“අපිට කොච්චර මතක තිබ්බද..? අපි කොච්චර ජීවිතේ වින්දද..?” විවාහයෙන් දින ගණකට පසු ජීවිතයෙන් සමුගත්ත මදුෂානි ගැන ඇයගේ මිතුරියක් තැබූ ඒ සංවේදී සටහන මෙන්න..

සමහර අහිමිවීම් වචනයෙන් විස්තර කරන්න බැහැ..

මේ අන්න ඒ වගේ තවත් එක් සංවේදී කතාවක්. ඇයගේ මරණයෙන් බොහෝ දෙනා කම්පනයට පත්වෙලා තියනවා.

මදුෂානි පතිරණ, ඇය මොන තරම් නම් හොඳ කාන්තාවක්ද කියන එකට සක්ෂි ඕනෑතරම් මේ වෙනකොටත් සමාජමාධ්‍ය තුළ සැරි සරනවා.

මේ අන්න ඒකට කදිම සක්ෂියක්. නොසිතූ මොහොතක අප අතරින් වෙන්ව ගියේ හදිසි රිය අනතුරකින් වෙන්ව ගිය ඇය ගැන අද ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.

“ඇයි හොඳ මිනිස්සුම? විස්වාස කරන්නද එපාද කියල මම තාම හිතනවා.
දවස් දෙක තුනක් නින්ද නැති කරපු, මම කරපු පිනත් අරන් හාස්කමක් වෙන්න කියලා උදේ හවස මම ප්‍රාර්ථනා කරපු මහ පුදුම දවස් ටිකක් ප්‍රාර්ථනා නොකරපු විදියට ඉවර වුණා. ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරුම් කරපු කාලයක් පහු කරපු මට මගේ ජීවිතේ හමුවුණ ආදරණීයම, ආදරේ වාතයක් වෙන තරම්ම හොයලා බලපු හැමදේටම ළගින් හිටපු අහිංසක බැඳීමක් නැති වුණා. විස්වාස කරන්න මිනිස්සු අහිමි වෙන්නේ මහ පුදුම විදියට හරිම අකාරුණික විදියට. ඒකත් අහිමි වෙන්න ඔ්නෙ අය නෙවෙයි.

මම දැක්ක ධෙර්යවන්තම අය අතර හිටිය, ආදරේ, හීන ගොඩක් පුරවන් අවුරුදු ගාණක් හිටිය සුරංගනාවියක් වුණ ඔයා ලස්සන මනමාලියක් වෙන්න හීන දැකපු ඔයා ඒ හීනේ සති දෙකකට කලින් හැබෑ කරගත්තෙ මන් ඔන්න ඒකත් සැබෑ කරගත්ත කියලා පෙන්නලම යන්නද?

නංගි කියලා මට ජීවිතේ ගැන ගොඩාක් දේවල් කිව්වේ ඔයාගේ හිත ගැන දැනගන්න දීලා මේ තරම් මට රිද්දන්න ද කියලා හිතෙනවා. සති දෙකකට කලින් මාව බදාගෙන මගේ සතුට දිහා පැත්තක ඉදගෙන මනමාලි වෙලත් බලන් හිටියේ ඔයා අවංකවම අනිත් අය වෙනුවෙන්ම ආදරේ පුරව ගත්ත කෙනෙක් නිසා කියලා මම දන්නවා.

දෙයියනේ අපි අද හෙටම කෑම ටිකක් කාලා සතුටු වෙන්න ආයෙමත් හමුවෙන්න නේද හිටියේ. මට මෙහෙමනම් අපේ චතුවා කොහොම දරාගන්නවා ඇද්ද කියලා හිතද්දිත් බයයි.

ඔයා ගැන මම දන්න දේවල් මගේ හිතට බර වැඩී අක්කා. අපි කතා කළ දේවල් ඇතුළෙ මන් හැමදාම දැක්කා ඔයාගේ හීන. මනමාලියක් වෙලා සති දෙකක් යද්දි මාව බලන්න එන්න හිටපු ඔයාව මෙහෙම දකින්න මම ජීවිතේ හීනෙන්වත් බලාපොරොත්තු වුණේ නෑ.

ජීවිතේ මෙහෙමයි හිතුවට මට තාමනම් අදහ ගන්නත් බෑ. අපි අවුරුදු ගානක් මහ පාන්දර නැගිටගෙන කොච්චර ඇවිද්දද, ලංකාවේ හතර වටේ අපි නොගියෙ කොහෙද? අපිට කොච්චර මතක තිබ්බද, අපි කොච්චර ජීවිතේ වින්දද සමහර තැන් වල කියව ගත්තද විහිළු කලාද. ජීවිතේ මෙහෙමනම් මිනිස්සු අහිමි වෙන්න හොද නෑ.

මෙච්චරයි මම දන්නේ අපි හැමෝටම හෙට තියා මේ ඊලග තත්පරේවත් ඉන්න පුලුවන් වෙයිද දන් නෑ. මේ මොහොතේ ඉන්න, ආදරේ කරන්න හිනා වෙන්න. යනකොට අරන් යන්න දෙයක් නෑ.

ඉන්නකල් නොමැකෙන මනුස්සයෙක් වෙන්න විතරයි තියෙන්නේ. හරියට අක්කේ ඔයා වගේ ..
නිවන් සුව කියන්න හිත හදාගන්න බැරි උනත් මන් දන්නව ඔයා මට කියනව කොහෙ හරි
ඉදන් නංගි ජීවිතේ ඕම තමයි මට නිවන් සුව කියල සමුදෙන්න කියලා.
අක්කේ ඔයාට නිවන් සුව ලැබේවා. මේ සසරින් එතෙරෙ වේවා..
ඔයා හැමදාම ආදරණීයම මතකයක්.”

  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 24 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 341 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 85 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 823 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 176 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 817 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්