ගනේමුල්ලේ සංජීවගේ සිද්ධියට සම්බන්ධ ඇය හොයලා දුන්නොත් පොලිසියෙන් තෑගි…

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න..

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ (19) කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත් කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී මෙම වෙඩි තැබීම සිදුවිය.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ගිනිඅවිය රැගෙන විත් ඇත්තේ මෙම සැකකාරිය බව හෙළි වී තිබේ.

වෙඩි තැබීමෙන් පසු සැකකාරිය පලාගොස් ඇති නමුත් මේ වන තෙක් ඇය සොයා ගැනීමට නොහැකි වී ඇත.

එබැවින් සැකකාරිය සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.

සැකකාරිය සම්බන්ධ තොතතුරු සහ ඡායාරූප පහතින් දැක්වේ.

01. නම – පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි
02. වයස – අවුරුදු 25
03. ජා.හැ.අ – 995892480v
04. ලිපිනය – 243/01, මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම.

සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංක,
* 071 – 8591727 – අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය
* 071 – 8591735 ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය

මෙම සැකකාරිය පිළිබඳව සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.

එමෙන්ම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බව පොලීසිය පවසයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports