රටක්ම කැළඹු ටික්ටොක් තරුව, සුරූපි තරුණියගේ වියෝවය පසුපස තවත් නොසිතෙන කතාවක් මෙන්න…

තිබුණේ සැබවින්ම සඳක් වගේ ලස්සන රුවක්.. එ සුරූපී බව නිසාම අද බොහෝ දෙනෙක් අතර ඇය මතකයක් ලෙස ඉතුරු වෙලා..

මේ සිද්ධිය ගැන බොහෝ දෙනා එක එක විදිහට කතාකරනවා දැකගන්න පුළුවන්… ඒත් ඇත්තටම සුරූපී ඇයගේ ජීවිත කතාව මේ විදිහට අවසන් වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද..?

සමාජමාධ්‍යවල අද වෙනකොට මේ වීඩියෝව නොදැකපු කෙනෙක් නැතුව ඇති.. ඒත් මේ කතාව ගැන හරිහැටි නොදන්නා කී දෙනෙක් නම් ඇයට එක එක දේවල් සමාජමාධ්‍ය පිටු අතර පළ කරන්න වෙහෙසෙනවා ඇතිද…?

වලස්මුල්ල – දයාරත්න පාර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් ගෙළ වැළලාගෙන.. එ සිද්ධිය ගැන මුලින්ම අහන්න ලැබුණේ අන්න එහෙමයි.. ඇය නමින් ඉමාෂි හෙට්ටිආරච්චි, සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා කතා කරන චරිතයක් වූ මේ රුවැත්තියගේ මරණය ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ කතා පළ වෙන්නේ ඇය ටික් ටොක් හරහා බොහෝ දෙනෙක්ගේ ආකර්ශනය දිනාගත් තරුණියක් වූ නිසායි…

ඒ නිසාම ඇය දිනකට හෝ දැක නැති බොහෝ දෙනෙකු පවා ඇයට නිවන් සුව පතා තිබුණා..

ඉමාෂි කියන්නේ ගොඩක් සතුටින් කාලය ගත කළ යෞවනියක් කියන එක ඇගේ සමාජ මාධ්‍ය දුටු හැම කෙනෙක්ම විශ්වාස කරන දෙයක්.. ඒත් ඇය ලෝකයට පෙන්වූ ඒ සතුට ඇතුළේ අපි නොදන්නවා වුණාට විශාල පීඩකයක් තියෙන්නට පුළුවන්.. ඒ වග දැන සිටියේ ඇයයි..

ඇය පදිංචිව සිටි නිවසේ මිදුලෙහි ගසක ගෙළවැළලාගෙන මෙලෙස සියදිවි හානිකරගත් ඉමාෂි මේ වගේ තීරණයක් අ‍රගෙන තිබුණේ ප්‍රේමසබදතාවක් මුල් කරගෙන ඇතිවූ සිද්ධියක් නිසා බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ..

ඒ නිසා අපි කාට හෝ පිටින් මේ සිද්ධිය ගැන දිර්ඝව කතා කරන්න බැහැ.. නමුත් ඇය මේ වගේ තීරණයටකට යන්න කලින් ඇයව වලක්වා ගන්න ඒ වටා හිටිය පිරිසට පුළුවන් වුණා නම්, අපි හැම කෙනෙක්ම සිතිය යුත්තේ අන්න ඒ ගැනයි.. තවත් අපේ සමාජයේ සැඟවුණු ඉමාෂිලා ඇති.. ඔවුන් ගැන අවදානයෙන් ඉන්න පුළුවන් ළඟම සිටින අයට පමණයි.. මේ කතාවෙන් නැවත නැවතත් සිහිපත් කළ යුත්තේ එපමණයි..

ප්‍රශ්න නොපෙන්වා හිනාවෙන මිනිසුන්ගේ හිත්වලට එබෙන්න කාට හරි පුළුවන් වුණා නම්, ඒ විශ්වාසය ඇති වන තැන් අපේ සමාජය තුළ පැවතුනා නම් අද මේ කතාව මෙහෙම අවසන් වෙන එකක් නැහැ.. ඉතින් ඇගේ මේ සමුගැනීම බොහෝ දෙනෙක්ට නැවත නැවතත් යමක් මතක් කරනවා.. ඒ ඔබේ ආදරණියන් ගැන හොඳ සැලකිල්ලෙන් පසුවෙන්න කියන එක.. ඉතින් ඇයට අපිත් නිවන්සුව ප්‍රාර්ථනා කරමු..

  • Related Posts

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි. අමාත්‍යවරයාගේ මෙම නිවස නිශ්ශංක සේනාධිපති විසින්…

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 3 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 50 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 605 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 80 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 928 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1291 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…