ඉරානයට න්‍යෂ්ටික අවි ලබාදීමට රටවල් කිහිපයක් සූදානම් – රුසියාවේ හිටපු ජනපති

රුසියාවේ හිටපු ජනපති දිමිත්‍රි මෙඩල්ඩෙව් අද දින සුවිශේෂී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉරානය න්‍යෂ්ටික අවියක් හැදිය යුතු නෑ. රටවල් කිහිපයක්ම ඉරානයට න්‍යෂ්ටික අවි ලබාදීමට සූදානමින් සිටින බවයි.
මේ යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට නම් ඉරානය කළ යුත්තේ එක්කෝ තමන් සතු 60 % හෝ 85% ට බලගැන්වූ යුරේනියම් යොදා වහාම න්‍යෂ්ටික අවියක් තැනීමය. එසේ නැතිනම් තම මිතුරු රටවල් හරහා එම න්‍යෂ්ටික බලය සියතට ගෙන ඇමරිකාවට සහ ඊශ්‍රායෙලයට පෙන්වීමය. උතුරු කොරියාව මෙන්ම පකිස්ථානයද ලෝක බලවතුන්ගේ යකඩ සපත්තුවට නොපෑගි හිස කෙලින් තබාගෙන සිටින්නේ තමන් සතුව න්‍යෂ්ටික යුධ හිස් තිබෙන නිසාය. උතුරු කොරියාවට ට්‍රම්ප් ගේ පළමු ධූර කාලයේදී වරින්වර චංඩිකම් පාන්නට විය. උතුරු කොරියාව එයට පිළිතුරු දුන්නේ කි.මී. 10000 ක් ගමන් කරන අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් (ICBM )සාර්ථකව අත්හදා බැලීමෙනි. එම මිසයිලය උතුරු කොරියාවේ සිට ඇමරිකාවේ ඕනෑම තැනකට පහරදිය හැකි මට්ටමකින් නිමවා තිබුණි. ඉන් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවේදි හමුවී බොහෝ කුළුපගව කතාකර කාරණා කටයුතු පිළියෙල කරගත්තේය. උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි මෙන්ම ඒවා රැගෙන යන අන්තර් මහද්වීපික මිසයිලද ඇත. පසුගිය සමයේ උතුරු කොරියාව පුටින්ගේ සහයට තම සෙබළුන් 15000 ක් යුක්‍රේනයට පිටත් කර යවන විට ඇමරිකාව ඇටි කෙහෙල් කෑ උගුඩුවෙකු සේ බලා සිටියා මිසක ප්‍රශ්ණ කරන්නට ආවේ නැත. ඒ තමයි න්‍යෂ්ටික අවියේ බලය. මේ සියළු තත්වයන් සැලකිල්ලට ගෙන ඉරානය මේ මොහොතේ කෙසේ හෝ න්‍යෂ්ටික අවියක් තැනිය යුතුමය.
ඉරානයේ භූගත න්‍යෂ්ටික බලාගාර දෙකක් යැයි අනුමාන කර ඇමරිකාව අති දැවැන්ත බන්කර් නාශක බෝම්බ 6 ක් හෙළුවේය. එක් බෝම්බයකට විනාශ කළ හැකි ගැඹුර මීටර් 60 කි. මෙම බෝම්බ හයම පතිත කර ඇත්තේ ස්ථාන 6 කටය. මෙම ප්‍රහාර වලින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ නොවූ බව නෙතන්යාහු පවා පැවසුවේය. 2025 ජුනි මස දින 12 යුද්ධයේදී මෙම න්‍යෂ්ටික මධ්‍යස්ථාන අසල ට්‍රක් රථ ගණනාවක් නතර කර තිබූ චන්ද්‍රිනා චායාරූප මුදාහැර තිබුණි. මෙම ස්ථාන වලට පහර දෙන බව රුසියානු ඔත්තු සේවා දින ගණනාවකට පෙර ඉරානයට දන්වා තිබූ බව වාර්තා විය. ඉරානය විසින් බලගැන්වූ කිලෝ 400/500 පමණ යුරේනියම් තොගය කිසිවෙකුට හසු නොවන තැනක සඟවා හෝ රුසියාවට මේ වනවිට ලබාදී ඇත. හිටපු රුසියානු ජනපති හා වර්ථමාන රුසියානු ආරක්ෂක මංඩල ප්‍රධානි පවසන්නේ තවත් රටකින් ඉරානයට න්‍යෂ්ටික අවියක් ලැබෙන බවය. එසේ නම් එය ඉරානයේ බලගැන්වූ යුරේනියම් නැවත ඉරානයටම ලැබීමක්ද ?

  • Related Posts

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම විදේශ සංචාර තහනම් කර තිබේ. සෙනගාල අග්‍රාමාත්‍ය සොන්කෝ නයිජර් විසින්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 47 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 602 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 80 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 922 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1290 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 20 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.