දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටි මගීන් පිරිසකට අද (27) දහවල් අදහාගත නොහැකි බියකරු අත්දැකීමකට මුහුණ දීමට සිදු වුණා.
කතරගම වන්දනාවේ යමින් සිටි බැතිමතුන් පිරිසක් රැගත් මගී ප්‍රවාහන බස් රථයක් වැලිපැන්න හුවමාරුව ආසන්නයේදී හදිසියේම ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
බස් රථය තුළ මගීන් පිරිසක් සිටියදීම මෙලෙස ගින්න හටගෙන ඇති අතර, ගිනි ජාලා පැතිර යාමට පෙර මගීන් සියලු දෙනා බස් රථයෙන් ඉවතට පැන දිවි බේරා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්. ගින්නෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර, මෙම අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වුණා.





