තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්.

ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක් විශේෂ සටහනක්..

1987 වසරේදී අවාසනාවන්ත රිය අනතුරකින් මෙලොව හැරගිය රමණී බර්තලමියුස්ගේ වියෝවෙන් මේ වන විට වසර 39ක් ගතවී ඇතත්, රමණීගේ පවුලේ සාමාජිකයන් සහ කමල් අතර පවතින සබැඳියාව තවමත් නොබිඳී පවතිනවා.

පසුගියදා කමල් අද්දරආරච්චි සහ ඔහුගේ බිරිඳ අනුරාණි, රමණීගේ මෑණියන් සහ සහෝදරයා සමඟ ඇයගේ සොහොන් කොත වෙත ගොස් තිබුණා. එහිදී ඔවුන් රෝස මල් තැන්පත් කර, පහන් දල්වා ඇය වෙනුවෙන් ගෞරවය සහ ආදරය පුද කළා.

කමල් අද්දරආ‍රච්චි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, කාලය කෙතරම් වේගයෙන් ගලා ගියද, රමණීගේ පවුලේ පිරිස තවමත් තමාට සිය සමීපතමයන් වැනි බවයි. මෙම අවස්ථාවට කමල්ගේ වර්තමාන බිරිඳ වන අනුරාණි ද සහභාගී වීම විශේෂත්වයක් වූ අතර, බොහෝ දෙනා එය අගය කර තිබුණා. ඒ ඇයගේ ඇති මනුෂ්‍යත්වය සහ අවබෝධය නිසාවෙන් කියලා කියන්න පුළුවන්.

“ජීවිතය කියන්නේ මතකයන් සමුදායක්. ඇතැම් මතකයන් වසර ගණනාවක් ගියත් අලුත් වෙලා පේනවා. ඇය ගොස් වසර 39ක් වුණත්, රමණීගේ පවුලේ අය සමඟ තවමත් අප බැඳී සිටින්නේ ඒ උතුම් මනුෂ්‍යත්වය නිසයි.” ඔහු මේ ඡායාරූප පෙළ සමගින් මුහුණුපොතට එක්කර තිබුණේ මෙන්න මෙවැනි සටහනක්..

සිංහල සිනමාවේ සහ ටෙලි නාට්‍ය කලාවේ “සලඹ පූජා” වැනි නිර්මාණ හරහා ජනතා ආදරය දිනාගත් රමණී බර්තලමියුස්, එදා තරුණ පරපුරේ සිහිනයක් බඳු වුණා. කමල් අද්දරආරච්චි විසින් වසර 39කට පසු ඇයව මේ අයුරින් සිහිපත් කිරීම, සැබෑ ආදරය සහ මිත්‍රත්වය කාලයට යටපත් කළ නොහැකි බවට කදිම නිදසුනක් වෙනවා.

  • Related Posts

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    අනුන්ගේ රන් මාලයක් උකස් කළ නව පරපුරේ රංගන ශිල්පිනියට ඇප…

    නව පරපුරේ රංගන ශිපිනියක් තම හිතවතෙකුගෙන් ලක්ෂ 09 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ලබාගෙන එය නැවත ලබ නොදී හිමිකරුගේ අනුදැනුමකින් තොරව උකස් තබා ලක්ෂ 06ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් රන්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 231 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 47 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 644 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1039 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 12 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 95 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…