මොළය මියගිය තරුණ මවගේ අවයවවලින් තවත් දෙදෙනෙකුට ජීවිතය ලබා දීලා… අද දවසේ ඇසෙන උතුම් කතාව මෙන්න…

මොළය මියගිය කාන්තාවකගේ නීරෝගි අවයව ලබා ගැනීමට ක්ෂණිකව ඥාතීන් දැක්වූ කැමැත්ත අනුව සාර්ථක සැත්කමකින් මරණයේ අබියස සිටි රෝගීන් දෙදෙනකුට අවයව බද්ධ කර ඔවුන්ට ජීවත්වීමේ වාසනාව උදාකරදීමේ සැත්කම් හම්බන්තොට රෝහලේදී සිදුවිය.

මොළය මියගිය කාන්තාවගේ වකුගඩු දෙක ලබාගෙන තවත් රෝගීන් දෙදෙනකුට බද්ධ කර එම සැත්කම් සාර්ථක වූ බවත් රෝහලේ වෛද්‍යවරු පවසති.

මෙලෙස මියගොස් තිබුණේ තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පදිංචි දෝන ඉග්නේෂියා ඇන්ටනට් කොළඹගේ (41) නමැති තරුණ මවකි.

ඇය ඉකුත් පෙබරවාරි මස 18 වැනිදා හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිහිසුන් වී ඇති බවත් එහිදී ඇය කිරින්ද රෝහලටත් එතැනින් දෙබරවැව මූලික රෝහලටත් පසුව හම්බන්තොට රෝහලටත් මාරු කර යවා තිබිණි. ඒ වන විටත් ඇයගේ මොළය මිය යෑමට පටන් ගෙන ඇති හෙයින් ඇගේ අවයව ලබාගෙන තවත් රෝගීන් සුවපත් කිරීමේ හැකියාව ඇති බවට වෛද්‍යවරුන් ඇගේ පවුලේ ඥාතීන්ට පවසා තිබිණි.

එහිදී ඇගේ සැමියා වන ෂාලුක නිෂාන් මහතා සිය දරු දෙදෙනාත් තමාත් අත්හැර යෑමට සූදානම්ව සිටින සිය බිරියගේ අවයව ලබා ගැනීමට සිය කැමැත්ත ලබාදී තිබුණේ ඉතාමත් හැඟීම්බරවය. ඒ අනුව කැමැති පත්‍ර‍යට දරු දෙදෙනා සමඟ අත්සන් තබා ඇත. මොළය මියගිය ඇගේ වකුගඩු දෙක ඉවත් කරගත් වෛද්‍යවරු ඒ වන විටත් වකුගඩු දෙකම අක්‍රිය වීමෙන් ජීවිතයත් මරණයත් අතර සිටි දෙදෙනකුගේ ජීවිත බේරා ගැනීමේ සැත්කම් කළහ.

හම්බන්තොට මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හිරුෂක ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂඥ වෛද්‍ය චමින්ද කෝට්ටගේ මහතා ඇතුළු ශල්‍ය වෛද්‍ය කණ්ඩායම සාර්ථකව මේ සැත්කම් කළහ.

තම ආදරණීය බිරිය ගැන ශාලුක නිශාන් මහතා සිය සංවේදී අදහස් ඉදිරිපත් කළේ මෙසේය.

‘‘මගේ නෝනාට තිබුණේ අඩු රුධිර පීඩනය. මේකට බෙහෙත් නැති බව මේ ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් කියා තිබුණා. නෝනා තරමක නොසන්සුන්කමකින් තමයි හිටියේ. ඒත් විශේෂඥ වෛද්‍යවරයෙක්වත් හමුවීමට යෑමට නෝනාගේ කැමැත්තක් තිබුණේ නැහැ. එයා හොඳට වැඩපොළ කරගෙන හිටියා. අපි අපේ ව්‍යාපාරය පවා සමඟියෙන් කරගෙන හිටියේ. මට හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් කීවා, නෝනාගේ මොළය මිය ගොස් තිබෙන්නේ ජීවත් කරවන්න බැහැ කියලා. එතකොට දොස්තරලා මට කිවුවා යුතුකමක් තිබෙනවා කරන්න කියලා. එතකොට මම ඇහුවා ඒ මොකක්ද කියලා. එතකොට තමයි දොස්තරලා කිවුවේ, නෝනගේ අවයව අරගෙන තවත් රෝගියකුට ලබාදී ඒ රෝගීන් සුවපත් කරන්න පුළුවන් කියලා. මම හිත හදාගෙන දරු දෙදෙනා තුරුලු කරගෙන කැමැත්ත ලබා දුන්නා. ඒ අනුව සැත්කම කළා. මට දැනගන්න ලැබුණා තවත් රෝගින් දෙදෙනෙක් සුවය ලබා ජීවත් වෙනවා කියලා. මගේ නෝනා මහා පින්කමක් කරගත්තා. ඒ නිසා උප නුපන් ජාතිත් මගේ නෝනාට මෙවැනි විපත් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම සමාජයට කියන්නේ මේ වගේ අවස්ථාවලදි මොළය මියගිය අයකුගේ ජීවි අවයව ලබා දීමට කල් නොබලා කැමැත්ත පළ කරන්න. මගේ නෝනාට තවදුරටත් ලෝකය දකින්න බැරිවුණාට තවත් කොහේ හරි දෙදෙනෙක් ලෝකය දකිනවා. මට ඒ ඇති.“

හම්බන්තොට මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළේ පසුගිය වසරේදී ද මෙවැනිම මොළය මියගොස් සිටි පුද්ගලයන් දෙදෙනකුගේ අවයව ලබාගෙන තවත් රෝගීන්ට බද්ධ කිරීමට හැකි වූ බවයි. මෙවරද මේ තරුණ මවගේ සැමියාගේ කැමැත්ත ඉතාම ක්ෂණිකව ලබාදුන් හෙයින් අප රෝහලේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම ඉතා කාර්යක්ෂමව මේ සැත්කම කර වකුගඩු දෙක ලබාගෙන අදාළ රෝගීන් වෙත ලබාදීමට කටයුතු කළ බවද ඇය පැවසුවාය. එසේම ඇය වැඩිදුරටත් සඳහන් කළේ හදිසි අනතුරුවලින් මෙවැනි හදිසි රෝගි තත්ත්වයන් යටතේ මොළය මියයන පුද්ගලයන්ගේ සෙසු ජීවි අවයව ලබාගෙන ඒවා අවශ්‍යම කරන රෝගීන්ට ලබාදීමට හැකි වන බවයි.

Copied

  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 46 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 521 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 106 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 875 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 190 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 839 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්