” මීට පස්සේවත් මචන් ටිකට් එකක් අරන් ශෝ එකක් බලන්න යද්දි ටිකක් මානුශීය වෙයන්..” Avatarට වුනු සිද්ධියට මනේජ්ට රතු කට්ට පනීං හැමෝටම දුන්න වටිනා උපදෙස මෙන්න…

බෑන්ඩ් එකක කොල්ලෝ රෑ 9-10 ට ශෝ එක පටන් අරගෙන එලිවෙන 1-2 වෙනකල් පැය 4-5 ක් උඹලට සින්දු කියනවා. Play කරනවා. ඒ ටික වෙලාවට හැමෝම..

බෑන්ඩ් එකක කොල්ලෝ රෑ 9-10 ට ශෝ එක පටන් අරගෙන එලිවෙන 1-2 වෙනකල් පැය 4-5 ක් උඹලට සින්දු කියනවා. Play කරනවා.
ඒ ටික වෙලාවට හැමෝම ආතල් එකක් ගන්නවා.
ඔය ස්ටේජ් එක උඩට නගින්න උන් රාත්‍රී දහස් ගානක් කැපකිරීම් කරලා එන්නේ.

අත් වල දිය පට්ට දානකල් practice කරලා එන්නේ.
සමහර වෙලාවට තැනකට එනකල්ම ඕක ස්ථිර රස්සාවක් නෙමෙයි , රස්තියාදු කාරයෝ වගේ , ඕවයින් ගොඩ යන්න පුලුවන් ද? ජොබ් එකක් හොයාගනිල්ලා කියලා ගෙවල් වලින් , ආදරේ කරන ගෑණු ළමයගේ ගෙවල් වලින් කියද්දිත් මියුසික් වලට තියෙන ආසාව නිසා හැම කට්ටම කාගෙන , හැම කථාවක්ම අහගෙන , හැම නෝන්ඩියක්ම ඉවසගෙන උන් මියුසික් වලින්ම ගොඩ යන්න සටන් කරනවා.

එහෙම උන් ස්ටේජ් එකට ගොඩ වෙන්න කලින් ස්ටේජ් එකට වඳිනවා උඹලා දැකලා ඇති
තමන්ගේ instrument එක අතට ගත්තම ඒකට වඳිනවා දැකලා ඇති
Show එක ඉවර උනාම හීරීමක් වත් නොවෙන්න instrument එක අරගෙන , පිහදලා , ලස්සනට පැක් කරනවා දැකලා ඇති .
උඹලට සින්දුවක් කියලා සතුටු කරලා උන් උන්ගේ අහිංසක හීන වලට යන්න කන කට්ට දන්නේ උන්ගෙම හිත්

Show එකක් ගහන්න කලින් sound setup එකක වැඩ කරන කොල්ලෝ ටික , stage , coverin කරන කොල්ලෝ ටික
ඒ වැඩ ටික කරන්න කොච්චර මහන්සි වෙනවද බලපන්
Show එක ගහගෙන යද්දි නිකමට stage එක යටට එබිලා බලපන්
කලින් දවසේ ඉඳන්ම මහන්සි වෙච්ච කොල්ලෝ ටික තැන තැන වැටිලා බුදි

උන් ඔක්කොගෙම අහිංසක හීන තිබුනේ මියුසික් එක්ක බං
උන් දෙවියොන්ට වගේ ගරු කරපු instruments ටික ති..රි..සන්නු වගේ පොලවේ ගහද්දි අහිංසක උන්ට මොන වේදනාවක් දැනෙන්න ඇතිද?
මේවා මාර පව් වැඩ බං

මීට පස්සේ වත් මචන්
ටිකට් එකක් අරන් ශෝ එකක් බලන්න යද්දි
ටිකක් මානුශීය වෙයන්
එකෙක් වරදක් කරන්න හදනකොට අනිත් සෙට් එකත් බූ..රු..වෝ වගේ රැල්ලට පොඩි කරන්න නොගිහින් සිද්ධ වෙන දේ ගැන කල්පනා කරලා වැඩ කරපන්
දැන් හෙට අනිද්දා වෙද්දි සවුන්ඩ්ස් කුඩු කළ උන් හිරේ යයි
ඊට පස්සේ නඩු යයි
වන්දි ගෙවන්න වෙයි
නිකන් බොරුවට නේ මේ අනවශ්‍ය ප්‍රශ්න

මමත් බෑන්ඩ් එකක සින්දු කියලා ආපු කොල්ලෙක් නිසා මම ඔය දුක හොඳටම දන්නවා
දුකයි දිගින් දිගටම මෙහෙම වෙද්දි
ආදරෙයි Avatar Band Sl. ❤️

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports