සමාජ මාධ්‍ය වලින් මුදල් උපයන අයටත් බද්දක්… රට අනුරට දුන් තරුණයින්ට කලකිරෙයි !

පැනවීම් හා ඒවායේ සිදුවෙන වෙනස්කම් ගැන ගොඩක් වෙලාවට අපට අහන්න දකින්න ලැබෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්.. මේ අවස්ථාවේදී සමාජ..

පැනවීම් හා ඒවායේ සිදුවෙන වෙනස්කම් ගැන ගොඩක් වෙලාවට අපට අහන්න දකින්න ලැබෙනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..

මේ අවස්ථාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් උපයන ඩොලර් මුදල් සඳහා බදු මුදල් අය කරගැනීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා…

එමෙන්ම මීට පෙර ඔවුන්ට සියයට 15කට වඩා වැඩි බදු මුදලක් යෝජනා වී තිබූ බවයි ඔහු සඳහන් කළේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළා,

”මගේ දැනුමේ හැටියට මීට වඩා ඉහල ටැක්ස් එකක් තමයි යෝජනා වෙලා තිබුනේ. නමුත් අපිට මේ වෙලාවේදී ඒක කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඊට වඩා බරපතල බදු වලට යන්න වෙනවා. මොකද ඔබ දන්නවා මේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අපිට ඉතාම සීමිත බදු ප්‍රමාණයක් තමයි අය කරගන්න සිද්ධවෙන්නේ, ජනතාවට විශාල බරක් පටවන්නේ නැතුව. දැනටමත් පැටිලා තියෙන බරෙන් අඩු කරන්න උත්සාහ කරමින් යන්නේ. ඉතින් දැනට මට දෙන්න පුළුවන් උත්තරේ ඒකයි. මම බලන්නම් ඒකට යම් සහනයක් ඊට වඩා දෙන්න පුළුවන්ද කියන එක මුදල් අමාත්‍යංශය පැත්තෙන්.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports