රට වැසියා පුදුම කරමින් අර්ජුන් ඇලෝසියස් නිදහස්…!

බිලියන 3.5 ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා මත සිර දඬුවම් විඳිමින් සිටි මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් දෙදෙනෙකු අද නිදහස් කර තිබේ…

බිලියන 3.5 ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා මත සිර දඬුවම් විඳිමින් සිටි මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් දෙදෙනෙකු අද නිදහස් කර තිබේ.

ඒ රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත ගොනු වූ නඩුවට අදාළවය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තිදෙනාට මාස හයක සිර දඬුවමක් නියම කලේය.

එහිදී අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ තවත් අයෙකුට පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මාස 4ක සිර දඬුවම් නියම විය.

ඒ අනුව අදාළ දඬුවම් කාලයෙන් පසු ඔවුන් දෙදෙනා අද මුදා හැරිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

බන්ධනාගාර ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් ඔවුන් නිදහස් කිරීම තහවුරු කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports