ඉක්මනින් කොන්ඩේ දික් කරගන්න නොවරදින ගිතෙල් සත්කාරය..

ගිතෙල් අපේ රුව, සුවය වැඩි කරගැනීමට ද උපකාරි වෙයි. පිරිසුදු කරගත් බටර් විශේෂයක් වන ගිතෙල් ඉරාණය, අරාබිය, පාකිස්තානය, ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල කෑමට බීමට..

ගිතෙල් අපේ රුව, සුවය වැඩි කරගැනීමට ද උපකාරි වෙයි. පිරිසුදු කරගත් බටර් විශේෂයක් වන ගිතෙල් ඉරාණය, අරාබිය, පාකිස්තානය, ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල කෑමට බීමට අමතරව තව බොහෝ කටයුතුවලට යොදා ගනි. මේ කහ පැහැති කිරි විශේෂය පූජනීය ආහාරයක් ලෙස ද සලකනු ලබන්නකි. සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී නැතිවම බැරි ඔසුවක් වන මෙය ඉන්දියාවේදී නම් නිතරම රස බැලීමට ඉඩ ලැබේ.රොටී, නාන්, බිරියානි බත්, තෝසෙ, පරිප්පු, සුප්, පරාටා, කාඩ්, කේක් ඇතුළු රස කැවිලි බොහොමයකට ගිතෙල් එක් කරයි.ගිතෙල්වල සංතෘප්ත මේදය අඩංගුවී තිබුණත් ආහාර පිසීමට ගන්නා අනෙක් සන්තෘප්ත මේදය මෙන් නොව මේවා කෙළින්ම ශක්තිය බවට පරිවර්තනය වෙයි. ගිතෙල් ආහාර ජීර්ණයට උපකාර වන අතර අන්ත්‍රවල ප්‍රදාහයන් වළක්වන ගුණයකින් ද යුක්තයි. ආයුර්වේදයට අනුව ගිතෙල්වලින් මතක ශක්තිය ඉහළ නංවාගත හැකිය. පිරිමින්ගේ ශ්‍රක්‍රාණුවල ගුණාත්මකබව ඉහළ යයි. නවීන විද්‍යාත්මකව ගිතෙල්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මඟින් ප්‍රතිශක්තිකරණය හෙවත් රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ඉහළ යයි.සියවස් ගණනාවක් පුරා ගත සිත සමතුලිත කරන රසායනයක් ලෙස ගිතෙල් යොදාගනී. පිළිකා සෛල නසන, ආමාශ තුවාල සුවපත්කරන ගුණයක්ද මෙහි ඇත.

පෝෂ්‍ය පදාර්ථගිතෙල්වල විටමින් ඒ, විටමින් ඡ්, ඔමෙගා 3, ඔමෙගා 6, සංතෘප්ත මේදය, ඒක සංතෘප්ත මේදය, බහු සංතෘප්ත මේදය, විටමින් ම්, ප්‍රෝටීන අඩංගුය.ගැඹුරු තෙලේ බැදීමේදී ගිතෙල් ඉතා සුදුසු තෙල් වර්ගයක් වන්නේ එළවළු තෙල් හෝ වෙනත් ඇටවලින් නිෂ්පාදිත තෙල්වලට වඩා අඩු විස රසායන ප්‍රමාණයක් බැදීමේදී පිටවන නිසයි. (අහිතකර මේදය අඩු කිරීමේ ගුණයක්ද ගිතෙල්වලට ඇත.)කෙතරම් ගුණ වුවත් ගිතෙල් දිනකට මේස හැන්දකට දෙකකට වඩා පරිභෝජනය නොකිරීම නුවණට හුරුය.අත් බෙහෙතක් ලෙසසම්බාහනය කිරීමේදී වැඩි වශයෙන් යොදා ගන්නේ ගිතෙල් හෝ තලතෙල්ය. ඔස්ටියෝආතරයිටිස්, ආතතිය, නින්ද නොයම, ආඝාතය වැනි තත්ත්වලදී ගිතෙල් සම්බාහනයෙන් සහනයක් ලද හැකිය.ඇස්වලට ගිතෙල් ඇස්වලට ඉතා ගුණදායක ඔසුවකි. විටමින් ඒ යහමින් ඇතිනිසා ගිතෙල් ආහාරයට එක්කිරීමෙන් ඇස්වල පෙනීම වැඩි දියුණු කර ගැනීමට පුළුවන. ගිතෙල් පරිභෝජනය රාත්‍රී අන්ධතාවට හොඳ විසඳුමකි.ඇස්වල වියළි බව නැති කිරීමටත් සිසිලසක් ගෙන දීමටත් ගිතෙල්වල ඖෂධීය ගුණය උපකාරීවෙයි. දිගු වේලාවක් පරිගණකය දෙස බලා සිටීමෙන් දෑසට දැනෙන වෙහෙසට ගිතෙල් පිළියමකි.ඇස් වටා ගිතෙල් ගැල්වීමෙන් සහනයක් ලැබේ.. ඇස් යට ඇති කළු පැහැය නැති කිරීමට ගිතෙල් ඇස් යට ගල්වන්න. නින්දට පෙර ගල්වා පසුදා උදෑසන සෝදන්න.

කොණ්ඩයට හිසකේවලට හානිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ තෙත් ස්වභාවය අඩු වීමයි. ගිතෙල් හිස් කබලේ ගැල්වීමෙන් කෙස්වලට පෝෂණයක් ලැබෙන අතර වියළි බව දුරුවෙයි.ගිතෙල් හැන්දක් රත් කර දියවෙන්නට ඇර ඇඟිලි තුඩුවලින් හිස් කබල සහ කොණ්ඩය සම්බාහනය කරන්න. පැය කීපයකට පසු මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න. රැයක් පුරා ගිතෙල් ගල්වා ෂවර් කැප් එක්කර මඟින් ආවරණය කර තබා ගන්න. පසුවදා ෂැම්පු ගල්වා සෝදා හරින්න. මෙය කදිම කන්ඩිෂනරයකි. ගිතෙල් මඟින් සම්බාහනය කිරීමෙන් හිස් කබලට හොඳින් රුධිරය සංසරණය වෙයි. හිසකෙස්වලට ඝනව දිගට වැඩීමට උත්තේජනයක් ලැබේ.ගිතෙල් තෙල් මේස හැඳි දෙකකට ඔලිව් හෝ තල තෙල් තේ හැන්දක් එක්කරන්න. මිනිත්තු 15 ක් පමණ රත්කරන්න. ඔබ කැමැති සගන්ධ කාරක තෙලක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. හිස් කබලේ ගල්වා සම්බාහනය කර මිනිත්තු 30 ක් ෂවර් කැප් එකකින් ආවරණය කර තබා සෝදන්න. හිසකේවල නම්‍යශීලීබව වැඩිවෙයි.සමට තොල්වල කළු පැහැය දුරු කිරීමට ගිතෙල් ගල්වා රැයක් තබා පසුවදා සෝදන්න.සම වියළි නම් නෑමට පෙර ගිතෙල් ගල්වන්න. මුහුණේ වියළි බව නැති කිරීමට ගිතෙල්වලට ජලය ස්වල්පයක් එක්කර සම්බාහනය කරන්න. මිනිත්තු 15 කට පසු සෝදන්න.ප්‍රාණවත් පෙනුමක් නැති සමකට ගිතෙල් නැවුම් කිරි සමඟ මිශ්‍රකර මුහුණේ සහ ගෙලේ ගල්වන්න. මිනිත්තු 20 කට පසු සෝදාරින්න.ගිතෙල් සහ මී පැණි තේ හැන්ද බැගින් ගෙන ඊට නැවුම් කිරි එක්කර පල්පයක් සාදා ගන්න.මෙය මුහුණේ හා ගතේ ගල්වන්න. වියළි ස්වභාවය පහවී යයි. සිසිල් කාලයට කදිම අත් බෙහෙතකි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports