ආණ්ඩුව නිහඩයි. මින්නේරිය හැඩකල යුනිකෝන් ඇතාවත් පරලොව යවයි.

ලොව අලි ඇතුන් දැකිම දුබලයි.එයිනුත් ඇතුන් දැකිම දුබලයි.ඇතුන්ගෙනුත් තනි දලයෙක් දැකිම ඉතාමත් දුබලයි.එහෙම දුබල වටිනාකමින් වැඩි මැණිකක් තමා මින්නේරිය කවුඩුල්ල සෝමාවතිය හැඩකල දකුනු දල කාර ඒක දන්තයෙක් වුනු “යුනීකොන්”

අවුරුදු 35ක් 40 ක් වගේ උන්නු උඹ දකුනූ දළ කාරයෙක් වගේම හරි ලස්සන සමනළ කන් යුගලක් උඹට තිබුනේ.ටිකක් කලාවැව හිටපු “රේවතගේ” කන් වල හැඩේ.

උඹවත් හිතපු නැති වෙලාවක මනුස්ස වෙසින් ඉන්න අමනුස්සයෙක් උඹට ගිණි බින්ඳා ඔලුවටම.ඒකත් කටුකැලියාව රක්ශිතේදී.ලොකුම දුක ආරක්ශා කරගන්න පුලුවන් සීමාවේම උඹට ගිණි බින්ද එක.එහෙම තැනකට ඇවිත් උඹට තුවක්කු මානන්න උන් කොයිතරම් බල පුලුවන් කාරයෝ වෙන්න ඔනීද “යුනීකෝන්”..

ආයේ මින්නෙරියේ හැඩ කාරයෝ නැහැ.උඹලා හින්දා ඩොලර් හොයාගන්න අයටවත් උඹලා නැතිවෙන එක අද දැන්නෙ නැතිවෙයි.ඒත් අනාගතේ දවසක අනීවර්‍යෙන් පසු තැවෙයි.උඹට ගිණි බින්ඳ අමනුස්සයා දවස් 21 ක් ඇතුළට ගිහින් එළියට එයි.මොකද නීතිය පිහිට ඉල්ලාන්න උඹලාගේ පරම්පාරාවට කතා කරන්න පුළුවන් වුනා නම් හුඟක් දේවල් මීට වඩා වෙනස් වෙයි “යුනිකොන්”

මින්නෙරිය හැඩ කල දකුණු දළ කාරයාණෙනි .දේදුනූ පාලමෙන් එහා උඹට සුන්දර ලෝකයක් තියෙයි දරුවෝ.ගල්ගමුවේ දලපුට්ටුවා ,සියඹලන්ගමුවේ මහ ඇතා,රේවත ,භරන මහේශාක්‍ය ,දනංජය, බුවනෙක ,මුගලන්, කෝලිය,චන්ඩි එකි මෙකි නොකි උඹලාගේ හස්තිරාජ පරපුරක්ම උඹේ තනියට උඹ වෙනුවෙන් ඉඳි එහේ නිදහසේ.ඒත් මේ පොලවේ උඹට ආදරේ කරපු හැමෝටම උඹ නැති අඩුව හැමදාමත් දැනෙයි.

මහපොලවේ හිමිකාරයින්ට මහපොලව අහිමි වෙන හැටි දකින අවසන් පරම්පරාව අපි වෙන බවට දැන් නම් ඉඳුරාම පැහැදිලිය.අමනුස්ස මනු සතෙකු අතින් අවසන් ගමන් ගිය උඹට ඉක්මනින් සුගතගාමී භවයක උප්පත්තියක් ලැබේවා .ඒත් එය මේ රටේ නම් නොවේවා..

“යුනිකොන් “දකුනූ දල කාරයාණෙනි ඉතින් උඹට අදින් පසු සුභ සසර ගමනක අවසානයක් වේවා

ඒ වගේම,

අද වෙනකොට අපේ රටේ දවස ගානේ අලි, ඇත්තු සාහසික ලෙස මරලා දානවා. මේ ගැන බලය නැති කාලේ සටන වගේ වැඩසටහන් වලට ඇවිත් කතා කරපු වත්මන් ජනාධිපති අනුර දිසානායක කට බලියන් ඉන්නේ..ඒ ඇයි කියලා දෙයියෝ තමයි දන්නේ..සමහර විට දැන් ජනාධිපති වෙලා ඉවර නිසා වෙන්න ඇති. මෙය සෘජු ලෙස මේ ආණ්ඩුව ආරම්භ කරලා උණුසුම පහව යන්නත් කලින් කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත කියපු සාහසික කතාව බලපානවා. මේ සියල්ල සිද්ධ වෙද්දි පහුගිය කාලේ විල්පත්තු කපනවෝ කියලා කෑ මොර දීපු, ගල්ගමුවේ දළ පූට්ටුවා මරලා දාපු වෙලේ කෑ මොර දීපු ඊනියා පරිසර සලුව පොරව ගෙන හිටපු එවුන් ගල් ගිලලා වගේ කට බලියන් ඉන්නේ. සමහරු නම් මේ ආණ්ඩුවේ වනජීවි ඇමති එක්කත් කිටි කිටියේ සාකච්ඡා කරලා පොටෝ එහෙම දාගෙන න්නැටුමක් නැටුවා පහුගිය කාලේ අපි දැක්කා. දැන් උන්ටම අවබෝධ වෙලාද කොහිද දැන් උනුත් පේන්ඩ නෑ.කෝම උනත් මේ ගත වෙන්නේ ශ්‍රීලාංකේය වනජීවි සහ වන සත්ව සංරක්ෂණයේ අවසන් කාලපරිච්ඡේදය බව නම් කණගාටුවෙන් උනත් පිළිගන්න සිද්ධ වෙනවා.

 

  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 35 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 377 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 88 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 832 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 825 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්