මේ ජාත්‍යන්තර තරගයක්වත් අයි පි එල් තරගයක්වත් නෙමෙයි. නිකන්ම නිකන් දේශීය තරගයක්.. බලන්නකෝ ඇවිල්ලා ඉන්න ප්‍රේක්ෂක ජන ගඟ…

කෝලි කියන්නේ ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ… මේ කියන්න හදන්නේ ඔහු ගැන ඇසෙන අලුත්ම ආරංචියක් ගැනයි…

ඉන්දියාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන විරාත් කෝලි 12 වසරකට පසු යළි රන්ජි කුසලාන තරගයකට පිවිස තිබෙනවා.

දිල්ලි සහ දුම්රිය කණ්ඩායම් අතර අද (30) ආරම්භ වූ තරගය නැරඹීම සඳහා අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයට ක්‍රීඩාලෝලීන් දහස් ගණනක් එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තරගය ආරම්භයේදී ක්‍රීඩාලෝලීන් 6,000කට අසුන්ගත හැකි ‘ගෞතම් ගාම්භීර්’ මණ්ඩපය විවෘත කිරීමට ක්‍රීඩාංගණ බලධාරීන් කටයුතු කර ඇති අතර පිරිස දිගින් දිගටම වැඩිවීම හේතුවෙන් ක්‍රීඩාලෝලීන් 11,000ක පමණ පිරිසකට අසුන්ගත හැකි ‘බිෂාන් සිං බේඩි’ මණ්ඩපය ද විවෘත කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෝලි 2012 දී අවසන් වරට රන්ජි කුසලානයේ තරගයකට සහභාගී වූ අතර, වසර 12කට පසු ඔහු යළි මෙසේ දේශීය ක්‍රිකට් පිටියට පිවිස තිබෙනවා.

ඉන්දියාව ඔස්ට්‍රේලියාවට 3-1ක පරාජයක් එල්ලවීමෙන් පසු, ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රීඩකයින්ට දේශීය තරගවලට සහභාගී වීම අනිවාර්ය කළා.

මෙම තීරණය මත කෝලි දේශීය තරග වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

තරගය ආරම්භයේදී, දිල්ලි නායක අයුෂ් බඩෝනි දුම්රිය කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කර තිබෙනවා.

  • Related Posts

    IPL යන්න නොදුන් නිසා නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පවරයි…

    IPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි

    මිත්‍රවරුනි, ඔබ කරන දේට මහන්සි වෙන්න.තවකෙක් මහන්සියෙන් උපයාගත් දේට ඉරිසියා නොකරන්න – මතීශගේ සහෝදරියගෙන් විවේචකයන්ට සැර පිළිතුරක්..!

            මෙන්න ඒ කමෙන්ට් එකේ සිංහල පරිවර්තනය: විවේචකයන්ට, දිනපතාම සදාචාරයෙන් බත්, කුකුල් මස්, එළවළු කන එක 5-10 වසරක් පුරා අඛණ්ඩව කරන්න. මත්පැන් බොන්න එපා. අඛණ්ඩ ව්‍යායාම රටාවක්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 238 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 47 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 652 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1043 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 12 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 96 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…