යෝෂිත රාජපක්ෂට ඇප ලැබුනු හැටි අධිකරණ අමාත්‍යතුමා කරුණු පැහැදිලි කරලා දුන්නේ මෙහෙමයි…

යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඊයේ කරුණු පැහැදිලි කළේය. එහිදී අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ දක්වා අදාළ නඩුවේ..

යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඊයේ කරුණු පැහැදිලි කළේය.

එහිදී අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ දක්වා අදාළ නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බවය.

“යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය දැනට අවුරුදු 8කට පමණ කලින් තමයි සිදුවෙන්නේ. මේ දක්වා යෝෂිතව නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කෙරුණේ නැහැ. එතකොට යම් පුද්ගලයෙක්ට අධිචෝදනා පත්‍රයක් මහාධිකරණයේදී ඉදිරිපත් කරන්න කලින් ඔහු සැකකරුවෙකු වශයෙන් ඔහුගෙන් කටඋත්තර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. නීතිපතිවරයා විසින් උපදෙසක් දීලා තිබෙනවා පොලීසියට මෙම තැනැත්තාව සැකකරුවෙකු වශයෙන් කටඋත්තරයක් ගන්න අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය. ඇප පනතේ ප්‍රතිපාදන අනුව විමර්ශනවලට බාධාවක් වෙන්නේ නැත්නම් ඔහු රටින් පළා යන්නේ නැත්නම් ඇපදීම තමයි සාමාන්‍ය ස්භාවය. යෝෂිත සම්බන්ධයෙන් වූ මුදල් විශුද්ධිකරණ නඩුව පවරන නිසා තමයි ඒකට අවශ්‍ය ක්‍රියාපටිපාටියේ කොටසක් වශයෙන් තමයි අත්අඩංගුවට ගත්තේ ඇප දෙනවා කියන්නේ නඩුයෙන් නිදහස් වෙනවා කියන එක නෙමයි.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports