වනඅලි මියයාම වැළැක්වන්න අදහස් තියෙනවා නම් අපිට කියන්න. ඇමති මහජන අදහස් ඉල්ලයි..!

වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සදහා කෙටි කාලීන හා මධ්‍ය කාලීන විසදුම් කිහිපයක් යෝජනා කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි…

වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සදහා කෙටි කාලීන හා මධ්‍ය කාලීන විසදුම් කිහිපයක් යෝජනා කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා පැවසුවේ මෙම ගැටලුවට ලබාදිය හැකි විසදුම් ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස ජනතාවට ද ඉල්ලීමක් සිදුකරන බවය.

“වසර 160ක් පැරණි දුම්රිය සේවයේ වනඅලි දුම්රියේ ගැටීමේ ගැටළුවට ස්ථීරසාර විසඳුමක් ලබා දීමට නොහැකි වීම ගැන එහි වත්මන් බලධාරියා හැටියට කනගාටුවට පත්වෙනවා. මෙයට ස්ථිර විසඳුමක් ලබාදීම අපගේ අරමුණක්. තාක්ෂණික පියවර විතරක් මේකට ප්‍රමාණවත් වෙන්නේ නෑ. අපේ රටේ මේ පිළිබඳව අත්දැකීම් තියෙන දුම්රිය දෙපාර්තමේන්තුවත්, පරිසර අමාත්‍යංශයත්, ස්වාධීන පරිසරවේදීනුත් දන්නවා පසුගිය වසර 5 තුළ වැඩිම වනඅලි හැප්පිලා තියෙන්නේ මඩකලපුව මාර්ගයේ සැතපුම් 133 කියන බලපත කන්ද කියන ප්‍රදේශය බව හඳුනාගෙන තියෙනවා. මේ සඳහා ඉදිරිපත් කරන විසඳුම් ක්ෂණික සහ දිගු කාලීන විසඳුම් අපි හඳුනාගෙන තියෙනවා. වන අලි දුම්රියේ හැප්පිලා මියයාමට අදාළ හේතුන් 20ක් විතර හඳුනාගෙන තියෙනවා. අපි කෙටි කාලීන හා මධ්‍ය කාලීන යෝජනා කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා උපරිම උත්සායක් ගනිමින් ඉන්නවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් වනඅලි මියයන එක නවත්වන්නත්. ඒ නිසා ජනතාවටත් ප්‍රායෝගික අදහස් තියෙනවානම් අපිට දැනුම්දෙන්න කියලා අපි ඉල්ලනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports