” අමිල අයියා මාව බයිසිකලෙන් වැට්ටුවා..” – ජනප්‍රිය නිලි රොශෙල් කියන මේ කතාව ඇහුවද ?

පසුගිය කාලයේ ආදරණීය ප්‍රාර්ථනා තුළින් සිනමාවෙන් දුටු නෙත්මි රොෂෙල් මේ දිනවල ප්‍රසාද් කළුපහන අධ්‍යක්ෂණය කරන ලද ‘කම්බිලි’ තුළින් දක්නට ලැබෙනවා. ඔය අතරේ පුංචි තිරයේ නිකිනි කුසුම් සහ පාරාදීසේ සමගිනුත් ඔබ හමුවට එන නෙත්මි සමග මේ කතාබහ සිනමාව සහ පුංචි තිරය ගැනය.

කම්බිලි ෂූටින්වලදී අමිල අයියා මාව බයිසිකලයෙන් වැට්ටුවා – නෙත්මි රොෂෙල්
නෙත්මි රංගනයෙන් දායකවුණු කම්බිලි තිරගත කිරීම ආරම්භ කළා?

ඇත්තටම හරිම සතුටුයි. මට මේ චිත්‍රපටයට ආරාධනා කළේ අධ්‍යක්ෂ ප්‍රසාද් කළුපහන අයියා. පිටපත අතට ලැබුණු ගමන් මම හරිම ආසාවෙන් භාරගත්තු චරිතයක් තමයි ‘සමාධි’ කියන්නේ. ඉතින් ‘කම්බිලි’ තිරගත වෙනවා කියන ආරංචිය ලැබුණු ගමන් ඊට වඩා සතුටු හිතුණා.

‘සමාධි’ කියන්නේ මොනවගේ චරිතයක්ද?

සමාධි කියන්නේ හරිම දඟකාර, මවගේ සෙනෙහස අහිමි වුණු, පියා සමග තමන්ගේ ජීවිතය ගොඩනඟාගත්ත සැබෑ ආදරයක් සොයමින් සිටින ලස්සන ගැහැනු ළමයෙක්.

සමාධි, නෙත්මිට ගොඩක් සමානද?

යම් යම් දේවල් සමානයි. ටිකක් විතර ජීවිතයට සමීපයි.

සමාධි වෙනුවෙන් මොනවගේ කැපකිරීම්ද කරන්න සිද්ධ වුණේ?

ගැමි චරිතයක්. මම හරි ආසාවෙන් කරපු චරිතයක්. වෙද දුවකගේ චරිතයක් තමයි රඟපාන්න තිබුණේ. ඒක මට අලුත් අත්දැකීමක්. අනික මට එහෙම ලොකු අභියෝගයක් වුණේ නැහැ.

කම්බිලි ෂූටින්වලදී අමිල අයියා මාව බයිසිකලයෙන් වැට්ටුවා – නෙත්මි රොෂෙල්
ෂූටින්වලදී අමිල බයිසිකලයෙන් පවා වැට්ටුවා කියන්නේ ඇත්තද?

අයියෝ ඔව්නේ. අන්තිම දවසේ තමයි ඒ දර්ශනය රූගත කරන්න තිබුණේ. ඊට පසුව මට ඕස්ටේ්‍රලියානු සංචාරයක් සඳහාත් යෑමට තිබුණා. අනික ඒ දර්ශනය රූගත කරද්දී මට ටිකක් තේරුණා එතැන ටිකක් අන්කම්ෆටබල් කියලත්. අනික දර්ශනයේදී බයිසිකලය මට අල්ලන්නවත් බැහැ. මම කිව්වේ අයියේ ඔයා පොඩ්ඩක් ඉස්සරහට ගන්න කියලා. කොහොම හරි ඒ බයිසිකලය අන්බැලන්ස් වෙලා රේස් වුණා. මාව වැටිලා කොන්දත් තුවාල වුණා. මොකද මට ඊට පහුවෙනිදා ඕස්ටේ්‍රලියානු සංචාරයේදී ඩාන්ස් කරන්නත් තිබුණා. අන්තිමේ මට අමිලා අයියා කතා කර කර මට කොහොමද කියලත් ඇහැව්වා.

පසුගිය කාලය පුරාවට එක දිගට සිනමාවෙන් දකින්න ලැබුණා?

ඇත්තටම ගොඩක් සතුටුයි. අපි ඕනෑම නළුවෙක් නිළියක් කැමැතියි රිදී තිරයෙන් දකින්න. මගේ පළමු චිත්‍රපටය ‘ආදරණීය ප්‍රාර්ථනා’ හි පාරමිගේ චරිතය. පාරමී ගැන අදටත් කට්ටිය කතාබහ වෙනවා. කම්බිලි කියන්නේ තිරගත වෙන මගේ දෙවැනි චිත්‍රපටය. තව වැඩ ටිකක් කරගෙන යනවා. හරිම සතුටුයි. චිත්‍රපට හරහා ලැබුණු වෙනම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා.

අලුත්ම ටෙලි නාට්‍යයක් විකාශය වෙන්න පටන් ගත්තා නේද?

ස්වාධීන රූපවාහිනියේ ‘පාරාදීසේ’ ටෙලි නාට්‍යය විකාශය වෙන්න පටන් ගත්තා. ඒ හරහාත් ඉන්න ප්‍රේක්ෂකයෝ වගේම අලුත් ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙන්න පටන් ගත්තා. එතැන මගේ චරිතයත් පාරමී. අදාරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ මට රඟපාන්න ලැබුණෙත් පාරමී කියන චරිතය. පාරමී කියන නම මට හරි සමීපයි. හරිම වෙනස් චරිතයක්. ඉදිරියේදී ලොකු ලොකු වෙනස්කම් ටිකක් සිද්ධ වේවි. ඒ වගේම දෙරණ නාළිකාවේ විකාශය වෙන නිකිණි කුසුම් ටෙලි නාට්‍යයේ ‘ආලියා’ සමගත් වෙනස් පිරිසක් ඉන්නවා. ආලියා කියන්නෙත් මම කරපු චරිතවලින් වෙනස්ම චරිතයක්.

රඟපෑම තෝරා ගැනීම ගැන මොකද හිතෙන්නේ?

හරිම සතුටුයි. මම දැන් කලා ක්ෂේත්‍රයට ඇවිදින් අවුරුදු පහක්. මේ අවුරුදු පහේදී ආපස්සට හැරිලා බලද්දී මට තියෙන්නේ පුදුම සතුටක්. මම හැමදාම කියනවා වගේම මම අහම්බයෙන් තමයි කලාවට එන්නේ. මම උසස් අධ්‍යාපනය සිදුකළේ වෙනස්ම විෂය ධාරාවකින්. 2019 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය වීම හරහා තමයි මට මේ හැමදේම ලැබෙන්නේ. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය එතැන. ඒකත් එක්ක මම කලාවට ඇවිත් මම අද ඉන්න තැන ගැන මාරම සතුටුයි. ඒ වගේම මේ ලැබෙන ආදරය ගැන වගේම මම ඉන්න තැන ගැනත් නිහතමානි ආඩම්බරයක් තිබෙනවා.

කම්බිලි ෂූටින්වලදී අමිල අයියා මාව බයිසිකලයෙන් වැට්ටුවා – නෙත්මි රොෂෙල්
කම්බිලි චිත්‍රපටය හරහා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් සමගත් රඟපාන්න ලැබුණා?

අනිවාර්යයෙන්ම කියන්න ඕනෑ, මට මෙහිදී බිමල් අයියත් එක්ක රඟපාන්න ලැබුණා. බිමල් අයියා කියන්නේ හරි නිහතමානි චරිතයක්. ලොකු සහයෝගයක් ලබාදෙනවා රංගනයේදී. අමිල අයියවත් මතක් කරන්න ඕනෑ. ලොකු සහයෝගයෙන් වැඩ කරපු චිත්‍රපටයක්. හරි ලස්සන කතාවක් තමයි ‘කම්බිලි’ කියන්නේ.

රඟපෑම ජීවිතයට මොනවගේ බලපෑමක් ද ඇති කළේ?

සතුටුයි. හිතපු නැති විදිහට ජීවිතය වෙනස් වුණා. දැන් හරිම සතුටින් හරිම ලස්සනට වැඩ ටික කරගෙන යනවා. ප්‍රේක්ෂකයන්ට කියන්න ඕනෑ ඔයගොල්ලන්ට ලබාදෙන්න තව වැඩ ගොඩක් තියෙනවා කියලත්.

කම්බිලි තිරගත වීමත් එක්ක ප්‍රේක්ෂක ආදරය වැඩි වුණාද?

ඔව්. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මාධ්‍යයට නිදහස් කළාට පසුව හැමෝම ඇහැව්වේ කවද ද එන්නේ කවද ද එන්නේ චිත්‍රපටය කියලයි. හැමෝම ඇහැව්වේ ඔන්න දැන් කම්බිලි චිත්‍රපටය තිරගත වීම ආරම්භ කළා. හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න එන්න කියලත්.

ක්ෂේත්‍රයේ වැඩ කරද්දී කලකිරීම් එහෙම ඇතිවුණු අවස්ථා තියෙනවාද?

එහෙම නැහැ. මේක හරිම ලස්සන තැනක්. අනික අපිට මෙතැනදී විවිධ මිනිස්සු එක්කනේ වැඩ කරන්න හම්බ වෙන්නේ. මේක මිනිස්සු එක්ක කරන ගනුදෙනුවක්. අනික මේක ටීම්වර්ක් එකක්. තව දෙයක් තමයි එක එක මිනිස්සු එක එක විදිහයි. ඒක හැම ක්ෂේත්‍රයක තියෙන දෙයක්. අනික මට කැපිලි කෙටිලි කියන දේවල් වුණාද කියලා කියන්න මම දන්නේ නැහැ. මොකද මට ඒක අදාළ නැහැ. මම මගේ ගමන හරි පාරේ හරි විදිහට යන කෙනෙක්. තියන හැම අඩියක්ම හරි විදිහට තියන කෙනෙක්. වැඩිය කලබලත් නැහැ. අනික මම ඉදිරිය ගැන හරියට හිතන කෙනෙක්. මේක හරි ලස්සනට කරන්න ඕනෑ වැඩක්. මම දෙයක් ගැන හරියට හිතලා තමයි තීරණ ගන්නේ. මට තේරෙනවා කට්ටියත් එක්ක අපි වැඩ කරන්නේ කොහොමද කියලා. ඕනෑ කෙනෙක්ව ගානට ආශ්‍රය කරන්න ඕනෑ. එතකොට අපිට වැඩ කරන්න ලේසියි. මට තවම කිසි ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. හැමෝමත් එක්කම සුහදව වැඩ කරලා හරිම සුහදව එතැනින් පිට වෙනවා.

දිනේෂ් විතාන
ඡායාරූප – උදිත උමේෂ්

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 3 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 50 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 605 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 80 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 928 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1291 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…