තනිකඩයි නම් රස්සා නැ… අමුතු සමාගමක් ගැන මේ ඇසෙන කතාව මෙන්න.. Ceylon

විවාහය, අයෙකුගේ ජීවිතයේ තවත් එක තීරණාත්මක හැරවුම් ලක්ෂයක්..

මේ කියන්න යන්නේ විවාහය නැත්නම් රැකියාවක් නැති වෙන කතාවක්..

එක්තරා සමාගමක් විසින් මේ වගේ තීරණයක් ගන්න ඇත්තේ ඇත්තටම තරුණ තරුණියක් විවාහ වීමට දක්වන මැලිකමට විසඳුම් ලබාදෙන්න වෙන්න ඇති.. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. චීනයෙන් ඇසෙන මේ කතාව දැනගන්න ඔබත් කැමති ඇති නේද..?

චීනයේ ෂැන්ඩොං ප්‍රාන්තයේ පිහිටි සමාගමක් සැප්තැම්බර් මාසය අවසන් වන විට එම සමාගමේ සේවකයින් තනිකඩව හෝ දික්කසාදව සිටියහොත් සේවයෙන් පහ කරන බවට පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා…

South China Morning Post හි වාර්තාවකට අනුව, Shandong Shuntian Chemical Group Co. Ltd, නම් එම සමාගම එහි 1,200ක් පමණ වන සේවකයින්ට දැනුම්දීමක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ඔවුන් හොඳින් රාජකාරී කර පවුලක් වශයෙන් ස්ථාපිත විය යුතු බවයි..

ඒ අනුව දික්කසාද වූවන් ද ඇතුළුව වයස අවුරුදු 28-58 අතර තනිකඩ සේවකයන්ට මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට විවාහ වී පදිංචි විය යුතු බව එම ආයතනය දැනුම් දී තිබෙනවා..

එසේ නොමැතිනම් ඔවුන් ස්වයං විවේචන ලිපියක් ඉදිරිපත් කළ යුතුව ඇති බව සඳහන් කරන අදාළ මාධ්‍ය වාර්තාව පෙන්වා දෙන්නේ, ජුනි මාසය අවසන් වන විට ඔවුන් විවාහ නොවන්නේ නම්, සමාගම ඔවුන් පිළිබඳ ඇගයීමක් පවත්වනු ඇති බවයි…

කෙසේ නමුත් සැප්තැම්බර් අග වන විට ඔවුන් තනිකඩව සිටියහොත් ඔවුන් සේවයෙන් පහ කරන බව පවසා ඇති අතර මෙම තීරණය ගැනීමට හේතුව පෙන්වා දෙන්නේ, “උත්සාහය, කරුණාව, පක්ෂපාතීත්වය, පුත්‍ර භක්තිය සහ ධර්මිෂ්ඨකම” යන ආත්මය සහ සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය කිරීමයි…

  • Related Posts

    මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…

    අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…

    ඔහු සියල්ලන් හැරදා දෑස් පියාගන්නට මත්තෙන් බිරිඳ වෙනුවෙන් ලිපියක් ලියයි.. මිහිරැතිම ආදර කතාවක කඳුළු අවසානයක් ගැන මුහුණුපොතේ පළවුණු ඒ සංවේදී කතාව මෙන්න..

    පවුලක බැඳීම මොන තරම් නම් ශක්තිමත්ද..? මේ මරණයත් එක්ක අන්න ඒ කතාව ආයේ ආයෙත් සිහිපත් වෙනවා.  කාලයේ ඇවෑමෙන එක්වුණු ලස්සන හදවත් දෙයක් කුරුළු කැදැල්ලක් තනාගෙන සතුටෙන් ජීවත් වෙද්දී, මේ අහන්න…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 46 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 515 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 104 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 873 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 188 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 839 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්