ඔයත් නිතරම නියපොතු කන කෙනෙක්ද ? මෙන්න එහෙනම් ඔයාට ඉස්සරහට මුහුණ දෙන්න වෙන බරපතල ලෙඩේ…

සමහර අය නිතරම නියපොතු කනවා.. නියපොත්තක් පේන්න බැහැ…

ඔයත් එහෙම කෙනක්ද? එහෙමනම් මේ ලිපිය ඔයාටයි…

නියපොතු කෑමෙන් කායිකව ඇතිවන ගැටලුකාරී තත්ත්ව මෙනවාද?

නියපොතු කැම මානසික රෝග යටතේ කතාබහට ලක්වන ව්‍යාධිමය තත්ත්වයක් ලෙසින් පිළිගැනෙනවා. නමුත් මේ නිසා කායික වශයෙන් ඇතිවන ගැටලුකාරී අවස්ථා පිළිබඳව සුලබව කතාබහට ලක්වෙනවා නේද?. ඒ අනුව නිය සැපීමේදී තිබෙන ප්‍රධාන ගැටලුව සම කැඩී යාමයි. ඊට අමතරව ඒ ආශ්‍රිතව බැක්ටීරියා දිලීර ආසාදිත තත්ත්වයන් ඇතිවීම මෙන්ම නිය විකෘති වීමට පවා හැකියි. ඒ වගේම අත් නිතරම අපිරිසුදු තත්ත්වයේ තිඛෙන නිසා පණු බිත්තර නිය අතර රැදීමෙන් නිය සැපීමේදී ඒවා ශරීරගත වී පණු රෝග පවා ඇතිවිය හැකියි. ඒ වගේම අපෙන්ඩිසයිටිස් වැනි දරුණු මට්ටමේ තත්ත්වයන්ට ද මෙය හේතු විය හැකියි.

මීට බලපාන මානසික තත්ත්ව?

මනෝ වෛද්‍ය විද්‍යනුකූලව යම් අයෙක් කාන්සාව වැනි මානසික තත්ත්ව වලින් පෙළෙන මුදා හැරීමේ එක් ක්‍රමවේදයක් ලෙස මෙම රෝග තත්ත්වය හැඳින්විය හැකියි. ඉතා කුඩා කාලයේදීම හඳුනාගත හොත් ඉන් මඟහරවා ගැනීමට ඉතා පහසු වේ. ඒ අනුව අදාළ රෝගියා දරුවෙක් නම් තරවටු කිරීමෙන් තොරව යම්කිසි වෙනත් හැසිරීම් රටාවක් ඇතිකර වීමට දෙමාපියන් ලෙස, ඔබට දරුවා උනන්දු කරවිය හැකියි. නමුත් නියපොතු කනවා වෙනුවට දරුවාට හුරු කරවන දෙය දරුවාගේ සෞඛ්‍යට හානිදායක නොවිය යුතුයි. එමඟින් දරුවාට යම් අවස්ථාවක යම් පීඩනයක් ඇති වෙනවා නම් එය මඟහරවා ගැනීමේ හැකියාවක් ඇති කරවයි. ඇතැම් විට දෙමාපියන් දරුවන් කුඩා කාලයේදී නිය සපන විට එය එතරම් ගණන් නොගනියි. එහිදී දරුවාට ඔබ අවධානයක් යොමු නොකර දිගින් දිගට එම ක්‍රියාවේ නිරත වීමට ඉඩදීමෙන් කාලයත් සමඟ නිය සැපීම දරුවාගේ ස්ථාපිත පුරුද්දක් බවට පත් වේ. ඒ වගේම ඔවුන් පුරුද්දක් ලෙස එය නොකරන අවධියේදී එම ක්‍රියාව මඟින් තමාගේ පීඩනය ඉහිල්ව ගිය නිසා මනස සැහැල්ලු කර ගැනීමේ අරමුණින් දිගින් දිගට නිය සපා කෑමට පෙළඹීමට හැකියි. කෙසේ වෙතත් මුල් කාලයේදී දරුවාට ඇතිවන මෙම පීඩාකාරී අවස්ථාව හඳුනාගත් පසුව ඔවුන්ව ආදරයෙන් මෙන්ම උපක්‍රමශීලීව පීඩනය මඟහරවා ගත හැකි වෙනත් ක්‍රියාවක නිරත කරවිය යුතුයි. උදාහරණ ලෙස හුස්ම ගැනීමේ ව්‍යායාමය, 1 සිට 10 ගණන් කිරීම වැනි. සාමාන්‍යයේ අවුරුදු 7 සහ 10 අතර දරුවන් අතර මෙම හැසිරීම සුලබව දැකගත හැකි වීමද ඉතා විශේෂයි.

දරුවන් වැඩිහිටියන් බවට පත් වූ විට එය මඟහරවා ගැනීම අපහසුද?

ඇත්තෙන්ම මෙය තමාගේ පුරුද්දක් බවට පත් වූ පසුව ඔවුන් වැඩිහිටියන් වූ පසුත් එය දිගින් දිගටම පවත්වාගෙන යයි. මේ තුළින් පෙර පැහැදිලි කළ කායික රෝග අවස්ථාවන්ට අමතරව සමාජීය ලෙස ද ගැටලු වලට මුහුණ දීමට සිදුවේ. ඇතැම් දෙනා මෙය ඉතා අශෝභන ක්‍රියාවන් ලෙස දැකීම, අවතක්සේරුවට ලක්වීම, ඇතැම්දෙනා පිළිකුල් ලෙස දැකීමට හැකියි. අවම වශයෙන් වෛද්‍ය වෘත්තිකයන් පවා මෙවැනි පුරුදුකම් වලට ඇබ්බැහි වීමෙන් හැඟීයන්නේ පුද්ගලයාගෙන් බුද්ධිමත් බව, අධ්‍යාපන මට්ටම පවා අභිබවමින් මෙවැනි හුරු පුරුදු කම් නැඟීසිටින බවයි. ඒ වගේම මෙය තමාගේ ආත්ම අභිමානයට විශාල පහරක් ලෙසින් ද සැලකිය හැකියි.

ප්‍රතිකාර

දෙමාපියන් ලෙස කුඩා කාලයේදීම මෙය හඳුනාගත් පසුව එය මඟහැරවීමට කටයුතු කළ හැකි අතර එසේ නොහැකි නම් වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර මඟින් ඊට පිළියම් යෙදිය යුතුයි. විශේෂයෙන් ඔබ මතක තබා ගත යුත්තේ මුල් කාලීනව එය මඟහරවා ගැනීමට නොහැකි වුවොත් පසුකාලීනව එය මඟහැරවීම ඉතා අපහසු බවයි. නවතම සොයා ගැනීම්වලට අනුව මෙම තත්ත්වය කාන්තාවන්ට වඩා, පුරුෂයන් අතර සුලබ බව සොයාගෙන තිඛෙයි.

මේ සමඟ තිඛෙන වෙනත් රෝගී අවස්ථා?

ඇතැම් අයට මේ රෝගයත් සමඟ දත් මිටි කෑම මෙන්ම කම්මුල ඇතුල් පැත්තේ සම සැපීම ද පුරුද්දක් වී පවතිනවා. මෙය පිටට පෙන්නුම් නොකරයි. මේ තත්ත්වයන්ද යම් ආවේගයන් පාලනය කර ගැනීමට නොහැකිකම නිසා ඇතිවන තත්ත්වයකි. මෙම රෝග තත්ත්වයන් කාන්සාවේම අතුරු රෝග අවස්ථාවන් වේ.

මෙසේ වීමට හේතු ?

තනි වූ අවස්ථාවේද, දරුවන් මෙවැනි හැසිරීම් පෙන්වන හේතුව ඔබ විසින් සූක්ෂමව සොයා බැලිය යුතුයි. මීට අමතරව දෙමාපියන්ගේ ගැටුම්, දෙමාපියන්ගෙන් එක් අයෙකුගේ සැර පුරුෂබව ආදී පීඩන දරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් මෙසේ හැසිරීමට හැකියි. මෙය දරුවාටත් නොදැනුවත්ම සිදුවෙයි. මෙහිදී මාපියන් ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතු අතර විවිධ උපක්‍රම ඊට භාවිතා කළ හැකියි.

නිවසේදී මීට යෙදිය හැකි උපක්‍රම?

කුඩා දරුවෙක් නම් ඒ අවස්ථාව මඟහැරවීමට ක්ලේ ගුලියක් අතට දීම, චිත්‍ර ඇදීමට දීම ආදිය කළ හැකි අතර වැඩිහිටි අයෙක් නම් කෘතිම නියපොතු පැළදීමට ද හැකියි. එමඟින් නියපොතු සපාකන ආකාරයට නිය සැපීමට නොහැකි වී යයි. ඒ වගේම ගැහැණු ළමයෙක් නම් නිය ආලේපන ගැල්වීම වැනි උපක්‍රමද තාවකාලිකව හෝ භාවිතා කළ හැකි අතර ඔවුන් එම පුරුද්ද මඟහරවා ගන්නේ තමන්ට ආවේණික වූ ක්‍රමවේදයකට වීම තවත් විශේෂත්වයකි. කෙසේ වෙතත් දෙමාපියන් ලෙස නැවතත් ඔබ හොඳින් මතක තබා ගත යුත්තේ දරුවන්ට නම්, තරවටු කිරීම මඟින් මේ ගැටලුව මඟහරවා ගත නොහැකි බවයි.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත

  • Related Posts

    මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…

    අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…

    ඔහු සියල්ලන් හැරදා දෑස් පියාගන්නට මත්තෙන් බිරිඳ වෙනුවෙන් ලිපියක් ලියයි.. මිහිරැතිම ආදර කතාවක කඳුළු අවසානයක් ගැන මුහුණුපොතේ පළවුණු ඒ සංවේදී කතාව මෙන්න..

    පවුලක බැඳීම මොන තරම් නම් ශක්තිමත්ද..? මේ මරණයත් එක්ක අන්න ඒ කතාව ආයේ ආයෙත් සිහිපත් වෙනවා.  කාලයේ ඇවෑමෙන එක්වුණු ලස්සන හදවත් දෙයක් කුරුළු කැදැල්ලක් තනාගෙන සතුටෙන් ජීවත් වෙද්දී, මේ අහන්න…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 43 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 595 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 79 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 921 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1288 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 20 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.