කාලෙකට පස්සේ ආයෙමත් ක්ෂේත්‍රයට එන අයිශාරා කී අමුතු කතාව මෙන්න…

අයිශාරා අතුකෝරාල හදිසියේ ම ලංකාවට ඇවිත්. අයිශාරා හදිසියේ ම ලංකාවට ආවේ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණයකට. ඔය අතරේ ඇය රංගනයෙන් දායකවුණු ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ..

අයිශාරා අතුකෝරාල හදිසියේ ම ලංකාවට ඇවිත්. අයිශාරා හදිසියේ ම ලංකාවට ආවේ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණයකට. ඔය අතරේ ඇය රංගනයෙන් දායකවුණු ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ අයිස්ක්‍රීම් සිනමා නිර්මාණයත් එළැඹෙන 06 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ වෙනවා. ඉතිං කාලෙකට පස්සේ ලංකාවට ආපු අයිශාරා සමග මේ කතාබහ අයිස්ක්‍රීම් සිනමා නිර්මාණය ගැනයි

අයිශාරා හදිසියේම ලංකාවට එයි…
කවදා ද ලංකාවට ආවේ?

පසුගිය 10 වැනිදා තමයි ලංකාවට ආවේ.

ඇයි මේ හදිසියේ ආවේ?

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයාගේ නවතම සිනමා නිර්මාණය වන සැඟවුණු නගරය චිත්‍රපටයේ රංගනයට අවස්ථාවක් ලැබුණා. එහි රූගත කිරීම්වලට තමයි ලංකාවට ආවේ. අනුරාධපුරයේ තමයි රූගත කිරීම් සිදුවුණේ.

අයිශාරා හදිසියේම ලංකාවට එයි…
සැඟවුණු නගරයේ ෂූටින් ඉවර වෙනකොට ආපහු චිත්‍රපටයක් තිරගත වෙනව නේද?

ඔව්. ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කරන ‘අයිස්ක්‍රීම්’ සිනමා නිර්මාණය එළැඹෙන 06 වැනිදා ඉඳලා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. දියවෙන්න කලින් රසවිඳින්න අයිස්ක්‍රීම් නරඹන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. දියනොවූ ප්‍රේමයක සුන්දරත්වය මෙහිදී දැකබලා ගන්නත් පුළුවන්. අයිස්ක්‍රීම් චිත්‍රපටය තිරගත වෙනකම් මම බලාගෙන හිටියේ. මම පළමුවෙන්ම රඟපෑවේ ඉසුරු වීරසිංහමුදලිගේගේ පැණිමකුළුවෝ චිත්‍රපටයේ. ඊට පස්සේ තමයි ප්‍රදීප් ධර්මදාසගේ අයිස්ක්‍රීම් සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වුණේ.

අයිස්ක්‍රීම් සිනමා නිර්මාණයේ රූගත කිරීම් අත්දැකීම් ගැන කතා කළොත් ?

මම එක චිත්‍රපටයක විතරනේ වැඩකරලා තිබුණේ. ඇත්තට ම රඟපෑම ගැන ලොකු අත්දැකීමක් තිබුණෙ නැති කාලයක තමයි මට මේ ආරාධනාව ලැබෙන්නේ. නමුත් පසුගිය කාලයේ පවත්වපු විශේෂ දර්ශනයකදී අපිට චිත්‍රපටය බලන්න හම්බවුණා. ප්‍රදීප් ධර්මදාස අයියාට ලොකු වගකීමක් අරගෙන මට මේ චරිතය ලබාදීම ගැන ස්තුතිවන්ත වෙනවා.

අයිශාරා හදිසියේම ලංකාවට එයි…
රසබර, බිහිසුණු අත්දැකීම් එහෙමත් ඇතිනේ ?

මනෝරත්න සර්, බිමල් ජයකොඩි, වීණා ජයකොඩි, දමිතා අබේරත්න, හේමාල් රණසිංහ, සරත් කොතලාවල වගේ දැවැන්තයන් එක්ක තමයි මේ නිර්මාණයේ වැඩ කරන්න ලැබුණේ. ෂූටින්වලදී මට සෑහෙන දේවල් ඉගෙන ගන්න ලැබුණා. ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සමග වැඩ කරන්න ලැබෙනවා කියන්නේ ම හරියට විශ්වවිද්‍යාලයට ගියා වගේ වැඩක්.

දෙවැනි චිත්‍රපටය හින්දා මේ වගේ දැවැන්තයන් රැසක් සමග වැඩ කරන්න බය හිතුණේ නැතිද?

ඇත්තට ම හිතුණා මම ඒකට එක්ස්පීරියන්ස් මදිනේ කියලා. මොකද අනෙක් සියලුමදෙනා සීනියර් ආර්ටිස්ලානේ. ප්‍රදීප් ධර්මදාස කියන හොඳ අධ්‍යක්ෂවරයෙක් හින්දා මගෙන් අවශ්‍ය දේ ඔහු ලබාගෙන තියෙනවා.

කොච්චර කාලෙකට පස්සෙ ද ලංකාවට ආවේ ?

