මාලිමා ඇමති නලීන් හේවාගේ සජබ මන්ත්‍රිනියට කළ ප්‍රකාශයට මාලිමා නවක මන්ත්‍රිනීගෙන් විරෝධය..!

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියට සිදුකළ ප්‍රකාශයට සිය විරෝධය පළකරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය..

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියට සිදුකළ ප්‍රකාශයට සිය විරෝධය පළකරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

එමගින් ඇය සදහන් කර ඇත්තේ තමන් එම අවස්ථාවේ සභාගර්භයේ නොසිටිය ද විපක්ෂ මන්ත්‍රීවරියකට පාර්ලිමේන්තුව තුළ නොගැලපෙන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ස්ත්‍රීවාදී මූලධර්ම වෙනුවෙන් පෙනී සිටින කාන්තාවක් ලෙස එම ප්‍රකාශය අනුමත කළ නොහැකි බවයි.

නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා ඊයේ දින මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ඉලක්ක කර ඇගේ නම වෙනස් කර ඇති බවට පුවත්පත් දැන්වීමක් පළකර ඇති බව සඳහන් කරමින් ප්‍රකාශයක් සිදු කළේය.

“තඹුත්තේගමට වියදම් කළා කියලා අර මන්ත්‍රීවරියක් රෝහිණී කවිරත්න. පෙරේදා පත්තරේ මම දැක්කා නම වෙනස් කරපු දැන්වීමක්. රෝහිණී කවිරත්න වන මම අද දින සිට රෝහිණී ළමාරත්න යනුවෙන් ලංකාවේ සැමට දැනුම්දෙමි කියලා. ඒ ළමාරත්න කියපු කතාවක් මම කියන්නම් ලංකාවේ ස්ටේෂන්වලට පොඩි ගාණයි තඹුත්තේගමට ලොකු ගාණයි… ඉතිං ළමාරත්නලාට මේක තේරෙන්නේ නෑ…..”

එහිදී නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ගේ මෙම ප්‍රකාශයට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා දැඩි විරෝධය ද පළකළේය.

“පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මැතිණිය නම වෙනස් කළා කියලා රෝහිණී ළමාරත්න කියලා මෙතුමා මේක කිව්වේ වගකීමකින්ද නැත්නම් වෙන මොකක් හරි බලාපොරොත්තුවෙන්ද ?.. මම දන්න විදිහට රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය නම වෙනස් කරලා නෑ.. මෙතුමාට කිසිම අයිතියක් නැහැ එතුමිය නම වෙනස් කරා කියලා කියන්න….”

කෙසේවෙතත් එම අවස්ථාවේ මූලාසනයේ සිටි මන්ත්‍රිවරයා සඳහන් කළේ එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට අවශ්‍යනම් කථානායකවරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවය.

ඉන් අනතුරුව මූලාසනාරූඩ මන්ත්‍රීවරයා සහ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අතර සංවාදයක් ඇති වූ අතර ඉන් අනතුරුව නැගී සිටි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports