අවුරුදු 82ක් වෙලත් මෙහෙම ගැම්මෙන් ඇවිදින්නේ කොහොමද ? මෙන්න ඒ රහස…

අවුරුදු 82දි මෙහෙම ගැම්මෙං ඇවිදින්නෙ කොහොමද….? ඇමෙරිකාවෙ මහා ඝන කැලෑවක් ඇතුලෙ යන්න හිතන්නවත් බැරි භයානක තැනක තියනවලු මායා දිය උල්පතක්…ඒකෙං වතුර බිවුවම සදාකාලිකව තරුණ වෙනවලු……

අවුරුදු 82දි මෙහෙම ගැම්මෙං ඇවිදින්නෙ කොහොමද….?

ඇමෙරිකාවෙ මහා ඝන කැලෑවක් ඇතුලෙ යන්න හිතන්නවත් බැරි භයානක තැනක තියනවලු මායා දිය උල්පතක්…ඒකෙං වතුර බිවුවම සදාකාලිකව තරුණ වෙනවලු….
මේ ඉන්නෙ Harrison Ford, අවුරුදු 82යි….

පොරත් මේ කියන මායා දිය උල්පතෙන් වතුර බීලද කියල බලන්න බුවාගෙ චර්යාව ගැන ලිපි කීපයක් කියෙවුවට පස්සෙ අපේ ජීවිත වලට වැදගත් කාරණා ටිකක් හොයා ගත්ත….

1. හැරිසන් අයියා කැමතිම exercises ජාති 2යි…cycling and tennis…ඒ දෙකම බැහැලම කරනව…බයිසිකල් පදිද්දි 40km විතර පදිනව දවසට…ඊට අමතරව හැම වෙලාවෙම පොඩි පොඩි වැඩපල කරන active life එකක ඉන්නෙ…(NEAT – Non Exercise Activity Thermogenesis – ව්‍යායාම නොවන වැඩ වලිං වැයවන ශක්තිය )

2. සීනි දාපු කෑම බීම පුළුවං උපරිමේටම අඩුයි (Insulin spikes අවම හෝ නැතිම තරං)…සීනි වලින් (refined sugar) තමයි අපිව තනිකරම දිරාපත් කරන්නෙ…හැරිසන් අයියා දවසට වේල් 2ක් විතර කන්නෙ…fasting පාරක් දිගටම යනව…

3. Alcohol පාවිච්චිය සතියට පාරක් දෙකක් විතරයි (පාලනයක් ඇතුව බීල stress release කරගන ආතල් එකේ ඉන්න එකෙං මහත් වෙන්න බලපාන cortisol කියන stress හෝමෝන වැඩිවීම අවමයි)

4. තෙල් සහිත කෑම අවමයි…රතු මස්, dairy, processed meat නවත්තලම දාල…dairy (කිරි සහ කිරි වලින් හදන ජාති) වලින් වයසත් එක්ක එන සංකූලතා හුඟක් වැඩියි කියල හැරිසන් අයිය කියන්නෙ…
මාළු ජාති තමයි වැඩිපුරම…අළුත් එළවළු, පළතුරු වැඩියෙන්…complex carbs සුළු ප්‍රමාණයක්…(සමබර ආහාර වේලකින් එන පූර්ණ පෝෂණය තමයි වැදගත්ම)

5. යකඩ මලකඩ කනව වගේ අපේ ඇඟත් වයසත් එක්ක මලකඩ කනව, ඒකට කියන්නෙ oxidation කියල…ඒකෙං තමයි නාකි වෙන්නෙ, හම රැලි වෙන්නෙ, ලෙඩ වෙන්නෙ…ඒකට විරුද්ධව ක්‍රියා කරන ජාති වලට කියන්නෙ antioxidants කියල…vitamin C, vitamin E, green tea, කහ, blueberries, දං, නමිනං වගේ කහට තියන පළතුරුවල එහෙම antioxidants හොඳට තියනව…

6. Stress එක අවම වෙන විදිහට වැඩ ප්ලෑන් කරන එක සහ ඕනෙ මරාලයකදි සුබවාදීව හිතල සතුටින් ජීවත් වෙන එක…ලොකු ඉලක්ක පස්සෙ දුවන්නෙ නැතුව මැද මාවතක යනව…මොන මගුලක්වත් වැඩියෙ ගනං ගන්නෙ නෑ කියල හැරිසන් අයිය කියන්නෙ…

7. පැය 8ක විතර සැප නින්දක්…අපි කරන හැම දෙයකම ප්‍රතිපල එන්නෙ නින්දෙදිනෙ…(ඇහැරුනාට පස්සෙත් නිදිමත ගතියයි නං sleeping quality එක අවුල්…ඒක හදාගන්න වෙනව)

8. ජීවිතේ පුරාම ආදරය සහ sex සීන් එක හොඳම මට්ටමක තියාගන යනව…(මේකත් ලේසියි වගේ පෙනුනට ලේසිම නෑ…හරියට hormones වැඩිවෙන විදිහට high heart rate එකකට යන විදිහට feelings එක්ක කම්මැලි නැතුව බැහැලම වැඩේ කරන්න ඕනෙ…යුතුකමට වැඩේ කරල අනික් පැත්ත හැරිල නිදාගත්තම ප්‍රතිපල අඩුයි)…හැරිසන් අයියගෙ වයිපරේට 53යි…දැං අවුරුදු 20ක් තිස්සෙ එයත් එක්කලු ඉන්නෙ…

මේ තියන ඒව අපිට හිතාගන්නවත් බැරි හෙනට වියදං යන අර මායා උල්පතේ වතුර බොනව වගේ වැඩ නෙවෙයි…
හැබැයි දීර්ඝ කාලයක් කරගන යන්න තරං discipline එකක් ඕනෙ…ඒ සංයමය, ගට තමයි මෙතන තියන රහසිගත තාරුණ්‍යයේ මායා දිය උල්පත….

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports