ඩුබායි යන අයට සහ එන අයට සුබ පුවතක්! නැවතුණු ගුවන් ගමන් ආයෙත් පටන් ගනී. මෙන්න සම්පූර්ණ විස්තරය

ලෝකයේ කාර්යබහුලම ගුවන්තොටුපළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් සම්බන්ධයෙන් පසුගිය පැය කිහිපයේ ඇතිවුණු නොසන්සුන්කාරී තත්ත්වය දැන් ක්‍රමයෙන් සමනය වෙමින් පවතිනවා.  ආරක්ෂක හේතූන් මත තාවකාලිකව..

ලෝකයේ කාර්යබහුලම ගුවන්තොටුපළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් සම්බන්ධයෙන් පසුගිය පැය කිහිපයේ ඇතිවුණු නොසන්සුන්කාරී තත්ත්වය දැන් ක්‍රමයෙන් සමනය වෙමින් පවතිනවා. 


ආරක්ෂක හේතූන් මත තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් ගමන් කිහිපයක් නැවත ආරම්භ කිරීමට එරෙහි සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.

ගුවන් ගමන් හදිසියේම අත්හිටුවීමට ඩුබායි බලධාරීන් පියවර ගත්තේ මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ගැන සියයට සීයක්ම සහතික වීමටයි. මෙය එක්තරා ආකාරයක “පූර්ව ආරක්ෂිත පියවරක්” (Precautionary measure) ලෙසයි ඔවුන් හඳුන්වා දෙන්නේ.

මේ නිසා ගුවන් ගමන් ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් මැද පීඩාවට පත්වුණු මගීන්ට දැන් යම් සහනයක් ලැබී තිබෙනවා.

සියලුම ගුවන් ගමන් එකවර ආරම්භ නොකරන අතර, තෝරාගත් ගුවන් ගමන් කිහිපයක් ක්‍රමයෙන් (Gradually) නැවත ආරම්භ කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ගුවන්තොටුපළ වෙත පැමිණෙන සහ ඉන් පිටත්ව යන යානා සම්බන්ධයෙන් විශේෂ කාලසටහනක් යටතේ මෙහෙයුම් කටයුතු දැන් සිදුවෙනවා.

ඔබ හෝ ඔබේ හිතවතෙකු මේ දිනවල ඩුබායි හරහා සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටී නම්, ගුවන් සමාගම හරහා නවතම තොරතුරු පරීක්ෂා කර බැලීම වඩාත් සුදුසු බවයි වාර්තා වෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports