ඇමති වසන්ත සමරසිංහට එරෙහිව ඉඩම් වංචා නඩුවක් අධිකරණය හමුවේ කැඳවයි..!

නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්..

නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී

වංචාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය අද (පෙබරවාරි 21) දින නියම කළාය.

ඒ අනුව ලබන මාර්තු මස 07 වන දින අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීමට නියමිත ය.

අදාළ නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කරනු ලැබ තිබුණ ද, එම නියෝග ක්‍රියාත්මක නොකර අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් වුවමනා බව පොලිසිය පවසා සිටින බවට අධිකරණය හමුවේ කරුණු දක්වමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ මණ්ඩලය කරුණු දක්වා තිබිණි.

අධිකරණයට ගොනු කර ඇති බී වාර්තාවට අනුව අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට කට උත්තරයක් ලබා දෙමින් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙසට තමන් පත් වූ බව පවසා සිටිය ද කම්කරු දෙපාර්තමේන්තුව ලබා දී ඇති වාර්තාවේ සඳහන් කර ඇත්තේ, 2017 වර්ෂයේ සභාපති වශයෙන් සිටි මයුරා ධර්මවර්ධන ඇතුළු නිලධාරී මණ්ඩලය ම 2024 වර්ෂය දක්වාත් සිටින බවට සඳහන් කර ඇති බව ය.

නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙස හා උපසභාපති ලෙස පෙනී සිටිමින් හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ හා රන්කොත්ගෙදර සිරිල් ආනන්දසිරි යන පුද්ගලයින්ගේ අත්සනින් යුක්තව අදාළ දේපළ 2020 වර්ෂයේ පෙබරවාරි මස 10 වන දින අංක 166 සහ 206, 207 දරන බදු ඔප්පු මගින් බදු දීමට කටයුතු කර ඇති බව පෙනී යන බව ය.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ඇති බවට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න වැඩිදුරටත් පැවසුවේ ය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇත්දැයි මහේස්ත්‍රාත්වරිය වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේදී මෙතෙක් ඒ සම්බන්ධයෙන් සාක්ෂි අනාවරණය වී නොමැති බව ඔවුන් පවසා තිබේ.

වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පවසා සිටියේ, ප්‍රශ්නගත දේපළෙහි භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ දැනට නඩුකරයක් පවතින හෙයින් එම නඩුකරය පාදක කරගෙන මෙහි භාරකාරත්වය සම්බන්ධව ඇති ගැටලුකාරී තත්ත්වය මත අපරාධ වරදක් අනාවරණය කර ගැනීමට නොහැකි බැවින් නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ බව ය.

මෙම නඩුව මාර්තු මස 07 වන දින නැවත කැඳවීමට නියමිත ය.

| BBC සිංහල සේවය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports