පැය 04ක පමණ සෝදිසි මෙහෙයුමකින් පසු දැරිය සොයාගනී.. අවාසනාවන්ත ලෙස ජීවි.තයෙන් සමු.ගත් මල් කැකුළක් ගැන ඇසෙන ඒ කතාව මෙන්න..

මේ සිද්ධිය නිසා මේ වෙනකොට ඒ ප්‍රදේශයම කම්පාවට පත් වෙලා.. මේ ඇසෙන්නේ අන්න ඒ සිදුවීම ගැන ඇසෙන සංවේදී කතාවයි.

මරදන්කඩවල ප්‍රදේශයේ වැවක දිය නාමින් සිටි 09 හැවිරිදි දැරියක් ඊයේ (19) පස්වරුවේ කිඹුලෙකු ඩැහැගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව සොයාගෙන රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

මෙම දැරිය සිය මිත්තනිය සමග වැවට ගොස් ඇති අතර, වැවෙහි නාන මංකඩකදී දියනාමින් සිටයදීයි මෙසේ කිඹුලෙකු ඇයව ඩැහැගෙන ගොස් ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ, ගනේවල්පොල හීණුක්කිරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 04 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියක්.

සිද්ධිය සැලවීමත් සමග එම ස්ථානයට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව තිබිණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට හා ගනේවල්පොල වනජීවී කාර්යාලයට ද දැන්වීමට කටයුතු කර ඇති බව සඳහන්.

අනතුරුව ප්‍රදේශවාසීන් හා පොලිසිය ඇතුළු පිරිස් එක්ව සිදුකළ පැය 04ක පමණ සෝදිසි මෙහෙයුමකින් පසුවයි සවස් වන විට කිඹුල් ප්‍රහාරයට ලක්වූ එම දැරිය සොයා ගැනීමට හැකිවී ඇත්තේ.

කිඹුලාගෙන් බේරාගත් දැරිය කඩිනමින් මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම දැරිය රෝහල් ගතකරන අවස්ථාවේ දී මෙලෙස අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශණ සිදුකරනවා.

  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 34 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 363 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 88 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 828 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 825 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්