වකුගඩු රෝගය ගැන ඔයා දැනුවත්ද? මේ රෝග ලක්ෂණ තියෙයි නම් දෙපාරක් හිතන්න…

වෙනකොට වකුගඩු නරක් වීම ලංකාවේ අපට ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා හමාරයි. විශේෂයෙන්ම උතුර මැද සහ ඒ අවට ප්‍රදේශ වල වකුගඩු නරක් වීම බහුලව පවතිනවා..
වකුගඩු වල මූලික කාර්යය තමයි ශරීරය තුල පෙරණයක් විදියට ක්‍රියා කරන එක.

මෙයින් ශරීරයේ ලේ පිරිසිදු කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේ වැඩෙිට අපි බොන වතුර ප්‍රමාණයත් බලපානවා.

හරි, දැන් අපි බලමු ශරීරය ඇතුලෙ තියෙන පෙරණයේ හිල් ඇති වී (නරක් වී) ඇති බවට මොනවගේ ඉඟිද අපිට දෙන්නෙ කියල.

01. නිතර නිතර මුත්‍ර පිට කරන්න අවශ්‍ය වීම

සීතල දවස් වලට අපට මුත්‍රා වැඩි ප්‍රමාණයක් පිට වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම වැස්ස දවසට, වැඩිපුර වතුර බීපුවම ඇතිවන මුත්‍රා බර ගැන නෙමෙයි මේ කියන්න යන්නේ.

ඔයා නිදාගෙන ඉන්න කොට හිටි හැටියේ රෑට ඇහැරෙන්නේ මුත්‍රා කරන්නම නම් මෙය වකුගඩු නරක් වීමේ ඉඟියක් වෙන්න පුළුවන්. ඒ වගේම මුත්‍රා අවශ්‍ය ප්‍රමාණයට නොයා අතර මැද නැවතිලා ටික ටික නම් යන්නෙ මේ ගැනත් ඔයා වැඩිපුර සැලකිලිමත් වෙන්න අත්‍යවශ්‍යයි. මොකද මේ වකුගඩු නරක් වීම පිලිබඳ ඉඟියක් වෙන්න පුලුවන්.

02. නිදිමත තිබුනත් නින්ද නොයාම

අපි මානසිකව අවුලක ඉන්න විටත් අපට නින්ද යන් නෑ. වෙනත් රෝගයක් වැළඳුන වෙලාවටත් අපට නින්ද යන් නෑ. ඒ වගේම තමයි මේ වනකොට විද්‍යාඥයෝ සොයාගෙන තියෙනව නිතරම ෆෝන් එකේ ඉන්න ඇබ්බැහි වූවොත් නින්ද නොයෑමේ තත්වයක් ඇති වෙනව කියලා.

නමුත් මේ හේතු කිසිවක් නැතිව ඔයාට නිදිමත අධිකව තිබුනත්, ඔයා නිදාගන්න try කරත් ඔයාට නින්ද යන් නැත්නම් ඔයාගේ වකුගඩු නරක් වීගෙන එන බවට මේ කරන්නෙ ඉඟි කිරීමක් වෙන්න පුලුවන්.

03. නිතර සම කසන්නට වීම සහ සමේ වියළි බව

ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වතුර බිව්වෙ නැතිනම් අනිවාර්යෙන්ම සම වියැලෙනවා. ඒ වගේම අපේ සමට සුදුසු නැති සබන් ගානකොටත් ඇඟ වියැලෙනවා, සම කසනවා. බොහෝ වෙලාවට අපට ඇලජික් කෑමක් කෑවමත් ඇඟ කසනවා.

ඉහත කියපු කිසිම හේතුවක් නැතිව ඔයාගෙ සම නිතර නිතර කසනවා නම්, ඒ වගෙම ඔයාගෙ සම කසන කොට දැඩි වියළි බවක් දැනෙනව නම් සහ කසන කොට සමටත් යටින් කසන බවක් ඔයාට දැනෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම සම සම්බන්ධ වෛද්‍යවරයකු වෙත නෙමෙයි යන්න ඕනි ඔයාගෙ වකුගඩු පරීක්ෂා කරගන්න කියල මතක තියා ගන්න.

04. මුත්‍ර වලින් ලේ පිටවීම

අපිරිසිදු වතුර පෙරන මැෂින් එකක් වගේ වකුගඩු අපේ ශරීරයේ වැඩ කරන්නෙ. මේ මගින් විෂබීජ ජලය එක්ක මිශ්‍ර කරල පිට කරනවා. මුත්‍රා පෙරණයේ අවුලක් වුනොත් ශෛල වලින් ලේ වල තියෙන රතු රුධිරානු කාන්දු වෙනවා. මෙන්න මේ කාරණයෙදි තමයි බොහෝ දුරට මුත්‍රා වලින් ලේ පිට වෙන්නේ. ඒ නිසා තව තවත් වකුගඩු ඩැමේජ් වෙන්න නොදී වහාම වෛද්‍යවරයකු වෙත යන්න කියල මතක් කරන්න කැමතියි.

05. මුත්‍ර වල පෙණ ගතිය වැඩිවීම

අපි දන්නව සාමාන්‍යයෙන් මුත්‍රා පිට කරාම පොඩි පෙණ ගතියක් තියෙනවා. ඒක ⁣ක්ෂණිකව නැති වෙනවා. ඒත් ඉතින් මේ පෙන ගතිය කැටිති විදියට, සබන් පෙන වගේ එක පොකුරට තියෙනව නම් ඒ වගේම ඉක්මනින් බිඳී නොයන විදියට පෙන ගතියක් තියෙනව නම් මේ ලක්ෂණයත් ඔයාගෙ වකුගඩු ගැන සොයා බලන්න කියල ඔයා⁣ට ඉඟියක් දෙනවා.

06. කකුල් ඉදිමීම

ඔයාගේ බර වැඩි නම් කකුල් ඉදිමෙන එක සාමාන්‍ය දෙයක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයා දවසෙම හිටගෙන සිටීම වගේම, ඉඳගෙන සිටීමත් හේතුවක් වෙන්න පුලුවන් ඔයාගෙ කකුල් ඉදිමෙන්න.

ඒත් අපි දන්න සාමාන්‍ය හේතුවක් නොවී වළලුකර, දණහිස් ඉදිමෙනව නම් වකුගඩු රෙඩ් ලයිට් එකක් නිතුත් කරන බව අපි තේරුම් ගන්න ඕනි. එහෙම වෙලාවට අපිට කරල බලන්න පුලුවන් පොඩි ටෙස්ටි එකක් තියෙනවා. ඉදිමුම තියෙන තැන ඇඟිල්ලෙන් ඔබලා බලන්න. ඔබපු ගමන් වතුර යටට දැම්ම ප්ලාස්ටික් බෝලයක් වගේ ක්ෂණිකව උඩට එන්නෙ නැතිව එබී ගෙනම තියෙනව නම් මේ ලක්ෂණයත් ඔයාගෙ වකුගඩු නරක් වීමේ ඉඟියක් වෙන්න පුලුවන්.

07. ඇස් ඉදිමීම

නිදි මැරීම නිසා ඇස් ඉදිමීම සාමාන්‍ය දෙයක්. ඒත් සැලකිය යුතු හේතුවක් නැතිව ඇස් වල යට ඉදිමෙනව නම් වකුගඩු ලෙඩ වෙලා කියල තමයි මේ කියන්නේ. ලේ පිරිසිදු කරන වකුගඩු වලින් ප්‍රෝටීන් කාන්දු වීමක් සිද්ධ වෙන එක තමයි මේකට හේතුව. ඒ නිසා වෛද්‍යවරයකු වෙත යන්න පරක්කු කරන්න එපා.

08. කට ගඳ ගැසීම

නිසි විදියට දත් මැද්දේ නැතිනම් මේ තත්වය ඇතිවීම සාමාන්‍ය දෙයක්. අවශ්‍ය ප්‍රමාණයට වතුර නොබීමත් කට ගඳ ගහන්න හේතුවක් වෙන්න පුලුවන්.

මේ කිසිම හේතුවක් නැතිව ඔයාගෙ කට අධිකව ගඳ ගහනව නම් අවුලක් තියෙනවා. අධික සැර ගතියකින්, දිව කාරවල යන විදියට එන ගඳක් වගේම ඔයාගෙ කටට ඇමෝනියා රස වැනි රසයක් නිතර නිතර දැනෙනව නම් ඒ වාගේම යකඩයක් කෑවම දැනෙන මළකඩ රසයක් ඔයාගෙ කටට දැනෙනව නම් මේ ඔයාගෙ කට මළකඩ කාල කියල හිත හදාගන්න පුලුවන් තත්වයක් නෙමෙයි. ඔන්න රජෝ ඔයාගෙ වකුගඩුවල අවුලක් තියෙනව කියන ඉඟි කිරීම තමයි මේ කරන්නෙ කියල අපි තේරුම් ගන්න ඕනි.

09. මස්පිඩු නලියනවා

ඔයාට කේන්ති ගියාමත් ඔයාගෙ ඇඟේ මාළු නටන බව අපි දන්නවා. ඒත් මේ කියන්නෙ එහෙම සීන් එකක් ගැන නෙමෙයි. හේතුවක් නැතිව ඔයාගෙ ඇගේ මස් පිඩු එකම රිදිමයකට නලියනවා නම්, ඒ වගේම අමුතු විදියට හේතුවක් නැතිව හිටි හැටියේ අත්, පා ගැස්සෙනව නම් මේ ගැනත් නොපමාව සොයා බැලිය යුතුයි.

10. නිතර නිතර ඔක්කාර ගතිය

විවාහක කාන්තාවන්ට ඔක්කාර ගතියක් දැනෙනව නම් ඉතින් ඒක සතුටු වෙන්න ඕනි කාරණයක් කියල අපි දන්නවා. ඒත් මේ කියන්නේ ගැබ් ගැනීම නිසා ඇතිවන ඔක්කාර ගතිය ගැන නම් නෙමෙයි.

මිග්‍රේන්, ඔලුවෙ කැක්කුම, ආහාර වල අවුලක් නිසාත් ඔක්කාර ගතිය ඇති වෙන්න පුලුවන්. ඒත් ඉහත සඳහන් කරපු හේතුවක් අදාල නොවී ඔයාට නිතර නිතර ඔක්කාර ගතියක් එනවා නම් නොපමාව වකුගඩු දෙක ඩොක්ටර් කෙනෙක්ට පෙන්න ගන්න.

 

උපුටා ගැනීමක්

  • Related Posts

    මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…

    අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…

    ඔහු සියල්ලන් හැරදා දෑස් පියාගන්නට මත්තෙන් බිරිඳ වෙනුවෙන් ලිපියක් ලියයි.. මිහිරැතිම ආදර කතාවක කඳුළු අවසානයක් ගැන මුහුණුපොතේ පළවුණු ඒ සංවේදී කතාව මෙන්න..

    පවුලක බැඳීම මොන තරම් නම් ශක්තිමත්ද..? මේ මරණයත් එක්ක අන්න ඒ කතාව ආයේ ආයෙත් සිහිපත් වෙනවා.  කාලයේ ඇවෑමෙන එක්වුණු ලස්සන හදවත් දෙයක් කුරුළු කැදැල්ලක් තනාගෙන සතුටෙන් ජීවත් වෙද්දී, මේ අහන්න…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 35 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 363 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 88 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 830 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 825 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්