පිඹුරා සමඟ නැටූ අවුරුදු කුමරිය අත්අඩංගුවට ගැනීමට නියෝග.!

(රෝෂන් තුෂාර)

ප්‍රසිද්ධ රූපලාවන්‍ය  ශිල්පියකු සංවිධානය කරන අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ උත්සවයකදී  පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ නියැලි අවුරුදු කුමරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩි.ජේ ප්‍රේමරත්න මහත්මිය වනජීවී දෙපාර්තමේන්තුවට (23) නියෝග කළාය.

වන ජීවි දෙපාර්තමේන්තුව  ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව  නෙත්මි හිරන්යා නමැති සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙම වරෙන්තුව නිකුත් කළාය.

වනජීවි දෙපාර්තමේන්තුවේ කොළඹ වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරීවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ආරක්ෂිත සත්වයකු ලෙස නම් කර ඇති  පිඹුරෙකු කරේ දමාගෙන හිංසා කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ තැනැත්තිය සැකකාරියක ලෙස නම් කළ බවය. සැකකාරියට වනජීවී කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝග කොට ඇතත් සැකකාරිය එම ප්‍රකාශය ලබා දීම මග හරින බව ද පැවසීය.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ මෙසේද පැවසුහ.

කොළඹ කුරුඳුවත්ත රෝයෙල් මාස් එරීනා නමැති පරිශ්‍රයේ සිදු කරන ලදැයි කියන මෙම අවුරුදු උත්සවයේදී සැකකාරිය විසින් කිඹුරකු කරේ දමාගෙන නර්තනයේ නියැලී තිබෙනවා.

වනජීවි වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙය දඩුවම් ලැබිය යුතු වරදක් බැවින් අදාළ සැකකාරියට කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට දන්වා ඇතත් මේ වනතෙක් ඊට ප්‍රතිචාර දක්වා නැහැ. එම නිසා සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කරන ලෙසත්,අදාළ තරඟය සංවිධානයක් කළ රූපලාවන්‍යය ශිල්පියාගෙන්ද ප්‍රකාශයක් ලබා ගත යුතු බවත් වැඩිදුරටත් පැවසූ වනජීවී නිලධාරීන්  ඊට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ වරෙන්තු නියෝග නිකුත් කරමින්  සැකකරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය. තරඟ සංවිධායක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහල නැමැති අයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටද අවසර ලබා දුන්නේය.

  • Related Posts

    පිඹුරුකු කරේ දමා නැටු අවුරුදු 18 ක අවුරුදු කුමරිය කතා කරයි…

    සාම්ප්‍රදායික නර්තනයකින් ඔබ්බට යමින් ජීවමාන පිඹුරෙකු ගෙල වටා ඔතාගෙන නර්තනයේ යෙදුණු නෙත්මි හිරණ්‍යා නම් යුවතිය ගැන පසුගියදා කථාබහක් ඇති විය. වයස අවුරුදු දහඅටක් වන ඇය තවමත් උසස් පෙළ හදාරන සිසුවියක්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 120 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 74 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 628 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 82 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 942 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1305 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…