Harry Potter රූපවාහිනි කතා මාලාවේ පළමු පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට..

ලොවපුරා ළමා හා වැඩිහිටියන් අතර එකසේ ජනප්‍රිය Harry Potter පොත් මාලාව ඔස්සේ නිෂ්පාදනය වන මේ වන විට ලොව වඩාත්ම බලාපොරොත්තු සහගත කතා මාලාව ලෙසෙ එළිදැක්වෙන Harry Potter රූපවාහිනි කතාමාලාවේ පළමු පූර්ව ප්‍රචාරක පඨය අන්තර්ජාලයට ඔස්සේ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ (2026) දෙසැම්බර් මාසයේදී HBO Max ස්ට්‍රීමින් සේවාව ඔස්සේ ප්‍රේක්ෂකයන්ට මෙය නැරඹීමට අවස්ථාව හිමිවෙනවා.

මෙහි පළමු කතා මාලාව (Season 01) “Harry Potter and the Philosopher’s Stone” ලෙස නම් කර ඇති අතර, J. K. Rowlingගේ ප්‍රසිද්ධ පළමු කෘතිය ආශ්‍රය කරගෙන මෙය නිර්මාණය වී තිබෙනවා.

මෙය පෙර චිත්‍රපටවලට වඩා මෙම කතාමාලාව විස්තරාත්මකව පෙන්වීමට බලාපොරොත්තුවන බවයි සඳහන් වන්නේ.

මෙම මාලාව HBO Max ඉතිහාසයේ විශාලතම streaming event එකක් වන බවට ඔවුන් අපේක්ෂා කරනවා.

හැරී පෝටර් ලෙස Dominic McLaughlin , හර්මියෝන් ග්‍රේන්ජර් ලෙස Arabella Stanton සහ රොන් වීස්ලි ලෙස Alastair Stout යන අය රංගනයෙන් දායක වන මෙම කතා මාලව සඳහා ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා ළමා නලු නිලියන් 32,000 පමණ අධික ප්‍රමාණයක් තිර පරීක්ෂණවලට සහභාගී වීමෙන් තෝරාගෙන තිබීම විශේෂත්වයක්.

පෙර චිත්‍රපටවල Harry ලෙස රංගනය කළ Daniel Radcliffe ද නව නළුවන් පිළිබඳ විශ්වාසය පළ කර තිබෙනවා.

තවද අල්බස් ඩම්බල්ඩෝර් ලෙස John Lithgow, මිනර්වා මැක්ගොනගල් ලෙස Janet McTeer ද, සෙවරුස් ස්නේප් ලෙස Paapa Essiedu ද, රුබියස් හැග්රිඩ් Nick Frost ද මෙම කතාමාලාවට රංගනයෙන් දායකවීමට නියමිත අතර වොල්ඩර්මෝට් චරිතය තවමත් රහසිගතව තබා ගැනීමට ස්ටූඩියෝව කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් සෙවරස් ස්නේප් ලෙස ‍රංගනයේ යෙදෙන Paapa Essiedu කලු ජාතිකයෙක් වීම නිසා, J.K. Rowling විසින් harry potter කෘති මාලාවේ හඳුන්වන පෙනුමෙට ඔහු පරස්පර වීම නිසාවෙන් බොහෝ පාඨකයන් මෙන්ම ප්‍රේක්ෂකයන් ඔහුට විරුද්ධව අදහස් දක්වා ඇති අතර ඔහුට එම චරිතය රඟ නොපාන ලෙස මරණ තර්ජන පවා සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

  • Related Posts

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    අද 2026 අප්‍රේල් 06 ,ඉර උදාව: පෙ.ව. 06.07, ඉර බැසීම: ප.ව. 06.20, රාහු කාලය: පෙරවරු 07.38 සිට 09.09 දක්වා (වැදගත් වැඩකටයුතු සඳහා මෙම කාලය මඟ හැරීම සුදුසුයි). මේෂ ලග්නය අද…

    ඉන්දියාවේ කො.න්ඩ.ම් කර්මාන්තයටත් පහරක්?

    අමෙරිකා, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්දියාවේ ගෑස් සැපයුමට සහ ආර්ථිකයට මේ වනවිටත් බලපෑම් එල්ල වී ඇති අතර, දැන් එරට කොන්ඩම් කර්මාන්තය ද දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 38 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 588 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 77 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 921 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1285 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 19 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.