ගිය අවුරුද්දෙත් මම ලංකාවට ආවා. මම නීති විද්‍යාලයේ විභාගයට පෙනී සිටිනවා. එල්. එල්. බී. කරලයි හිටියේ. නමුත් නීති විද්‍යාලයේ විභාගවලට පෙනී සිටින ගමන් හදිසියේ තමයි නිරූපණයට, නිවේදනයට රංගනයට සම්බන්ධ වුණේ. ඔය අතරේ නීති විද්‍යාලයේ විභාග ටික මට මඟහැරුණා. ඒ ටික දැන් කරන්න ඕනෑ හින්දා ගිය අවුරුද්දේ මම ලංකාවට ආවා. විභාග ටික කරපු හින්දා වෙන කිසිම වැඩකට සම්බන්ධ වුණේ නැහැ.

දැන් නීතිඥවරියක් විදිහට කටයුතු කරන්නද සූදානම?

ඔව්. ඔව්. නීතිඥවරියක් විදිහට කටයුතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒකට තව ටික කාලයක් ගතවේවි.

දිගට ම ලංකාවේ ඉන්න සූදානමක් තියෙනවද?

ඔව්. ඒක තමයි මම මේ නීති විද්‍යාලයේ විභාගවලට එහෙම මුහුණදෙන්නේ. ඔය අතරේ ලංකාවේ වැඩ කටයුතුවලටත් සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. රංගනයට සහ නීති විද්‍යාලයේ විභාගවලට මුහුණදීලා නීතිඥවරියක් වෙන්න තිබුණ අවස්ථාත් මඟහැරුණා.

කසාද බැඳලා විදෙස් ගතවුණ හින්දා නීතිඥවරියක් වීමේ සිහිනයට ප්‍රමාද වුණාද?

ඔව්. ඇත්තටම ප්‍රමාද වුණා. රංගනයට සම්බන්ධවෙන්න තිබුණ සෑහෙන අවස්ථාත් සෑහෙන්න මඟහැරුණා. දැන් ඉතිං බබා ටිකක් ලොකුයි. බබා පුංචි හින්දා තමයි මෙච්චර කාලයක් හිටියේ. මම දැන් හිතනවා ආපහු වැඩවලට සම්බන්ධ වෙන්න කාලය හරි කියලා.

අයිශාරා සුපුරුදු විදිහට වැඩ කරන්නයි සූදානම?

ඔව්. ආපහු සුපුරුදු විදිහට වැඩකරන්න තමයි සූදානම.

අලුත් ආරාධනා එහෙම ලැබුණද?

ඇත්තටම අලුත් ආරාධනා රැසක් ලැබුණා. ඒවා ගොඩක් මඟහැරුණා. ඒවාගේ ලැබුණ වටිනා අවස්ථා ආපහු මඟහැරුණ හින්දා දැන් දිගට ම වැඩ කරන්න තමයි සූදානම.

ලංකාව දාලා ගිය එක ගැන දුකක් තියෙනවද?

ලංකාව දාලා යනවා කියලා එහෙම සැලසුම් කරලා තිබුණේ නැහැ. නමුත් හස්බන්ඩ් වැඩ කරන්නේ දෝහා හින්දා තමයි මටත් යන්න වුණා. බබා පුංචි හින්දා ලංකාවට එන වැඩේ කල්ගියා වගේම වැඩවලට සම්බන්ධ වෙන එකත් ප්‍රමාද වුණා. දැන් හරි. දැන් නිදහස්.

හස්බන්ඩ් දිගට ම වැඩ කරන්න කියලා කිව්වාද?

ඔව්. ඔව්. එයාගෙන් මුල ඉඳලාම විරුද්ධත්වයක් තිබුණේ නැහැ. නමුත් බබා මට ම හුරුවෙලා හිටියා වගේම පුංචි හින්දයි වැඩවලට සම්බන්ධ නොවුණේ. ඇත්තට ම චූටි බබාව දාලා යන්න බෑනේ.

විදෙස්ගත වෙලා දැන් කොච්චර කාලයක් වෙනවද?

මම ලංකාවෙන් ගියේ 2018 වසරේ. දැන් ලංකාවෙන් ගිහිල්ලා අවුරුදු හයක් විතර වෙනවා. දැන් ආපහු ලංකාවේ ඉඳලා නිළියක් විදිහට වගේම නීතිඥවරියක් විදිහට වැඩ කරන්න තමයි සූදානම් වෙන්නේ. රස්සාවල් දෙකටම ප්‍රශ්නයක් නොවන විදිහට තමයි වැඩ කරන්න හිතාගෙන ඉන්නේ.

ඔයා ආපු කාලය වගේම දැන් කාලය ගැන මොකද හිතෙන්නේ ?

ටිකක් වෙනස්වෙලා කියලා හිතනවා. මම ක්‍ෂේත්‍රයේ ඉන්නකොට හිටපු කට්ටිය දැන් ක්‍ෂේත්‍රයෙන් ඉවත්වෙලා. ගොඩක් අලුත් කට්ටිය ඉන්නවා. ඉතිං ඒ ගොල්ලොත් අඳුරගෙන ඒ ගොල්ලොත් එක්ක වැඩ කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

දිනේෂ් විතාන
ඡායාරූප – ශමේන්ද්‍ර ප්‍රනාන්දු
ඇඳුම් – සුධීර චන්ද්‍රසේන

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports