“ආදරය ගැන විශ්වාස කරන්න අමාරු තත්ත්වයක මම ඉන්නේ..” ජනප්‍රිය නිළි දේශානිට ආදරේ එපා වෙලාද ?

දේශානි නෙහාරා.. ඒ නම කියූ සැනින් ගොඩක් දෙනෙක්ට ඒ රුව මනසේ ඇඳෙනවා… ඇය දුටුවන්ගේ නෙත් වසඟයට ගත් සරාගී කාන්තාවක් කියන එක ඉතින් ආයේ කියන්න දෙයක්..

දේශානි නෙහාරා.. ඒ නම කියූ සැනින් ගොඩක් දෙනෙක්ට ඒ රුව මනසේ ඇඳෙනවා…

ඇය දුටුවන්ගේ නෙත් වසඟයට ගත් සරාගී කාන්තාවක් කියන එක ඉතින් ආයේ කියන්න දෙයක් නැනේ.. ඒ තරම් ආකර්ශනයක් දිනාගත් ඇයට තවමත් ප්‍රේමවන්තයෙක් නැද්ද ඒක නම් ඇත්තටම ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක්.. කොහොම වුණත් දේශානි ආදරය ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.. මේ ඇය පුවත්පතකට ඒ ගැන කියූ කතාවයි..

ආදරය එපා වෙන තරමට මොකක්ද වුණේ?
මම ආදරේදි ගොඩක් බොළඳයි. ඉතින් මම ආදරේ කරනකොට ඕනෑම කැපකිරීමක් කරලා මුළු හදවතින්ම ආදරය කරනවා. හැබැයි පස්සෙ දැනගන්න ලැබෙනවා ආදරය කරපු කෙනා බොරුකාරයෙක් කියලා. ඒ විදිහෙ රැවටීමකට මම ළඟදි ලක්වුණා. ඒ සිද්ධියෙන් පස්සෙ මම ආදරය ගැන හිතන්නෙ නැහැ.

වැරදි තෝරා ගැනීමක්ද කළේ?
මට අද හිතෙනවා මම කළේ වැරදි තෝරා ගැනීමක් කියලා. ආදරේදි බොළඳ නිසා ඒ දවස්වල මට ඒක තේරුණේ නැහැ. ආදරේ කරන්න කලින් තමන්ගෙ ජීවිතයේ ඇත්ත තත්ත්වය ගැන අනිත් කෙනාට හෙළිකරලා සම්පූර්ණයෙන් අවංක වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. වෙන අරමුණක් හිතේ තියාගෙන බොරු කරනඑක ආදරය නෙවෙයි. බොරුව හැමදාම පවත්වගෙන යන්න බැහැ. බොරුව එළිවුණාට පස්සෙ ඇතිවන ප්‍රතිඵලය සහ විපාක ගොඩක් දරුණුයි කියලා කවුරුත් දැනගන්න ඕන.

ඒ තෝරගැනීම සහ අත්හැරීම ගැන අද වෙද්දි මොන විදිහෙ හැඟීමක්ද තියෙන්නෙ?
ආදරය කරන්න වැරදි පුද්ගලයෙක්ව තෝරාගත්ත එක ගැන මට ලොකු දුකක් පසුතැවීමක් තියනවා. මම ඔහු වෙනුවෙන් සෑහෙන්නෙ දේවල් කළා. මගේ ජීවිතේ වටින කාලයකුත් එයා වෙනුවෙන් වැය කළා. ඒ දේවල් ගැන පසුතැවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි මම සතුටු වෙනවා එයා එක්ක දිගටම ඉඳලා කරදරේ වැටෙන්නෙ නැතුව මේ විදිහට ජීවිතය බේරුණු එකට.එයාගේ ඇත්ත ස්වරූපය එළිවෙලා මේ විදිහට වෙන්වෙන්න ලැබුණ එක මගේ හොඳට වෙච්ච දෙයක්. ඒ ගැන මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා.

ආපහු ආදරය කරන්න අදහසක් නැද්ද?
ආපහු ආදරය ගැන විශ්වාස කරන්න අමාරු තත්ත්වයක මම ඉන්නෙ. ආදරය ගැන හිතනවා නම් හොඳට හොයලා බලලා ජීවිතයට ළංකරගන්න ඕන. ගොඩක් දෙනා ඇත්ත ප්‍රතිරූපය හංගගෙන බොරු ප්‍රතිරූපයකින් අපේ ජීවිතවලට එන්නෙ. ඒ නිසා දැන් මම පිරිමින්ව ආශ්‍රය කරන්නෙ අතේ දුර තියාගෙන.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports