මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ.

SLIM Peoples Awards මෙවර ලැබුණේ කී වෙනි සැරේට ද?

11 වෙනි වතාවට. 2016 සිට අඛණ්ඩව ජනප්‍රියම ගායිකාවට හිමි සම්මානය ලැබුවා. ඒ එක්කම SLIM Peoples Awards කණ්ඩායම මීට වසර 5කට පෙර හඳුන්වා දුන් Youth Choice – Female Singer of the Year කියන සම්මානයත් මේ වසර 5 තුළ මට ලැබුණා. මුල් කාලයේදී වසර කිහිපයක්ම මේ සම්මානය සඳහා මගේ නම නිර්දේශ වෙලත් තියෙනවා. සමීක්ෂණයකින්, ලංකාව පුරාම ඉන්න රසිකයින්ගෙ කැමැත්ත අනුව තමයි මේ සම්මාන උලෙළේ සම්මාන ලබා දෙන්නේ.

ගෙදර සම්මාන කීයක් තියෙනවද?

මේ වෙද්දී ජනප්‍රිය සහ ප්‍රශස්ත සම්මාන 39ක් තියෙනවා. මේ තරම් ආදරයක් සම්මාන හෝ අගයකිරීමක් මට ලැබෙයි කියලා මමවත් හිතුවේ නැහැ.

සම්මාන තියන්න වෙනම ඉඩක් වෙන් කරන්න වෙයි වගේ

ඇත්තටම ඔව්, දැන් ඉඩක් වෙන් කරලා සම්මාන ටික තියන්න තැනක් හදාගෙන යන ගමන් ඉන්නේ.

කලාවට ඇවිත් වසර කීයක් ද?

මම මුලින්ම එන්නේ ළමා ගායිකාවක් විදියට. එහෙම ගණන් බැලුවොත් නම් වසර 30කට වැඩියි. හැබැයි ජනප්‍රිය ගායිකාවක් විදියට මම ඉන්නේ වසර 25ක් 26ක් තිස්සේ. මගේ සංගීත දිවියේ වසර 25 සමරන්න මම නෙළුම් පොකුණේ සාර්ථක ප්‍රසංගයක් පැවැත්වුවා. විශේෂයෙන්ම කියන්න ඕනේ, ඒ කාලේ ඉඳන් මට ගීත නිර්මාණය කරලා දුන්නු, පද රචනා කරපු, තනු නිර්මාණය කරපු, සංගීතය සපයපු වාදන ශිල්පීන්, පටිගත කිරීම් අංශයේ ශිල්පින් ඇතුළුව මේ සියලුම දෙනා වගේම රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත් මාධ්‍ය අංශයේ සියලුම දෙනා ඇතුළු මගේ පිටුපස හිඳිමින් ශක්තියක් වුණු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන්නත් මම මේක අවස්ථාවක් කර ගන්නවා.

මාව ගායිකාවක් කරන එක මගේ තාත්තා දැකපු හීනය. තාත්තා අද ගොඩක් සතුටු වෙනවා. තාත්තා අම්මා මගේ සහෝදරයා ඒ කරපු කැපවීම්වල ප්‍රථිඵල අද තියෙනවා. ඊළඟට දැන් මගේ සැමියා සහ දරුවන් දෙන්නා ඒ වෙනුවෙන් මට ගොඩක් උදව් කරනවා. මම කාර්යබහුල වෙද්දී මාව දරා ගැනීම එක්ක යන ගමනක් මේ. එහෙම නැතුව මම තනියම ආව ගමනක් නෙවෙයි. ඒ දරා ගැනීම් සහ ශක්තිය රැකවරණය එක්ක යන ගමනක්. මේ සියලුම දෙනාට මම ලබන ජයග්‍රහණවලට ස්තුතිවන්ත වෙනවා.

චිත්‍රපට පසුබිම් ගායනය ගැනත් අපු කතා කළොත්

වසර දෙකකට උඩදී මම ගැයූ ‘ජංගි හොරා‘ චිත්‍රපටයේ ගීතයටත් මට SIGNIS Award එකක් ලැබුණා. ඒ එක්කම මේ දිනවත් තිරගත වන ‘මලකි දුවේ‘ නුඹ හි එන ගීතය ගයන්නේත් මම. ඒ වෙනුවෙනුත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉදිරියටත් චිත්‍රපට ගීත කිහිපයක් එන්න තියෙනවා. මම මට ලැබෙන නිර්මාණ වලට උපරිම දායකත්වය දෙන්න උත්සහ කරනවා. මම මේ ක්ෂේත්‍රයට එද්දී තිබුණු උනන්දුව ආසාව මේ ක්ෂේත්‍රයට තියෙන කැපවීම තවමත් තියෙනවා. ඒ නිසා ඉස්සරහටත් මගේ රසිකයින් වෙනුවෙන් ඒ නිර්මාණවලට මම දායක වෙනවා.

රියැලිටි තරගවලින් එන ශිල්පීන්, කාලයත් එක්කම විවිධ රැලිවලට අහුවෙලා නැතිවෙලා යනවා සශිකා නිසංසලා එහෙම වුණේ නැහැ. මොකක්ද හේතුව

මමත් තුරුණු ශක්ති තරගයෙන් ආව කෙනෙක්. ඒ වගේම මමත් රියැලිටි තරග විනිශ්චය කරනවා. මම දකින්නේ තරග කියන්නේ අලුතින් එන අයට ලැබෙන හොඳ අවස්ථාවන් විදියට. අපි තරගවලින් එද්දී ගයන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ ගීත. නමුත් අපි ක්ෂේත්‍රයේ නමක් හදාගෙන ස්ථාවර ගමනක් යන්න නම් තමන්ගේ අනන්‍යතාව ගොඩ නඟා ගත යුතුයි. ඒ වෙනුවෙන් මහන්සි වෙලා තමන්ගේම නිර්මාණ ටිකක් කර ගන්න ඕනේ. ගොඩක් වෙලාවට මම කරන නිර්මාණ ජනප්‍රිය වෙන නිසා මට ලැබෙන හැම ගීතයම ජනප්‍රිය වෙනවා කියලා හිතනවා. සමහරු ඒ නිසාම වාසනාවන්තම ගායිකාව කියලත් කියනවා. හැබැයි මම විශ්වාස කරන දේ තමයි ඒ වෙනුවෙන් වෙහෙසෙන්න ඕනේ තමන්ම තමයි. තමන්ට ගැළපෙන විදියට නිර්මාණ තෝරා ගන්න සහ තමන්ට ගැළපෙන විදියේ නිර්මාණ කරවා ගන්න මහන්සි වෙන්න ඕනේ. මම තවමත් ඒ වෙනුවෙන් උනන්දු වෙනවා. මම වෙනස් වෙනස් විදියේ නිර්මාණ හොයනවා. ගොඩක් අයගෙන් නිර්මාණ ඉල්ලා ගන්නවා. මට ලැබෙන හැම නිර්මාණයම මම කරන්නේ නැහැ. මට ලැබෙන වචන සහ ඒ තනුව මට උපරිමයක් මගේ හඬින් එයට ගැළපෙන භාවය දෙන්න පුළුවන් නම් තමයි මම භාර ගන්නේ. ඉස්සරහටත් එන්න තියෙනවා මගේ අලුත්ම ගීතයක්.

ගීතයක් මුලින්ම කළාම අහන්නේ කවුද?

මෙහෙමයි ගීතයක් තෝරා ගනිද්දී ඒ ගැන මුලින්ම බලන්නේ මමත් මගේ සැමියා සුරංගත් එක්ක තමයි. ගීතය කළාට පස්සේ මුලින්ම අහන්නෙත් මගේ ගෙදර අය. තාත්තාටත් සංගීත ඥානය තියෙනවා. එක්කම මගේ ළඟම මිතුරු මිතුරියන්ටත් දෙනවා අහන්න. මම තෝරා ගන්නෙත් මට දැනෙන ගීත පමණයි.

අපි අලුත්ම ගීතය ගැන ඉඟියක් දෙමුද?

මේ දවස්වල එහි නිර්මාණ කටයුතු කරගෙන යනවා. මගේ හඬ යොදන්න තියෙනවා. උදාර සමරවීර මල්ලිගේ සංගීතයෙන් එන ගීතයක්. ඉස්සරහට වැඩි විස්තර ඇතුව කියන්නම්. දැනට තියෙන්නේ නම් මගේ පරක්කුව…

දරුවෝ දෙන්නා ගැනත් මතක් කරමු

ලොකු පුතා මිහින් මතගවීර. දැන් අවුරුදු 15ක් වෙනවා. පාසලේ දී බටහිර සංගීතය හදාරනවා. පොඩි පුතා හිරුන් මතගවීර. එයාට දැන් අවුරුදු 12යි. එයා පෙර දිග සංගීතය හදාරනවා. දෙන්නම සංගීතයට ක්‍රීඩාවට දක්ෂයි. කොයි අංශයෙන් ඉදිරියට යයි ද කියන එක දැන්ම කියන්න බැහැ. එයාලා කැමති දේ කරන්න තමයි අපි නිදහස දෙන්නේ. මොකද මගේ තාත්තාත් මම ආස දේ කරන්න ඉඩ දුන්නා. මම සංගීත විෂය තෝරා ගත්තේ මගේ කැමැත්තට. ගොඩක් ගුරුවරු කිව්වා, ඔයාට විද්‍යා විෂයන්, ගණිත අංශයෙන් හෝ නීති අංශයෙන් වැඩි දුර අධ්‍යාපනය ලබන්න පුළුවන් කියලා. තාත්තා මගේ කැමැත්තට ඉඩ දුන්නා. මමත් මගේ දරුවන්ට නිදහස දෙනවා එයාලා කැමති දේ ඉස්සරහට කරන්න.

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    අනුන්ගේ රන් මාලයක් උකස් කළ නව පරපුරේ රංගන ශිල්පිනියට ඇප…

    නව පරපුරේ රංගන ශිපිනියක් තම හිතවතෙකුගෙන් ලක්ෂ 09 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ලබාගෙන එය නැවත ලබ නොදී හිමිකරුගේ අනුදැනුමකින් තොරව උකස් තබා ලක්ෂ 06ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් රන්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 48 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 596 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 119 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 895 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 198 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 850 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්