ඉශාදි අමන්දා නිසා ලබන පාර මිසිස් වර්ල්ඩ් තරගාවලිය ලංකාවට… ලෝකය දිනූ ඇය කියන අලුත්ම කතාව මෙන්න…

වෙනකොට ලොවක් හඳුනන, ලෝකයේම අවදානය දිනාගත්ත රූ රැජිනක්.. ඉෂාදි අමන්දා, මෙවර මිසිස් ශ්‍රී ලංකා රූ කිරුළ දිනාගත්තේ ඇයයි.. ඒ ජයග්‍රහණයත් එක්ක ඉෂාදි ගැන විවිධ කතා..

වෙනකොට ලොවක් හඳුනන, ලෝකයේම අවදානය දිනාගත්ත රූ රැජිනක්..

ඉෂාදි අමන්දා, මෙවර මිසිස් ශ්‍රී ලංකා රූ කිරුළ දිනාගත්තේ ඇයයි..

ඒ ජයග්‍රහණයත් එක්ක ඉෂාදි ගැන විවිධ කතා ඇසුණා.. පෙනුමෙන් වගේම පෞරුෂයෙන් අගතැන්පත් ඇයගේ ඉදිරි බලාපොරොත්තු මොන වගේද..? මේ ඒ ගැන ඉෂාදි පුවත්පතකට එක්කළ අදහස් කිහිපයක්..

ඉෂාදි අමන්දාව ඔබ දකින්නෙ කොහොමද?

මම ඉෂාදි අමන්දාව දන්නේ ගොඩක් ශක්තිමත් තමන්ගෙ ඉලක්කයට යන්න ගොඩක් මහන්සිවෙන කෙනෙක් හැටියට.

ඔබේ විස්තර ටිකක් අපි දැනගන්න කැමතියි.

මම ඉපදුණේ කොළඹ. කිරිබත්ගොඩ තමයි මම ජීවත් වුණේ. හතර ශ්‍රේණිය දක්වා මම විහාර මහාදේවි බාලිකාවට ගියා. ඊට පස්සේ මම ප්‍රංශයට ගියා. අනතුරුව මගෙ අධ්‍යාපන කටයුතු ප්‍රංශයේදී තමයි සිදු කළේ.

ලැබූ ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ?

මම ගොඩක් සතුටු වෙනවා. අනිවාර්යයෙන් ක්‍රවුන් එක ගේන්න ඕනෑ කියලා මගෙ හිතේ තිබුණා. ඒ වගේම මේ ආපු දුර ගැන සතුටු වෙනවා.

ඔබ හිතන විදිහට මේ ජයග්‍රහණයේ රහස මොකක්ද?

මගේ ජයග්‍රහණයේ එකම රහස ගොඩක් මහන්සිවෙලා වැඩ කිරීම.

මේ ජයග්‍රහණය ලබා ගන්න මොන වගේ කැපකිරීමක්ද ඔබ කළේ?

ලොකුම කැපකිරීම තමයි මගේ පවුලම වෙන රටක ඉද්දී මම තනිවම මේ රටට ඇවිල්ලා වැඩටික කරගත්ත එක. පුතා ළඟ හිටපු නැති නිසා මට හරි දුකයි. පුතාට මේ වෙනකොට වයස අවුරුදු හතරක් වෙනවා.

තරගයට සූදානම් වෙනකොට මොන විදිහේ ඩයට් ප්ලෑන් එකක්ද කළේ?

ඇත්තටම මම සීනි කන එක නැවැත්තුවා. මොකද ඔවුන් ගොඩක් වෙලාවට අපගේ මුහුණ ගැන බලනවා. මොකද අපේ මුහුණේ ප්‍රශ්න ඇතිවෙන්නෙ සීනිවලින්. ඒ වගේම බත්, ඒ වගේම පාන් ආහාරයට ගැනීම නතර කළා. කොළ පාට දේවල් තමයි වැඩිපුරම මම ආහාරයට ගත්තෙ.

ලංකාවේ නම කියද්දී මොන වගේ හැඟීමක්ද දැනුණේ?

ස්ටේජ් එකේදී එයාලා ඉෂාදි අමන්දා කියලා කිව්වේ නැහැ. එයාල මිසිස් ශ්‍රී ලංකා කියලා තමයි කිව්වේ. එතකොට ලංකාවේ නම තමයි යන්නේ. ඒ අවස්ථාව ගැන මට ගොඩක් ආඩම්බරයි. එතැන හිටිය රටවල් එක්ක බලද්දී අපේ රට පුංචි රටක්.

ඔබ පැමිණි ගමන ගැන ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

මට ඇත්තටම හිතුණේ මම කොහොමද මෙච්චර දුරක් ආවේ කියලා. මට ඇත්තටම පුදුම හිතෙනවා. මම හිතනවා මට ඒ දේ කරන්න පුළුවන් නම් ඕනෑම කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන් කියලා.

ප්‍රංශයේදී ඔබ කොහොමද කාලය ගත කළේ?

මම ප්‍රංශයේදී රැකියාවක් කළා Social Media Manager කෙනෙක් විදිහට. ඒ වගේම මම Translater කෙනෙක් විදිහටත් Makeup Artist කෙනෙක් විදිහටත් වැඩ කළා. ඊට අමතරව ඒ රටේදි මම මොඩ්ලින් , ෆෝටෝ ෂූට් කළා.

ඔබ ඇයි මේ තරගයට ඉදිරිපත් වෙන්න හිතුවේ?

ඒක ඉස්සර ඉඳන් තිබුණු සිහිනයක්. විවාහවෙන්න කලින් මම හිතුව මම ‘මිස් ශ්‍රී ලංකා’ තරගයට යනවා කියලා. මොකක් හරි හේතුවක් මත මට ඒක කරගන්න වුණේ නැහැ.

හැමෝම කියනවා මිසිස් වර්ල්ඩ්ට වඩා අපේ ඉෂාදි හරි ලස්සනයි කියලා. ඒ ගැන මොකද හිතන්නේ?

චන්දිමාල් ස‍ර් කියනවා වගේ අපිට අපේ කෙනා ලස්සනයි. නමුත් එයා ජයග්‍රහණය කළේ මොකක් හරි හේතුවක් මත. මම දන්න දෙයක් තමයි පිටතින් පෙනෙන ලස්සනට වඩා එයා ඇතුළතින් ගොඩක් ලස්සනයි. ඒ වගේම මම ඇයට උදවු කළා වගේම ඇයත් මට ගොඩක් උදව් කළා. අපි දෙන්නා සහෝදරියො දෙන්නෙක් වගේ වැඩ කළේ. ඇතුළෙන් ඒ කෙනාව මම දන්න නිසා ඒ කෙනාව මට ගොඩක් ලස්සනයි.

ඊළඟ තරගය ලංකාවේ තියෙන කතාව ඇත්තක්ද?

ඔව් ඒක ඇත්ත. මට මේ ලැබුණු ජයග්‍රහණයත් එක්ක තමයි ලංකාවට ඒ අවස්ථාව හිමි වුණේ. පෙබරවාරි මාසයේ තමයි තියන්න බලාපොරොත්තු වෙන්නේ.

හිතුවද මේ වගේ ජයග්‍රහණයක් ලංකාවට ගේන්න පුළුවන් වෙයි කියලා?

ඔව් හිතුවා. අපි ගියේ ලොකු අධිෂ්ඨානයකින් සහ විශ්වාසයකින්. මම ඇත්තටම ක්‍රවුන් එක ගේන්න තමයි ගියේ. නමුත් මේ ජයග්‍රහණය ලංකාවට ගේන්න පුළුවන් වුණු එක ගැන සතුටු වෙනවා.

මේ ෆීල්ඩ් එකට එන්න ගොඩක් අය ආසාවෙන් ඉන්නවා. ඒ අයට ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?

ඕනෑම ෆීල්ඩ් එකකට යනවා නම් ඒ දේවල් ගැන ඉගෙන ගෙන හොඳ තේරුමක් ඇතුව යන්න අවශ්‍යයි. මොකද අපි දකිනවා මේ ෆීල්ඩ් එකට ඇවිල්ල අමාරුවට පත්වෙන අය. මිනිස්සු ගැන හොඳ තේරුමක් තියෙන්නෙ ඕනෑ. මට තියෙන සෝෂල් ලයිෆ් එකත් එක්ක මට මිනිස්සු ගැන හොඳට තේරෙනවා. තනියෙන් ගැහැනියක් විදියට මේ ආපු ගමනෙ ලොකු ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තිබුණා. ඒ දේවල් වලින් මම බේරුණේ මට සමාජය ගැන තිබෙන දැනුම සහ ආත්ම විශ්වාසය නිසා.

ගොඩක් අය කතා බහ වුණා ඔබ සහ හෙක්ටර් ඩයස් අතර තියෙන සම්බන්ධය? ඇත්තටම කවුද හෙක්ට‍ර් කියන්නේ?

හෙක්ටර් අයියාගේ වයිෆ් මගේ හොඳම යාළුවා. ඉතිං යාළුකමට වඩා සහෝදරකමක් තමයි තියෙන්නෙ. අපි දෙගොල්ලො හරිම එකමුතුයි. සමහරු කිව්වට මම හෙක්ටර් අයියගේ නංගි කියලා ඇත්තටම මම හෙක්ට‍ර් අයියගේ නංගි නෙවෙයි. අපිට අර එකම වගේ හැඩරුව තියෙන නිසා තමයි සමහරු එහෙම කියනව ඇත්තෙ.

ලංකාවේ යුවතියන් සුදු හමට තමයි කැමති ඒක ගැන මොකද හිතන්නේ?

මම හිතන්නේ මම මේ තරම් දුර ආවේ මගේ හමේ වර්ණය නිසා. මොකද මම කිසිම වෙලාවක ෆිල්ටර්ස් පාවිච්චි කරන කෙකෙන් නෙවෙයි. මගේ හමේ වර්ණය මම කවදාවත් සුදු කරන්න හදලා නෑ. මම හිතන්නේ අපිට ආවේණික වර්ණයක් තියෙනවා. අපිට මේ වගේ වර්ණයක් ලැබිලා තියෙන්නේ මේ තියෙන දේශගුණයට හරියන විදිහට. අපි අපේ ඇඟේ මෙලනින් නැති කරන්න ඉන්ජෙක්ෂන්, ක්‍රීම් වගේ දේවල් පාවිච්චි කළොත් අපිට ඒකෙන් ලැබෙන ප්‍රතිඵල වඩාත් භයානක වෙන්න පුළුවන්.

ඉදිරි ගමන මොන වගේ වෙයිද?

ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවෙ වගේම ලෝකයේ මට ආදරේ කරන මාව විශ්වාස කරන ලොකු පිරිසක් ඉන්නවා. ඒ හරහා ලංකාවට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. රංගන කටයුතු වලටත් දායක වෙන්න කැමතියි. හොඳ නිර්මාණ ආවොත් මම භාර ගන්නවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports