” මාව අත් අඩංගුවට ගත්තොත් කවුරුත් පුදුම වෙන්න එපා ” – නාමල් කියයි

” අද ආණ්ඩුවේ ප්‍රධාන කාර්යය තම පවුලට චෝදනා කිරීම බවත් හෙටානිද්දා තමන් අත් අඩංගුවට ගත්තත් කවුරුත් පුදුම නොවිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික..

” අද ආණ්ඩුවේ ප්‍රධාන කාර්යය තම පවුලට චෝදනා කිරීම බවත් හෙටානිද්දා තමන් අත් අඩංගුවට ගත්තත් කවුරුත් පුදුම නොවිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (22දා) උදේ කළුතරදී ප්‍රකාශ කළේය .

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ” ගමින් ගමට ” කළුතර දිස්ත්‍රික් වැඩසටහන කළුතර ඓතිහාසික බෝධිය අසලින් ආරම්භ කරමිනි .

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උප කුලපති ,මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් ඇතුළු මහා සංඝ රත්නය විසින් මෙහිදී ආගමික වතාවත් ඉටු කරන ලදි .

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය .

“අපේ ” ගමින් ගමට ” වැඩසටහන රට පුරා ගෙන යමින් ජනතාව පක්ෂය වටා ඒකරාශී කරමින් සිටිනවා.ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ගම පිළිගත් ඉතා හොඳ අපේක්ෂක කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා .

එදා දිනපතා ප්‍රවෘත්ති බලනකොට අපි දැක්කේ රටේ සංවර්ධන ව්‍යාපෘති .මුල්ගල් තැබීම්.විවෘත කිරීම්.අද ප්‍රවෘත්ති බලන කොට ජනතාව බියට පත් වෙනවා .සංවර්ධනය වෙනුවට දකින්නේ වෙඩි වරුසාවල්. එදා මුළු රටම වැඩ බිමක් බවට පත්වී තිබුණා.අද ජනතාවට මර බිය දැනෙනවා .පසුගිය කාලය ගැන විවේචනය කරමින් නොසිට රජය මේවාට පිළිතුරු සෙවිය යුතුයි .

එදා ලොව බිහිසුණුම ත්‍රස්තවාදය තුරන් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමත් වුණා. මේ ආණ්ඩුව කරන්නේ පසුගිය ආණ්ඩු විවේචනය කරමින් සිටීම පමණයි .”

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් වර්ණකුමාර ,සංජීව එදිරිමාන්න ,ජයන්ත කැටගොඩ ,ගාමිණී ලොකුගේ ,හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න සංජීව ,උපාලි කොඩිකාර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර ආසන සංවිධායක යොහාන් වඩුගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports