ඉරාන යුද්ධයට විරෝධය පා අමෙරිකානු ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි.

අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමු කළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් වත්මන් ඉරාන යුද්ධය පිටුපස ඇති කුමන්ත්‍රණකාරී ස්වභාවය පිළිබඳව තවදුරටත් කරුණු හෙළිකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී, නිමාවක් නොමැති යුද්ධවලට අමෙරිකාව පටලවා නොගෙන මිලිටරි බලය තීරණාත්මක ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහුට මනා අවබෝධයක් තිබූ බව කෙන්ට් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භයේදීම උසස් ඊශ්‍රායල නිලධාරීන් සහ අමෙරිකානු මාධ්‍යවල සිටින බලගතු පිරිස් එක්ව ඉතා සූක්ෂ්ම ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බවට ඔහු චෝදනා කරයි. එමඟින් ට්‍රම්ප්ගේ පළමුව අමෙරිකානු ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම යටපත් කර, ඉරානය සමඟ යුද්ධයකට අවශ්‍ය වටපිටාව සකස් කළ බව ඔහු පවසයි. එම ලිපියේ දැක්වෙන්නේ ඉරානයෙන් අමෙරිකාවට ක්ෂණික තර්ජනයක් පවතින බවටත්, දැන්ම ප්‍රහාර එල්ල කළහොත් ඉතා ඉක්මන් ජයග්‍රහණයක් කරා යා හැකි බවටත් ට්‍රම්ප්ව මුළා කර ඇති බවය.

මෙය අතීතයේදී ඉරාක යුද්ධයට අමෙරිකාව පටලවා ගැනීම සඳහා ඊශ්‍රායල භාවිතා කළ උපක්‍රමයක් බවද ජෝ කෙන්ට් සිය ලිපිය මඟින් දැඩිව අවධාරණය කර ඇති බව සඳහන්ය. 45 හැවිරිදි කෙන්ට්, එක්සත් ජනපද විශේෂ බලකායේ සහ CIA ප්‍රවීණයෙක් ද වේ. හමුදා සාමාජිකාවක වූ ඔහුගේ බිරිඳ ෂැනන් කෙන්ට් 2019 දී සිරියාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවඳ සඳහන්ය.

  • Related Posts

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම විදේශ සංචාර තහනම් කර තිබේ. සෙනගාල අග්‍රාමාත්‍ය සොන්කෝ නයිජර් විසින්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 310 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 52 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 713 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1081 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 13 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 112 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…