සයුරෙන් එහා පුවත්

ට්‍රම්ප් පරාජය බාර අරන් නැවැත්තුවට අපි අපේ අරමුණ ඉශ්ඨ කරගන්න තුරු සටන් වදිනවා – ඉරානය

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානය පසුගිය සති අන්තයේදී ඇමෙරිකාව සමග කිසිදු ඵලදායී සාකච්ඡාවක් සිදු නොකළ බවත් අරමුණු ඉටු කරගන්නා තෙක් ඉරාන හමුදාව සිය මෙහෙයුම් සිදු කරනු ඇති බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේය.

එසේම හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරනයට පහර දෙන්නන්ට අඛණ්ඩව වසා තබනු ඇතැයිද එම අමාත්‍යාංශය පැවැසුවේය.

අරමුණු ඉටුකර ගැනීමට පෙර ඉරානය කිසිදු සාකච්ඡාවක් ඇමෙරිකාව සමග සිදු නොකරන බවද ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

පසුගිය සතියේ අන්තයේද සෘජුව හෝ මැදිහත්කරුවකු මාර්ගයෙන් ඉරානය ඇමරිකාව සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජනපති ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ එලෙස සටහනක් තබා ඇත්තේ ඉරාන හමුදාවෙන් එල්ල වන පීඩනයක් ඉරාන යුද්ධය හේතුවෙන් ඇමරිකාව තුළින් එල්ල වන මූල්‍ය පීඩනයත් හේතුවෙන් පසුබැසීමට බවද ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

මැදපෙරදිග කලාපයේ රටවල් කීපයක් මැදිහත්කරුවන් වෙමින් සටන් විරාමයකට එළැඹෙන ලෙස ඉරානයට යෝජනා කර සිටි බවත් ඒ සියලු පාර්ශවයන්ට ඉරානය ප්‍රකාශ කර සිටියේ යුද්ධය ආරම්භ කරනු ලැබුවේ ඉරානය නොවන බැවින් එය ඇමරිකාවට පවසන ලෙස බවත් යැයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය ට්‍රම්ප් ගේ පණිවුඩය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඉරාන හමුදාව අඛණ්ඩව යුධ වදිනු ඇති බවත් සිය සතුරන්ට පරාජයක් අත්වනු ඇති බවත්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button