… අක්කාට නිකං සේරම එක පාරටම බොඳ වෙලා ගියා… වටේ බිත්ති සේරම ගෙදර වහලේ.. කමරේ බඩු මුට්ටු ඔක්කොම එක බෝලයක් වෙලා කැරකෙන්න ගත්තා..
එකපාරටම අල්ලපු ගෙදර අක්කා කපපු කෙහෙල් ගහක් වගේ චතුරංග නිදාගෙන හිටිය ඇද උඩට කඩාගෙන වැටුණා…
හුටා … අක්කාට කලන්තෙ හැදිලා…
දෙවියනේ දැන් මම මොකද්ද කරන්නේ…චතුරංග කල්පනා කළා…

ගහෙන් වැටුණු මිනිහට ගොනා එන්න වගේ කියන්නේ මෙහෙම දෙයක් වුණාම වෙන්න ඇති…. චතුරංගට කරකියාගන්න දෙයක් නැතිවුණා.. කකුලෙන් ලේ ගලනවා.. ඒ වේදනාව මදිවට අක්කා ඇඟ උඩ කලන්තේ හැදිලා වැටිලා… චතුරංගගෙත් ඇස් දෙක බොඳ වෙන්න ගත්තා….

පැය භාගයකට පසු….

අල්ලපු ගෙදර අක්කාට සිහිය ආවා… එයාට හිතාගන්න බෑ චතුරංග ඉන්නවා එයා ලඟම ඇඳේ… ඇග උඩින් අතකුත් දාගෙන… එයාට සිහිය නෑ වගේ… කකුලෙන් ලේ ගිහිල්ලාමද කොහෙද … අක්කාට මතක් වුණා එයාට ලේ දැක්කාම මොනවා හරි වුණා කියලා… එයා ඉක්මණින් නැගිටලා ගිහිල්ලා… පාරේ යන ත්‍රී වීල් එකක් කතා කරගෙන ඇවිත් චතුරංගව හොස්පිටල් එකට එක්ක ගියා… දෙවියනේ වෙච්ච දේ… අක්කා වීල් එකේ යනගමන් කල්පනා කරා…. ඔයින් ගියා මදැයි…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports