ලක්ෂ 150ක කොන්ත්‍රාත්තුවෙන් ලැබුනේ ලක්ෂ දෙකයි. ඔහු බුද්ධි අංශේ නිලධාරියෙකුත් නෙමෙයි. ඊයේ මුස්ලිම් නමකින් පෙනී හිටපු ඔහු සිංහල වෙයි. ගනේමුල්ල සංජීවගේ සිද්ධියේ පුද්ගලයා සියල්ල වමාරයි…

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු යුද හමුදා කර්මාන්ඩෝ සෙබළෙක් හෝ බුද්ධි නිලධාරියෙන් නොවන බව ආරංචි මාර්ග පවසයි. ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු මූලක පුහුණුවෙන් අනතුරුව..

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු යුද හමුදා කර්මාන්ඩෝ සෙබළෙක් හෝ බුද්ධි නිලධාරියෙන් නොවන බව ආරංචි මාර්ග පවසයි.

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු මූලක පුහුණුවෙන් අනතුරුව යුද හමුදාවෙන් පළාගිය අයෙකු බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් ඔහු කමාන්ඩෝ සෙබළෙකු හෝ බුද්ධි නිලධාරියෙකු නොවන බවද සඳහන්ය.

යුද හමුදා ⁣පුහුණුව අතරතුර පළාගිය අදාළ සෙබලා පසුව පොදුසමා කාලය යටතේ යුද හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වී ඇති බවද යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

ඉන් පසුව ඔහු විවිධ අපරාධවලට සම්බන්ධ වී ඇති බවද වාර්තා වේ.

සැකකරු මනුෂ්‍ය ඝාතන 06කට පමණ සම්බන්ධ වී ඇති අතර දෙහිවල වටරප්පල ද්විත්ව ඝාතනයටද මොහුගේ සම්බන්ධයක් පවතින බව පොලීසිය සැක පළ කරයි.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණ මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා පිළිබඳවද මේ වනවිට කරුණු අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව අදාළ වෙඩික්කරු ඉකුත් මස 7වනදා ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතතය කිරීමට පැමිණි වෙඩිකරු බව පොලීසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ඊයේ (19) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන කරුණු රැසක් අනවාරණය කරගැනීමට පොලීසිය සමත්ව සිටියි.

ඔහු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, පුත්තලම පාලවිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා නම් කිහිපයකින් පෙනී සිටි අයෙකු බවයි.

ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් තිබෙන බවත්, ඒ අතර නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන බවට සකසන ලද නීතිඥ හැඳුනුම්පතක් තිබෙන බවද පැවසීය.

එමෙන්ම ඔහු පළමු අවස්ථාවේදී මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමින් පෙනීසිට ඇති අතර, පසුව සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනආරච්චි යන නම භාවිතාකර ඇත.

ඔහු ව්‍යාජ ලෙස සැකසූ නීතිඥ හැඳුනුම්පතක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නම එහි සඳහන්කර ඇත.

ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව ඉදිරි විමර්ශනවලදී මෙම සැකකරු සම්බන්ධ සැබෑ තොරතුරු සහ ඔහුට ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සියලු දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බවද හෙතෙම පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports